කමිල් මිෂාරගෙන් අගනා ශතකයක්

695

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගය ඊයේ (11) දෙවන දිනටත් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්විය. එහි දී පළමු දිනය නිමා වන විට කිසිවකු නොදැවී ලකුණු 20ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ කමිල් මිෂාර ලබා ගත් ලකුණු 105 නිසා දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබා සිටියේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටිමිනි.

රොහාන් සංජය තරගය කණපිට හරවයි

ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගය …

දිනය ආරම්භ වන විට කිසිවකු නොදැවී ලකුණු 20ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ඊයේ උදෑසන තවත් ලකුණු 73ක් එක් කිරීමට ආරම්භක පිතිකරු යුගලය වූ කමිල් සහ තවීශ සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 93/0ක් බවට පත් කරමිනි. නමුත් එම අවස්ථාවේ ඉතාමත් සංයමයෙන් ක්‍රීඩා කරමින් සිටි තවීශගේ මානසික ඒකාග්‍රතාවය බිඳ දැමූ ඕස්ට්‍රේලියානු පා දඟපන්දු යවන ක්‍රීඩකයා වූ තන්වීර් සංගා තවීශව ලකුණු 36කට දවා ගත්තේ ලකුණු 93 දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පළමු කඩුල්ල අහිමි කරමිනි.

නොසිතූ මොහොතක තවීශ නික්ම යාමෙන් අනතුරුව පිටියේ එක්වූ කමිල් සහ සමාස් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නන්ව ඔවුන්ගේ අණසකට යටත් කරගනිමින් පන්දු 163කින් අගනා ලකුණු 84ක සබඳතාවයක් ගොඩනැගුව ද, ෆ්රීමන් විසින් සමාස්ව ලකුණු 43කට දවා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 177/2ක් බවට පත්විය.

Photo Album : Photos: Australia U19 Team Tour to Sri Lanka 2019 | 3 Day Match | Day 2

දිගු සබඳතා දෙකකින් අනතුරුව කමිල්ට එකතු වූ නායක නිපුන් එම අවස්ථාවේ කමිල් සමඟ එක්ව තවත් දිගු සබඳතාවයක් ගොඩනැගීමට උත්සහ කරන අතරතුර කමිල් ඔහුගේ ශතකය වාර්තා කළේ 1984 වසරේ අරවින්ද ලබාගත් ලකුණු 145 සහ මාලන් වොන්හාට් නොදැවී ලබාගත් ලකුණු 121කට පසු ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එරෙහිව  ටෙස්ට් ශතකයක් ලැබූ එකම ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවා ලෙසිනි.

ලකුණු පසුපස හඹායන සන්තුෂ්ගෙන් තවත් ශතකයක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් තැනී තිබෙන වේදිකාවක් වන සිංගර් ….

කමිල් සහ නිපුන් ඒ වන විට තෙවන කඩුල්ල වෙනුවෙන් පවත්වා තිබූ නොබිඳුණු ලකුණු 38ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 215ක් ලබා සිටියේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 54ක් පමණක් පිටුපසින් සිටිමිනි. එලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙම අවස්ථාවේ දී පීඩනය ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එල්ල කරත් එම පීඩනයට පෙරලා පිළිතුරු දුන් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නෝ නිපුන්ව ලකුණු 20කට, කමිල්ව ලකුණු 105කට සහ සොනාල්ව ලකුණු දෙකකට දවා ගත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු ඉනිම එක්වරම 223/5ක් බවට පත්කරමිනි.

ලංකාවට තුන්වැනි ලෝක ශූරතාව දිනා දුන් වීරයා, ගිමඳු මැල්කම් – Powerplay

පසුගිය දා නිමා වූ ශ්‍රවණාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය…

එක්වරම 223/5ක් ලෙස පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ඉන් අනතුරුව ලකුණු 56ක සබඳතාවයක් තැබීමට චමිඳු සහ සඳුන් සමත් වූවද දිනය නිමා වීමට පන්දුවාර 4ක් පමණ තිබිය දී චමිඳු ලකුණු 39කට දැවී යාමෙන් අනතුරුව තවත් කඩුල්ලක් දැවී යාම නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබා සිටියේය.

ඕස්ට්‍රේලියා යොවුන්  කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී  269 (83.2) කොරේ හන්ටර්  71, බැක්ස්ටර් හෝල්ට්  60, ජැරොඩ් ෆ්රීමන් 36 , රොහාන් සංජය 5/94, රුවින් පීරිස් 2/40

ශ්‍රී ලංකා යොවුන්  කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 287 (95) කමිල් මිෂාර 105, මොහොමඩ් සමාස්  43,චමිඳු විජේසිංහ 39, ජැරොඩ් ෆ්රීමන්  3/82, තන්වීර් සංගා 2/61

දෙවන දිනය අවසන් වන විට කඩුලු 3ක් අතැතිව ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (12) උදෑසන හැකි තරම් වේගයෙන් ලකුණු රැස්කර පළමු ඉනිමේ වැඩි ඉදිරියක් ලබාගතහොත් තරගයේ වාසිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලැබෙනු ඇත. එමනිසාම අද දිනයේ තොරතුරු දැන ගැනීමටත් රැඳී සිටින්න ThePapare.com සමඟම  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<