ආසියානු ක්‍රිකට් කවුන්සිලය 12 වැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) තම තරග වටය ආරම්භ කරනවා.
ඔවුන් මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ වැඩිම වාර ගණනක දී අනුශූරයන් බවට පත් වූ කණ්ඩායම ලෙසයි. නිමා වූ සෑම තරගාවලියකට ම සහභාගී වූ ශ්‍රී ලංකාව 1989, 2003, 2016, 2018 සහ 2021 වසරවල දී මෙසේ අනුශූරයන් බවට පත් ව තිබෙනවා. ඒ සෑම අවස්ථාවක ම ඔවුන් පරාජය වී ඇත්තේ ඉන්දීය කණ්ඩායම හමුවේයි.
මෙවර තරගාවලියේ දී B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ නේපාලය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන කණ්ඩායම ද එක් වෙනවා.
>>ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයෝ ආසියානු කුසලානයට යයි<<
- දෙසැම්බර් 13 වැනිදා, නේපාලය සමඟ Dubai, 7he Sevens Stadium හි දී.
නේපාලය මෙවර මෙම තරගාවලිය හා එක් වෙන්නේ 10 වැනි වතාවටයි. ඒ සෑම අවස්ථාවක ම ඔවුන් තරගාවලියන් අවසන් කර තිබෙන්නේ පළමු වටයේ තරගවලට සහභාගී වීමෙන් පමණයි.
ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට එළැඹෙන්නේ නේපාලය සමඟින් වන අතර ඔවුනොවුන් අවසන් වරට එකිනෙකා හමුව ඇත්තේ පසුගිය වසරේ දී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදීයි. එම තරගයේ දී සේ ම දෙරට අතර නිමා වූ ආසන්නත ම තරග 5 දී ම ජයග්‍රහණ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සතු වෙනවා.
නේපාල කණ්ඩායම මෙම තරගාවලිය හා එක් වීමට පෙර ඇෆ්ගනිස්තානය සමඟ පසුගිය අප්‍රේල් මාසයේ දී තරග 3කින් යුත් එක්දින තරගාවලියකට එක් වෙමින් අත්දැකීම් ලබා ගන්නවා.
තරග 3කින් සමන්විත වූ මෙම තරගාවලියෙන් ඔවුන්ට ජයග්‍රහණ කිරීමට හැකි වෙන්නේ අවසන් එක්දින තරගයෙන් පමණයි.
තරාගවලියට එක්වෙන නේපාල කණ්ඩායමේ නායකත්වය හිමි ව තිබෙන්නේ වමතින් දඟ පන්දු යැවීමේ දක්ෂතා දක්වන Ashok Dhami වෙතයි. ඔහුගේ සහායකයා වෙන්නේ ඉදිරි පෙළ පිතිකරු Niraj Kumar Yadav.
ඔවුන් දෙදෙනාට අමතර ව Sahil Patel පිතිකරු ලැයිස්තුවෙන් ද සහ වමතින් දඟ පන්දු යවන Bipin Sharma පන්දු යවන්නන් අතුරින් ද කණ්ඩායමේ විශේෂ අවධානය හිමි ව ඇති ක්‍රීඩකයන් ලෙසින් වර්ගීකරණය කළ හැකියි.
එමෙන් ම මෙවර තරගාවලිය සඳහා සහභාගී වන නේපාල කණ්ඩායමේ ගිය වර ශ්‍රී ලංකාවට එරෙහි ව ක්‍රීඩා කළ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Roshan Bishwakarma සහ පා දඟ පන්දු යවන Yuvraj Khatri ද ඇතුලත්. ඔවුන් ද මෙවර තරගාවලියේ නේපාලය සතු වන දක්ෂ ක්‍රීඩකයන්.
ඔවුන්ට අමතර ව නම් කරන ලද මෙම කණ්ඩායමට 17 වැනි වියේ පසුවෙන Nitesh Kumar, Vansh Chhetri, Bipin Sharma සහ Chandan Ram යන ක්‍රීඩකයෝ ද ඇතුලත්.
නේපාල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Ashok Dhami (නායක), Niraj Kumar Yadav (උප නායක), Aashish Luha (කඩුලු රකින්නා), Roshan Bishwakarma, Nitesh Kumar, Abhisekh Tiwari, Vansh Chhetri, Dilsad Ali, Yuvraj Khatri, Nischal Kshetri, Dayanand Mandal, Sahil Patel, Chandan Ram, Bipin Sharma, Cibrin Shrestha.
- 19න් පහළ ආසියානු කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව
- ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් Rebuilding Sri Lanka වෙනුවෙන් රුපියල් මිලියන 300ක්
- ශ්‍රී ලංකා පොඩ්ඩෝ කඩුලු 9ක ජයක් ලබයි
දෙසැම්බර් 15 වැනිදා, ඇෆ්ගනිස්තානය සමඟ Dubai, ICCA හි දී.
ඇෆ්ගනිස්තානය මෙම තරගාවලිය හා එක් වෙන්නේ නිමා වූ තරගාවලි 11න් තරගාවලි 9කට සහභාගී වෙමින් 2017 වසරේ දී ශූරයන් වූ අභිමානයත් සමඟිනුයි. ඔවුන් මෙම තරගාවලිය හා එක්වෙන්නේ පසුගිය මාසයේ දී ඉන්දියා වයස අවුරුදු 19න් පහළ A සහ කණ්ඩායම් සමඟින් පැවැති තුන් කොන් එක්දින තරගාවලියකින් අනතුරුවයි.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ ඉදිරි පෙළ පිතිකරුවෙක් වන Mahboob Khan ගේ නායකත්වයෙන් යුතුවයි.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සිටින වඩාත් ම දක්ෂතා දැක්විය හැකියැයි සිතෙන පිතිකරු ලෙසින් හැඳින්වෙන්නේ ඉදිරිපෙළ දකුණත් පිතිකරු Uzairullah Niazai. ඔහු නිමා වූ ඉන්දීය සංචාරයේ දී තරග 5ක ඉනිම් 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 163ක් ද සහ ඊට පෙර සහභාගී වූ බංග්ලාදේශය සමඟ පැවැති තරගාවලියේ දී ඉනිම 4ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 278ක් ද ලබා ගන්නවා.
ඔහුට අමතර ව තවමත් 17 වැනි වියේ පසුවෙන දකුණත් පිතිකරු Faisal Shinozada ද දක්ෂතා අතර සිටින පිතිකරුවෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු නිමා වූ ඉන්දීය සංචාරයේ දී තරග 5ක ඉනිම් 4ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 126ක් ද සහ බංග්ලාදේශ තරගාවලියේ දී ඉනිම 4ක දී ශතක 2ක් සමඟින් ලකුණු 248ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඔවුන්ට අමතර ව Azizullah Miakhil, Mahboob Khan සහ Osman Sadat පිතිකරුවන් ලෙසින් දැක්වූ දක්ෂතාත් සමඟින් මෙම හා එක් වීම ද ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් අභියෝගයක්.
පන්දු යැවීමේ දී වඩාත් අවධානයට ලක්විය යුතු ක්‍රීඩකයා වෙන්නේ දකුණතින් පිට දඟ පන්දු යවන Wahidullah Zadran. ඔහු නිමා වූ බංග්ලාදේශ සංචාරයේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි තැනට පත් ක්‍රීඩකයායි. ඔහුට අමතර ව දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන Abdul Aziz සහ Salam Khan ද ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අවධානයට ලක් විය යුතු ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.
ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Mahboob Khan (නායක), Abdul Aziz, Azizullah Miakhil, Faisal Shinozada, Hafeez Zadran, Khalid Ahmadzai, Khatir Stanikzai, Nazifullah Amiri, Nooristani Omarzai, Osman Sadat, Roohullah Arab, Salam Khan, Uzairullah Niazai, Wahidullah Zadran, Zaitullah Shaheen.
- මීළඟ LPL තරගාවලිය සඳහා දින නියම වෙයි
- 2026 T20 ලෝක කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි!
- තෙවැනි කොටසේ ශූරතාව තිඹිරිගස්කටුවට
දෙසැම්බර් 17 වැනිදා, බංග්ලාදේශය සමඟ Dubai, ICCA හි දී.
නිමා වූ ආසියානු කුසලාන 11න් 10කට සහභාගී වූ බංග්ලාදේශය, මෙම තරගාවලියට එක් වෙන්නේ ආසන්නත ම ශූරයන් ලෙසින් ලත් අභිමානයත් සමඟිනුයි. එම වසරට පෙර ඊට පෙර 2023 වසරේ ද ඔවුන් ශූරයන් වීම හේතුවෙන් ඉන්දියාවට අමතර ව එවැනි දක්ෂතාවක් කළ එක ම කණ්ඩායම ලෙසින් ද ඔවුන් ආසියානු යොවුන් කුසලාන ඉතිහාසයට එක් වෙනවා. ඊට අමතර ඔවුන් 2019 වසරේ දී අනුශූරයන් බවට ද පත් ව තිබෙනවා.
එවන් ඉතිහාසයකින් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමේ මෙවර නායකත්වය හිමි ව ඇත්තේ Azizul Hakim වෙතයි. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් ව ඇති ඔහු, ඔවුන්ගේ නිමා වූ ආසන්නත ම තරගාවලිය වූ ඇෆ්ගනිස්තානය වූ එක්දින යොවුන් තරගාවලියේ අවසන් තරගයේ දී ශතකලාභියෙක් ලෙසින් දක්ෂතා දක්වනවා. එමෙන් ම මේ දක්වා ඔහු සහභාගී වූ පළමු පෙළ තරග 2ක ඉනිම් 3ක දී අර්ධ ශතක ද්විත්වයක් වාර්තා කිරීමට ද ඔහු සමත් ව තිබෙනවා.
ඔහුත් සමඟින් මෙම තරගාවලියට එක් වෙන ක්‍රීඩකයන් අතර පසුගිය ඇෆ්ගනිස්තාන සංචාරයේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ඇතුලත් වන බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් දැක්විය යුතු වෙනවා.
ඒ අතර ඉදිරියෙන් සිටින්නේ Kalam Siddiki. ඔහු ඇෆ්ගනිස්තාන සංචාරයේ දී තරග 4ක දී ශතයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 187ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව Rizan Hossan තරග 4ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 158ක් ලබා ගනිමින් මෙම තරගාවලිය හා එක් වෙනවා.
නිමා වූ එම තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ බංග්ලාදේශයේ Iqbal Hossain Emon. දකුණතින් මඳ වේග පන්දු යවන ඔහු එම තරගාවලියේ දී කඩුලු 12ක් ලබා ගන්නවා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව හා සමඟ තරගයේ දී ද තම් උපරිම දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Azizul Hakim (නායක), Zawad Abrar (උප නායක), Rizan Hossan, Samiun Basir, Iqbal Hossain Emon, Sheikh Parvez Jibon, Md Sobuj, Farid Hasan, Kalam Siddiki, Md Abdullah, Rifat Beg, Saad Islam, Shadhin Islam, Shahria Al-Amin, Shahriar Ahmed.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















