මහේල නවසීලන්ත රග්බි කණ්ඩායමේ රසිකයෙක්

395
All blacks big fan Mahela

වර්තමානයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නම් දරා සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන, නවසීලන්ත All Blacks රග්බි කණ්ඩායමේ රසිකයෙකු බව ඔබ දැන සිටියා ද?

නවසීලන්ත රග්බි කණ්ඩායමට ඔහුගේ තිබෙන ඇල්ම සහ රග්බි ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල ශීඝ්‍රයෙන් නැගී එන ක්‍රීඩාවක් ලෙස ඔහු සිතනා බව ප්‍රත්‍යක්ෂ කරන හොඳම මූලාශ්‍රය ඔහුගේ Twitter ගිණුමයි.

ඇලෝසියස් – රිච්මන්ඩ් රග්බි සටන සැප්තැම්බරයේ

පාසල් රග්බි තරග කාලසටහන මේ සැප්තැම්බර් මාසයටත් කාර්යය බහුල කරමින්, දකුණු පළාතේ ප්‍රසිද්ධ පාසල්..

මහේල ජයවර්ධන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නවසීලන්ත රග්බි කණ්ඩායම ගැන පැහැදීමෙන් අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ ඔහුගේ මෙම ඇල්ම ගැන වැඩිදුරටත් විස්තර සෙවීම් ආරම්භ විය.

පසුගිය 2007 වසරේ පැවති අවසන් පූර්ව තරගයේ දී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඔහු ලබා ගත් විශිෂ්ට ශතකයෙන් පසුව ඔහු සමඟ Skype තාක්ෂණය හරහා මාධ්‍යවේදියෙකු සම්බන්ධ වී, නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඔහු ලබා ගත් ශතකය පිළිබඳ අදහස් විමසීමේ දී, ඔවුන්ගේ කතා බහේ වැඩි ඉඩක් වෙන් වී තිබුණේ ද නවසීලන්ත රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකාව තුළ ක්‍රම ක්‍රමයෙන් ස්ථාපිත වන රගර් ක්‍රීඩාව පිළිබඳව ය. එම සාකච්ඡාව පහත පරිදි විය.

ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවට තිබෙන පිළිගැනීම හා රග්බි ක්‍රීඩාවට ඇති අනුගාමීත්වය කොහොම ද?

ශ්‍රී ලංකාව විශාල වශයෙන් රග්බි ක්‍රීඩාවේ නියැලී සිටින රටක් බව දැන ගන්නට ලැබීම ඇත්තටම සමහර විදෙස් ජාතීන්ට පුදුමයට කරුණක් වෙන්නත් පුළුවන්. නමුත් සත්‍යය නම් එයයි. ලංකාව තුල පාසල් රගර් ක්‍රීඩාවට අනුගාමිකයන් දහස් සංඛ්‍යාවක් ඉන්නවා. මමත් පාසල් ගියේ, හැදුණේ වැඩුණේ රගර් ක්‍රීඩාවේ යෙදෙන පාසල් පසුබිමකයි. ඒ නිසා මට ඒ ගැන හොඳ පැහැදීමක් තියනවා. ඒ වගේම අපේ රග්බි  ක්‍රීඩා සමාජවල ෆීජි දූපත්, සැමෝවා මෙන්ම එංගලන්තය යන රටවල්වල ක්‍රීඩකයන් ද ක්‍රීඩා කිරීමෙන් ලංකාව තුළ රගර් ක්‍රීඩාව ඉහළ තලයක පවතින බව පැහැදිලි වෙනවා.

ඔබ All Blacks කණ්ඩායමේ රසිකයෙක් වුනේ කොහොමද?

මම නවසීලන්ත රග්බි කණ්ඩායමට සහයෝගය පල කරන්නෙ ජෝනා ලෝමු, ග්ලේන් ඔස්බෝර්න්, ක්‍රිස්ටියන් කුලන් වගේම ජෙෆ් විල්සන් වැනි ක්‍රීඩකයන් All Blacks කණ්ඩායම නියෝජනය කරන කාලේ ඉඳන්.

ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයන් රග්බි ක්‍රීඩාවට උනන්දුවක් දක්වනවා. පසුගිය වසන්ත කාලයේ ඕස්ට්‍රේලියාවේ දී අපි ක්‍රීඩා කරද්දී  සුපිරි රග්බි තරගාවලියේ කෲස්ඩර්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙකක්ම නරඹන්නත් මම ගියා. සුපිරි රග්බි තරගාවලියේ දී මම සහය දැක්වුවේ කෲස්ඩර්ස් කණ්ඩායමටයි.

ඒ කියන්නෙ ඔබේ රටේ මිනිස්සු, වසන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරලා සීත කාලයේ දී රග්බි ක්‍රීඩා කරනවා කියන එක ද?

අපිට තියෙන්නේ වසර පුරාම උණුසුම් කාලගුණයක්. සීත කාලයක් අපේ රටට නෑ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට අවුරුද්දෙ වර්ෂා කාලයට තමා රග්බි ක්‍රීඩාවේ නියැලෙන්නෙ. ඒ කාලයේ දී ආරම්භ වෙන රග්බි වසන්තය මාස හතරකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙනවා. අපේ රග්බි ක්‍රීඩකයන් ඇත්තටම ගොඩක් දක්ෂයි, ඒ වගේම තරගකාරී. විශේෂයෙන්ම අපි තරග කරන සත් සාමාජික රග්බි තරගවල දී. තවමත් පහළොස් දෙනෙකු ක්‍රීඩා කරන තරගවල විශිෂ්ට දස්කම් අපේ ක්‍රීඩකයන්ගෙන් දැක ගැනීමට නැති වුනත්, ක්‍රීඩකයින්ගේ දස්කම් ශීඝ්‍රයෙන් වර්ධනය වන ලකුණු පෙන්නුම් කරනවා කිව්වොත් මම නිවැරදි.

අපිට අහන්න ලැබිල තියනවා හකා (haka) වැනි නර්තනයත් සමහර ශ්‍රී ලංකා කණ්ඩායම් කරනවා කියල?

ඔව් ඇත්තටම. අපේ රටේ ඉන්නවා නවසීලන්ත පුහුණුකරුවන්. ඉතින් ඔවුන් ඔවුන්ගේ කණ්ඩායම්වලට හකා නර්තනය වගේම All Blacks කණ්ඩායම සතුව ඇති ගුණාංගත් කියල දෙනවා.

ඔබ හිතනවා ද ශ්‍රී ලංකාවේ රග්බි කණ්ඩායම්වලට අන්තර්ජාතික මට්ටමේ තරගවලට සහභාගී වෙන්නට හැකියාවක් ලැබෙයි කියල?

මම හිතනවා අපේ රග්බි ක්‍රීඩකයෝ ස්ථාවර ප්‍රගතියක් ලබලා තියනවා කියලා. ක්‍රීඩකයන් පහළොස් දෙනෙකුගේ සහභාගිත්වයක් ඇති අන්තර්ජාතික මට්ටමේ තරග සඳහා අපිට ඇති ලොකුම බාධාව තමයි අපේ ක්‍රීඩකයෝ ශරීර ප්‍රමාණවලින් කුඩා වීමයි.

නමුත් අපේ ක්‍රීඩකයින්ට දක්ෂතාවය හා වේගය නොඅඩුව තියනවා. ඒත් ඉදිරිපෙළේ ශක්තියේ හා ක්‍රීඩකයින්ගේ ප්‍රමාණයේ පොඩි අඩුවක් තියනවා. නමුත් නැගී එන කුසලතා සමඟින් තවත් අවුරුදු කිහිපයකින් අපිට ලොව ප්‍රබලම රග්බි කණ්ඩායම් 20 අතරට එන්න පුළුවන් වෙයි වගේම බලාපොරොත්තු සහගත ලෙස රග්බි ලෝක කුසලානයක් සඳහා සුදුසුකම් ලබා ගන්නත් පුළුවන් වෙයි කියල හිතනවා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<