2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මූලික වටයේ තෙවැනි සහ අවසන් තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (18) සමත් වුනා.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු මෙම තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්තානයට අත්‍යාවශ්‍ය වී තිබූ අතර, ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය බංග්ලාදේශයට අත්‍යාවශ්‍ය වී තිබුණා.
මේ හේතුවෙන් තරගයට ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමි වූ අතර, තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය සතු වුනා. ඔවුන්ගේ තීරණය අනුව ශ්‍රී ලංකාව පන්දු යැවීමට පිටියට පිවිසුණු නමුත්, ඔවුන්ට පහසුවෙන් ලකුණු කරා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. මෙහි දී ඇෆ්ගන් කඩුලු 3ක් ලකුණු 40ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එතැනින් ද නොනැවතුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගන් ඉනිමේ හය වැනි කඩුල්ල ලකුණු 79ක් වන විටත්, 07 වැනි කඩුල්ල ලකුණු 114ක් වන විටත් දවා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ඉනිමේ 08 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක් එක් කිරීමට Noor Ahmad සහ Mohammad Nabi සමත් වුනා. මෙහි දී Nabiගේ පිත්තෙන් පන්දු 22ක් තුළ ලකුණු 60ක් වාර්තා වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ නුවන් තුශාර ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත් අතර, දුශ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා. මේත් සමඟම ඇෆ්ගන් ක්‍රීඩකයින් කඩුලු 08ක් දැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය අතර හමුවක්
- ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරයට දින නියම වෙයි
- කොළඹ දකුණ අපරාජිත ව ශූරයන් වෙයි
ඇෆ්ගන් කණ්ඩායමෙන් ලද ඉලක්කය තරමක් අසීරු එකක් බව බැලූ බැල්මට ම පෙනෙන්නට තිබූ අතර, එම ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ආරම්භය ද අසාර්ථක වුනා. තරගාවලියේ ශ්‍රී ලංකාවෙ සාර්ථකම පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 06ක් ලබමින් සහ කමිල් මිශාර ලකුණු 04ක් ලබමින් පිටියෙන් ඉවත් වීම නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 47කට කඩුලු දෙකක් ලෙස සටහන් වූ අතර, කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යුගලය පිටියේ එක් වුනා. ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කළ අතර, මෙහි දී පෙරේරා විසින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඉන් පසුව පිටියට පිවිසි නායක චරිත් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා. චරිත්ගේ දැවී යාමෙන් පසුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් කුසල් සහ කමිඳු මෙන්ඩිස් පිටියේ එක් වු අතර, ඔවුන් දෙදෙනා ඉතාමත් ඉක්මන් ලකුණු 52ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී කමිඳු හයේ පහර 2ක් සමඟ පන්දු 13කින් ලකුණු 26ක් ලබා ගන්නා අතරේ, ඉනිම ආරම්භයේ සිට නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් වටිනා ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 52කින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනා. මෙම ඉනිමට හතරේ පහර 10ක් අන්තර්ගත වුනා.
මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 18 පන්දු 4ක් තුළ අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් හට හිමි වුනා.
මේත් සමඟම ශ්‍රී ලංකාව B කාණ්ඩයේ පළමු ස්ථානය ලබමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙම ජයත් සමඟ බංග්ලාදේශයට ද සුපිරි හතර වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබුණා.
ශ්‍රී ලංකාව සුපිරි හතර වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිත තරග:
- බංග්ලාදේශය සමඟ හෙට (20)
- පාකිස්තානය සමඟ අඟහරුවාදා (23)
- ඉන්දියාව සමඟ සිකුරාදා (26)
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
ESPN Cricinfo ඇසුරිනි.
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Rahmanullah Gurbaz | c Kusal Perera b Nuwan Thushara | 14 | 8 | 2 | 0 | 175.00 |
| Sediqullah Atal | b Nuwan Thushara | 18 | 14 | 2 | 1 | 128.57 |
| Karim Janat | b Nuwan Thushara | 1 | 3 | 0 | 0 | 33.33 |
| Ibrahim Zadran | c Dushmantha Chameera b Dunith Wellalage | 24 | 27 | 0 | 1 | 88.89 |
| Darwish Rasooli | c Kusal Perera b Dushmantha Chameera | 9 | 15 | 0 | 0 | 60.00 |
| Azmatullah Omarzai | b Dasun Shanaka | 6 | 4 | 1 | 0 | 150.00 |
| Mohammad Nabi | not out | 60 | 22 | 3 | 6 | 272.73 |
| Rashid Khan | b Nuwan Thushara | 24 | 23 | 2 | 1 | 104.35 |
| Noor Ahmad | not out | 6 | 4 | 0 | 0 | 150.00 |
| Extras | 7 (b 0 , lb 5 , nb 1, w 1, pen 0) |
| Total | 169/7 (20 Overs, RR: 8.45) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Nuwan Thushara | 4 | 0 | 18 | 4 | 4.50 | |
| Dushmantha Chameera | 4 | 0 | 50 | 1 | 12.50 | |
| Dunith Wellalage | 4 | 0 | 49 | 1 | 12.25 | |
| Dasun Shanaka | 4 | 0 | 29 | 1 | 7.25 | |
| Wanindu Hasaranga | 4 | 0 | 18 | 0 | 4.50 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Pathum Nissanka | c Mujeeb ur Rahman b Azmatullah Omarzai | 6 | 5 | 1 | 0 | 120.00 |
| Kusal Mendis | not out | 74 | 52 | 10 | 0 | 142.31 |
| Kamil Mishara | c Ibrahim Zadran b Mohammad Nabi | 4 | 10 | 0 | 0 | 40.00 |
| Kusal Perera | c Rahmanullah Gurbaz b Mujeeb ur Rahman | 28 | 20 | 3 | 0 | 140.00 |
| Charith Asalanka | c Rashid Khan b Noor Ahmad | 17 | 12 | 2 | 0 | 141.67 |
| Kamindu Mendis | not out | 26 | 13 | 0 | 2 | 200.00 |
| Extras | 16 (b 0 , lb 1 , nb 0, w 15, pen 0) |
| Total | 171/4 (18.4 Overs, RR: 9.16) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Fazal Haq Farooqi | 3 | 0 | 38 | 0 | 12.67 | |
| Mujeeb ur Rahman | 3.4 | 0 | 42 | 1 | 12.35 | |
| Azmatullah Omarzai | 2 | 0 | 10 | 1 | 5.00 | |
| Mohammad Nabi | 3 | 0 | 20 | 1 | 6.67 | |
| Rashid Khan | 4 | 0 | 23 | 0 | 5.75 | |
| Noor Ahmad | 3 | 0 | 37 | 1 | 12.33 | |
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















