ඇෆ්ගනිස්තාන ශතක තරගය කඳුලින් සැමරේ

1093

අයර්ලන්ත ක්‍රීඩක ටීම් මුර්ටාග්ගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ ඇෆ්ගනිස්තානය තමන් මුහුණ දුන් ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ ශතක තරගය කඳුලින් අවසන් කළා. අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (29) බෙල්ෆාස්ට් හිදි පැවති දෙවැනි එක්දින තරගයේ දී අයර්ලන්තය කඩුලු 3කින් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් එක්දින ක්‍රිකට් තරගාවලිය ද 1-1ක් සේ සම කිරීමට සමත් වුනා.

ඇෆ්ගනිස්තානුවෝ පළමු දඩයම සාර්ථක කර ගනී

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තාන අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් …

ඊයේ තරගයේ දී ඇෆ්ගනිස්තානුවන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ අයර්ලන්ත කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යැවූ ටිම් මුර්ටාග්. ඔහු ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත්තා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම ද වුනා.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 182ක් ලබා ගත් අතර අයර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තා. ඒ තමන්ගේ ඉනිමේ 43 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට මුහුණ දීමට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකට. ඔවුන්ගේ ආරම්භක කඩුලු 4 ලකුණු 16ක් තුළ දැවී ගියා. ඒ වෙද්දී ක්‍රියාත්මක වෙමින් තිබුණේ තරගයේ 9 වැනි පන්දු වාරයයි.

එම අවස්ථාවේ එතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් අසීරු ගමනක යෙදුණ රාහ්මට් ෂා ට එක්වූ නායක අස්ගර් අෆ්ගාන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවක් එක් කළා. එම කඩුල්ලේ සබඳතාව අවසන් වූයේ රාහ්මට් ෂා ලකුණු 32කට දැවී යෑමත් සමඟයි. ඔහුගේ ඉනිම පන්දු 69කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 2ක්  ඇතුලත් වුනා.

කුසල් ජනිත් හා ශානකගෙන් හයේ හතරේ සැණකෙළියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ තවත් …

නායක අස්ගර් රැස් කළ ලකුණු ප්‍රමාණය පන්දු 82ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 39ක්. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නජිබුල්ලා සඩ්රාන්. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. ඉනිම අවසන් වන විට අෆ්ටාබ් අලාම් (16) සහ මුජීබුල් රහමන් (12) නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ජයග්‍රහණය සඳහා ලකුණු 183ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයෝ එම ඉලක්කය පන්දු 37ක් ඉතිරිව තිබිය දී ලබා ගත්තේ තවත් කඩුලු 3ක් අතැතිව තිබිය දී. එම ඉනිමේ දී වැදගත් කාර්ය භාරයක් ඉෂ්ට කළේ ඇන්ඩෘ බල්බ්‍රින්. 27 හැවිරිදි දකුණතින් පන්දුවට පහර දෙන ඇන්ඩෘ අද ලබා ගත්තේ තමන්ගේ  6 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි. ඔහුගේ ඉනිම පන්දු 92ක් පුරා විහිඳුන අතර ඊට හතරේ පහර 5ක් ඇතුලත් කිරීමට ඔහු සමත් වුනා.

පළමු කඩුල්ල පළමු ඉනිමේ දී කිසිදු ලකුණක් ලබා නොලබමින් අහිමි වූ පසු පිටියට එක් වූ ඇන්ඩෘ අනෙක් ආරම්භක පිතිකරු පෝල් ස්ට්‍රීන්ග් සමඟ එක්වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 69ක් ලබා ගත්තා. පෝල් ලබාගත් ලකුණු ප්‍රමාණය 39ක්. ඊට පන්දු 50ක් වැය වූ අතර හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුලත් වුනා.

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරුව ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩක සිමි සිං අයර්ලන්ත ජයග්‍රහණය වෙනුවෙන් කැප වුනා. ඔහු තරගය ජයග්‍රහණය කරා රැගෙන යද්දී පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගත්තා.

කසුන් රාජිත දඹුලු ඉනිම විනාශ කරයි

ධනුෂ්ක ගුණතිලක නැවත ලකුණු අතරට පිවිසෙමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයට …

කඩුලු ලබා ගැනීමේ දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩි දක්ෂතා දැක්වූයේ රෂීඩ් කාන්. ඔහු ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතරව ඊයේ තම සියවැනි තරගයට සහභාගී වූ 33 හැවිරිදි මොහොමඩ් නබී ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්තා. ඔහු ඊයේ දවසේ දී වඩාත් කතා බහට ලක් වූයේ තම රට සහභාගී වූ පළමු තරග 100ම නියෝජනය කිරීමට ලත් වාසනාව ගැනයි.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින තරගය මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානය;  කඩුලු 9ක් දැවී 182 (50.0): රාහ්මට් ෂා 32, අස්ගර් අෆ්ගාන් 39, නජිබුල්ලා සඩ්රාන් 42, ටිම් මුර්ටාග් 4/30

අයර්ලන්තය; කඩුලු 7ක් දැවී 183 (43.5): පෝල් ස්ට්‍රීන්ග් 39, ඇන්ඩෘ බල්බ්‍රින් 60, සිමි සිං නොදැවී 36, මොහෝමඩ් නබී 2/38, රෂීඩ් කාන් 3/37

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <