වයඹ සුලෝහිත සංග්‍රාමය අද පන්නල දී

954
Pannala National school v Chilaw Ananda college

වයඹ පළාතේ පැරණිතම පාසල් දෙකක් වන පන්නල ජාතික පාසල සහ හලාවත ආනන්ද විද්‍යාලය අතර ප්‍රථම වරට පවත්වනු ලබන සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගය “වයඹ සුලෝහිත සංග්‍රාමය” නමින් අද (4) පන්නල ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

නැගී එන ක්‍රීඩකයින්ගේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

පිත්තත් පන්දුවත් එකලෙස හුරු ප්‍රතිභාපුර්ණ ක්‍රීඩක සංචිතයකින් සැදුම් ලත් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම…

පන්නල ජාතික පාසල වයඹ පළාතේ විශාලතම ජාතික පාසලක් වන අතර වසර 147 ඉතිහාසයක් ඇති පැරණිතම පාසලකි. මෙහි වර්තමානයේ සිසුන් 4500ක් පමණ ඉගෙනුම ලබයි. වර්තමානයේ පාසලේ නියමුවා වනුයේ බි. එම්. එස්. යූ. බී. බන්නැහැක මහතාය. ඔහුගේ උපදෙස් මත පන්නල ජාතික පාසල් ආදී ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට මෙම තරගය සංවිධානය කරනු ලබයි. පාසලේ ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්යවරයා වනුයේ ශිරාන් පතිරණ මහතාය. පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජාලිය මදුශංක මහතාය. මහා ක්‍රිකට් තරගයට සහභාගී වන පන්නල ජාතික පාසල් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ නෙරුන් කල්පජිත්ටය. උපනායකයා සිතුම් අකලංක.

හලවත ආනන්ද විද්‍යාලය වසර 118 ඉතිහාසයකට හිමිකම් කියන වයඹ පළාතේ තවත් පැරණිතම පාසලකි. ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිධුරය දරන්නේ ජේ. ඒ. ඩි. වික්‍රම මහතාය. අයි. එන්. වික්‍රමරත්න මහතා ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්යවරයාය. පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රොහාන් පිරිස් මහතාය. අශාන් ඉදුනිල් බණ්ඩාරට මෙවර නායකත්වය හිමිව තිබෙන අතර, උපනායකත්වය හිමිව ඇත්තේ නිශාඩ් බණ්ඩාරට ය.

සුලෝහිත සංග්‍රාමයට සහභාගි වන පන්නල ජාතික පාසල් සංචිතය:

නෙරුන් කල්පජිත් (නායක), සිතුම් අකලංක (උපනායක), ශාමික රුක්ෂාන්, දුෂාන් තරිඳු, දිනුක ලක්ෂාන්, පුලස්ති කුෂාන්, දිල්ශාන් සුපුන්, හෂාන් මදුශංක, මයුරු දසන්ත, ඉසුරු සම්පත්, ලක්ෂාන් මදුසංක, ඉෂාන් එරන්දික, තරිඳු මදුශාන්

සුලෝහිත සංග්‍රාමයට සහභාගි වන හලාවත ආනන්ද විද්‍යාලයීය සංචිතය:

අශාන් ඉඳුරු බණ්ඩාර (නායක), නිශාඩ් බණ්ඩාර (උපනායක), යසිරු ලක්නාත්, නිශ්චලංක ප්‍රදීප්, සත්රුවන් පියුමන්ත, ඉෂාර මදුශාන්, පසිඳු දේශාන්, පමුදු අසින්ත, නවිඳු මදුසංග, සශික සඳසර, ෂෙහාන් මිහිඳු, සිතුම් සුලෝචන, හේෂාන් චමුදිත, චාමික හසරංග, චමෝද් ලක්ෂාන්

වයඹ සුලෝහිත සංග්‍රාමයට හදවතින්ම සුපැතුම් එක් කරන Thepapare.com අපි අද (4) පන්නල ජාතික

පාසලේ සිට තරගයේ උණුසුම ඔබ වෙත රැගෙන ඒමට සුදානම්.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට