පාපන්දු ලොකු පුටුවක් ශ්‍රී ලංකාවට

129

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට ඒකාබද්ධ ආසියානු පාපන්දු කමිටුවේ විධායක මණ්ඩලයේ සාමාජිකත්වය හිමිවී තිබේ. පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර පැවති රැස්වීමකදී අනුර මහතාද ඇතුළු තිදෙනෙකුට එහි සාමාජිකත්වය හිමිවී ඇත.

ජාතික පාපන්දු කණ්ඩායමේ උපනායකයාට ඇබැද්දියක්

2022 ලෝක පාපන්දු කුසලානය හා 2023 AFC ආසියානු කුසලාන පාපන්දු කුසලානය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ පළමු…

ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සාමාජිකයන් විසින් ආසියාවේ කලාප තුනක් නියෝජනය කරන එම තිදෙනාට අනුමැතිය ලබාදී තිබේ.

පැරීසියේදී පැවති එම රැස්වීමේදී Kyrgyz රාජ්‍යයේ Kanatbek Mamatov මහතා මධ්‍යම ආසියාව නියෝජනය කරමින්ද, ශ්‍රී ලංකාවේ අනුර ද සිල්වා මහතා දකුණු ආසියානු පාපන්දු සම්මේලනය නියෝජනය කරමින්ද, තායිලන්තයේ Pol. Gen. Somyot Poompanmoung මහතා ASEAN පාපන්දු සම්මේලනය නියෝජනය කරමින්ද එම විධායක මණ්ඩලයට ඇතුළත් කර ඇත.

බටහිර ආසියාව සහ නැගෙනහිර ආසියාව නියෝජනය කරමින් ආසියානු පාපන්දු සම්මේලනයට තෝරාගන්නා නියෝජිතයන් ඉදිරියේදී නම් කරන බව ආසියානු පාපන්දු සම්මේලනය පවසා සිටි. මෙලෙස තෝරාගන්නා නියෝජිතයන් 2019 සිට 2020 වසරේ ආසියානු පාපන්දු සම්මේලනයේ පොදු මහා සභා රැස්වීම තෙක් එම ධූර වල කටයුතු කිරීමට නියමිතය.

මෙම පත්කිරීම් සම්බන්ධයෙන් ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති වන ශෙයික් සල්මන් බින් ඊබ්‍රාහිම් අල් කලීෆා මහතා මෙසේ අදහස් දැක්වීය.

“ආසියානු පාපන්දු සම්මේලනය එහි සාමාජිකයන්ගෙන් තමයි ශක්තිමත් වෙන්නේ. අපි ඒ ශක්තිය වැඩි කරගන්න ඕනේ. සම්මේලනය සමඟින් වඩාත් සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා අපි අද විශාල පියවරක් ගත්තා.”

“අපි මේ තිදෙනාව අපේ විධායක කමිටුවට එකතු කරගන්න තීරණය කළා. මේක ආසියානු පාපන්දු සම්මේලනය හා එහි සාමාජිකයන් අතර සම්බන්ධතාවය වඩාත් වර්ධනය කරාවි.”

නේමාර්ට තවත් අකරතැබ්බයක්

බ්‍රසීලයේ හා PARIS SAINT GERMAIN කණ්ඩායම් වල ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන නේමාර් ද සිල්වාට තවත් අකරතැබ්බයකට…

ආසියානු පාපන්දු සම්මේලනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 01ක් එම සම්මේලනයේ විධායක කමිටුව වෙත වෙන්කර ඇත්තේ එම කලාප වල පාලක ආයතන සඳහාය. දකුණු ආසියානු පාපන්දු සම්මේලනය කමිටු සමාජිකයන් 7 දෙනෙකු ගෙන් යුතු අතර ඒ අනුව එක් සාමාජික ආයතනයක් සඳහා ඇමරිකානු ඩොලර් 142,857.143 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 25,714,286.00 ක් වෙන් වෙනු ඇත.

ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව ආරක්ෂක බළකායක් ආරම්භ කිරීම සඳහා ද අවසර ලබාදී ඇත. එම බළකාය මඟින් එම ප්‍රදේශයේ කමිටු පිහිටුවීමට අවශ්‍ය වාර්තා සැපයීමට නියමිතය. එම කමිටුවට ආසියානු පාපන්දු සම්මේලනයේ පාලක හා පාපන්දු සමාජ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බළකායට වඩා බලතල මෙම නව බළකායට හිමිවනු ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<