චීනයේ ජියැන්හුවා හිදී පැවති ආසියානු ගෝන් ප්රී තරගාවලියේ පළමු අදියර නිමාව දකින විට රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් විය. අදියර තුනකින් යුත් ගෝන් ප්රී තරගාවලියේ පළමු අදියර ලෙස ධාවන තරග පැවැත්විණි.
නව වාර්තා 5ක් සමඟින් තෙවැනි දිනය නිමා වෙයි
ශ්රී ලංකා මලල ක්රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ මලල ක්රීඩා ශූරතාවයේ තෙවැනි දිනය..


මීටර 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් ශ්රී ලංකාවට මහත් බලාපොරොත්තුවක් පැවතියේ නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න විසින් එහි ශ්රී ලංකා වාර්තාව පසුගිය මාසය ඇතුලත වරින්වර තමන් සතුකරගෙන තිබූ බැවිනි. විනාඩි 2 තත්පර 3.78කින් තරගය නිමා කළ වත්මන් ශ්රී ලංකා ශූරිය, ගයන්තිකා විසින් එහි ලෝකඩ පදක්කම හිමි කර ගන්නා ලදි. නිමාලිට හිමිවූයේ 5වැනි ස්ථානයයි.
ශ්රී ලංකාව වෙනුවෙන් තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්රීඩක ක්රීඩිකාවන් පදක්කම් ලබා ගැනීමට අපොහොසත් වූ අතර තරගාවලියට එක් දිනකට පෙර චීනය වෙත ළඟා වීමෙන් ඔවුන්ට ගමන් වෙහෙස නිවා ගැනීමට හෝ කාලයක් නොතිබී ඇත. කෙසේ නමුත් දෙවන අදියර මීටත් වඩා සාර්ථක වනු ඇතැයි ThePapare.com අපගේ බලාපොරොත්තුවයි.
තරගාවලියේ පළමු අදියර නිමා වන විට පදක්කම් සටහන දිස්වූයේ මෙසේයි.
| Rank | NOC | GOLD | SILVER | BRONZE | TOTAL |
| 1 | CHN | 4 | 5 | 5 | 14 |
| 2 | KAZ | 2 | 2 | 1 | 5 |
| 3 | VIE | 2 | 2 | – | 4 |
| 4 | KUW | 2 | – | 2 | 4 |
| 5 | IND | 1 | 4 | 2 | 7 |
| 6 | SRI | 1 | 1 | 1 | 3 |
| 7 | IRI | 1 | 1 | – | 2 |
| 8 | TPE | 1 | – | 4 | 5 |
| 9 | INA | 1 | – | – | 1 |
| 10 | UZB | 1 | – | – | 1 |
| 11 | KOR | 1 | – | – | 1 |
| 12 | SYR | 1 | – | – | 1 |
| 13 | THA | – | 2 | 2 | 4 |
| 14 | HKG | 1 | 1 | 2 | |
| Rank | NOC | GOLD | SILVER | BRONZE | TOTAL |
තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට























