මැතිව් ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසය අලුත් කරයි

442

ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලක පිහිනුම් අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා ගන්නට මැතිව් අබේසිංහ සමත් වුනා.

ඒ අද උදෑසන පැවති පිරිමි මීටර් 100 නිදහස් ආර තරගයේ මූලික වටයේ තරගවල දී තත්පර 49.48ක දක්ෂතාවක් සනිටුහන් කරමිනි.

දැල්වූ බලාපොරොත්තු එසැණින් සුන් වූ සිව්වැනි දිනය

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන සිව්වැනි දිනය අදයි …

මූලික වටයේ 5 වන තරගයට සහභාගී වූ ඔහු තෙවැන්නා ලෙස තරගය අවසන් කරන ලදි.

ඔහුගේ එම දක්ෂතාව සමස්ත කාල ගණනයේ සටහන් වුනේ 4 වන හොඳම කාලය ලෙසයි.

මූලික වටයේ හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා ලෙස තත්පර 49.30කින් තරගය අවසන් කළ ජෝර්දානයේ කදීර් බුක්ලාගේ නම සටහන් විය.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මාසයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී මැතිව් අබේසිංහ පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් ජාතික වාර්තාවක් බිහි කරන්නට සමත් වුනේ තත්පර 49.11ක කාලයක් වාර්තා කරමිනි.

මේ අනුව ශ්‍රී ලංකාවට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම පිළිබඳ යම් කිසි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි වනු ඇති.

මැතිව් අබේසිංහ සහභාගී වන පිරිමි මීටර් 100 නිදහස් ආර අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 4.51ට ආරම්භ වීමට නියමිතයි. එහි උණුසුම තතුවිත්ති සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<