Emirates ආසියානු සත් සාමාජික රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියර ගෙවුණු සති අන්තයේ දී කොළඹ තුරග තරග පිටියේ දී සාර්ථකව ක්‍රියාත්මක වුනා.
මෙහි පළමු තරග අදියර චීනයේ දී පැවැත්වුණු අතර, එහි දී ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත් වුනා. මෙවර සත්කාරක දේශයේ වාසිය ද සමඟ ශ්‍රී ලංකාව වඩාත් හොඳ තරග රටාවකට අවතීර්ණ වූ නමුත්, අවාසනාවන්ත තියුණු පරාජයකට මුහුණ දීම නිසා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වුනා. කෙසේ වෙතත් ගිය වර චීනය හමුවේ පරාජය වීම නිසා සිව්වැනි ස්ථානයේ නතර වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙවර දෙවරක් ම චීනය පරාජය කරමින් තෙවැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.
මෙවර ලීගයේ මූලික වටයේ තරග පසුගිය සෙනසුරාදා දිනයේ දී ආරම්භ වුනා. පිරිමි අංශයේ දී ශ්‍රී ලංකාව C කාණ්ඩය යටතේ තරග වැදුණු අතර, මූලික වටයේ දී ඔවුන් උස්බෙකිස්තානය, සිංගප්පූරුව සහ චීනය සමඟ තරග වැදුණා.
එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ දී හොංකොං චීන, තායිලන්ත සහ සිංගප්පූරු කණ්ඩායම් සමඟ තරග බිමට පිවිසුණා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කළ තරග ත්‍රිත්වය ම පරාජයට පත් වුනා.
- තායිලන්තය 43 – ශ්‍රී ලංකාව 0
- හොංකොං චීන 31 – ශ්‍රී ලංකාව 0
- සිංගප්පූරුව 22 – ශ්‍රී ලංකාව 10
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම විසින් කාන්තා කණ්ඩායමට වඩා හාත්පසින් ම වෙනස් ක්‍රීඩා විලාශයක් සමඟ මූලික වටයේ සියලු තරග ජය ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය
පසුගිය සෙනසුරාදා දිනයේ දී පැවැත්වුණු මෙම තරගයේ මුලින් ම ලකුණු රැස් කිරීමට උස්බෙකිස්තානය සමත් වුනා. කෙසේ වෙතත් ඉන් මොහොතකට පසු ශ්‍රී ලංකාව ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට හැරවීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ ශ්‍රී ලංකාව ඉතා පහසු ජයක් කරා ළඟා වීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාව 26 – උස්බෙකිස්තානය 14
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව
මෙම තරගයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 12-05ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වුනා. තරගයේ දෙවැනි අර්ධය තුළ ශ්‍රී ලංකාව තවත් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාව 22 – සිංගප්පූරුව 05
ශ්‍රී ලංකාව සහ චීනය
මෙම තරගය ඊයේ (ඉරිදා) දිනයේ දී පැවැත්වුණු අතර, පෙර ලීග් අදියරේ දී චීනය හමුවේ පරාජය වැලඳ ගත් ශ්‍රී ලංකාව මෙවර එවන් අතපසුවීමක් සිදු නොකිරීමට වග බලා ගත්තා. තරගය පුරාවට චීනයට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 07ක් පමණයි.
ශ්‍රී ලංකාව 34 – චීනය 07
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
ලීගයේ මූලික වටය ඒ අයුරින් අවසන් වන විට C කාණ්ඩයේ පළමු ස්ථානය ලබා ගැනීමට අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී ඔවුන්ට ජපානය මුණ ගැසුණා.
ශ්‍රී ලංකාව සහ ජපානය
මෙම තරගයේ ආරම්භයේ පටන් ම පෙරමුණේ රැඳීමට ශ්‍රී ලංකාව සමත් වුනා. වරක ලකුණු 12-05ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වූ නමුත්, අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ ජපන් ක්‍රීඩකයින් තරගයේ ලකුණු තත්වය 12-15ක් ලෙස වෙනස් කිරීමට සමත් වුනා. මේ අනුව ශ්‍රී ලංකාවට මෙවරත් අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වුනා.
- ශ්‍රී ලංකාව 12 – 15 ජපානය
ශ්‍රී ලංකාව සහ චීනය
ඒ අනුව මෙවර ලීග අදියරේ තෙවන ස්ථානය වෙනුවෙන් සටන සඳහා ශ්‍රී ලංකාව සහ චීනය නැවතත් එකිනෙකා මුණ ගැසුණා. පෙර හමුවීමේ දී මෙන්ම මෙවරත් චීනයට නැගී සිටීමට ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 19-14ක් ලෙස තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාව 19 – චීනය 12
කාන්තා අවසන් තරගය:
මෙම තරගයෙන් ජපානය ජය ලබා ගත් අතර, මෙවර ලීගය තුළ ජපානය එකදු ලකුණක් හෝ ප්‍රතිවාදීන්ට ලබා නොදීමත් විශේෂත්වයක්.
- ජපානය 29 – චීනය 00
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ ලීගයේ 09 වැනි ස්ථානය වෙනුවෙන් පැවති සටනේ දී මැලේසියාව හමුවේ 24-19ක් ලෙස පරාජයට පත් වුනා. කෙසේ වෙතත් 11වැනි ස්ථානය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරගයේ දී ඉන්දුනීසියාවට එරෙහිව 38-10ක් ලෙස ජය ලබමින් මෙවර ලීගයේ පළමු ජය හිමි කර ගැනීමට සමත් වුනා.
පිරිමි අවසන් තරගය:
ඉතා තියුණු සටනක් ක්‍රියාත්මක වූ මෙම තරගයෙන් ජපානයට එරෙහිව ජය ලබමින් සමස්ත ලීග් ශූරතාව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට හොංකො චීන කණ්ඩායම මෙහි දී සමත් වුනා.
- හොංකො චීන 12 – ජපානය 07
ලීග් තරගාවලි දෙක අවසානයේ ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ පසු වන අතර, හොංකො චීන කණ්ඩායම පළමු ස්ථානයත්, ජපානය දෙවැනි ස්ථානයත් හිමි කර ගෙන සිටිනවා.
ජාත්‍යන්තර රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<






















