2020 IPL සන්නාමය ඉන්දීය සමාගමකට; නව ලාංඡනය එළිදකියි!

214
IPL

චීන දුරකථන සමාගමක් වන Vivo ආයතනය සමඟ එතෙක් පැවති සියලුම සම්බන්ධතා අත්හිටුවමින් ඉන්දීය ප්‍රිමියර් ලීගයෙහි ප්‍රධාන අනුග්‍රහකත්වය එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන Dream 11 හට පිරිනැමීමට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙන්නේ ඉන්දියාව තුල දැවැන්ත චීන විරෝධී ජන රැල්ලක් නිර්මාණය වීමත් සමඟිනි.

අපි 24ක් ලංකාවට අරන් එනවා – බංග්ලාදේශ් තේරීම් ප්‍රධානි

ප්‍රධාන අනුග්‍රාහකභවතා වශයෙන් Vivo සමාගම ඉන්දීය රුපියල් කෝටි 440ක මුදලක් ආයෝජනය කිරීමට එකඟතාව පළකොට තිබූ නමුත් උද්ගතව ඇති තත්වය හමුවේ Dream 11 ආයතනය මෙම තරගාවලිය සඳහා වැය කිරීමට අපේක්ෂා කරනුයේ දල වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 222ක් බව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන්කොට තිබුණි. ඒ අනුව නව ප්‍රධාන අනුග්‍රාහකභවතාගේ සන්නාමය දිස්වන අයුරින් තරගාවලි ලාංඡනය පළමු වරට එළිදැක්වීම ඊයේ (21) සිදු විය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් නිල Instagram පිටුව ඔස්සේ පළමු වරට නව තරගාවලි ලාංඡනය දැකබලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන් හට සලසා දී තිබුණේ ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් සහ චෝදනා වෙතොත් ඊට පහළින් සටහනක් එක් කරන මෙන් ආරාධනාවක් ද සිදු කරමිනි. මීට අමතරව පසුගිය වර ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ඔවුන්ගේ නිල Instagram පිටුව හරහා නව ලාංඡනය ප්‍රේක්ෂකයින් අතරට රැගෙන යාමට කටයුතුකොට තිබුණි.

 

View this post on Instagram

 

Now taking guard ? #Dream11IPL ?? . Congratulations, @dream11! . #OneFamily @iplt20

A post shared by Mumbai Indians (@mumbaiindians) on

Dream 11 වැනි නැඟී එන දේශීය ව්‍යාපාර ජාලයක් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම සම්බන්ධයෙන් තමන් ඉතාමත් සතුටට පත්වන බව IPL තරගාවලියේ සභාපති ධුරය හොඹවන බ්‍රිජේෂ් පටෙල් මහතා සඳහන් කර සිටියේ මෙවර තරගාවලියේ දී නව තාක්ෂණය උපයෝගී කරගනිමින් වැඩි ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවන බව ද සඳහන් කරමිනි.

“2020 වර්ෂය සඳහා IPL සන්නාමය සවිබල ගැන්වීමේ කාර්‍යභාර්‍ය Dream 11 ආයතනය වෙත පැවරීමට අපි ඒකමතිකව තීරණයකොට තිබෙනවා. අපි දැඩිව විශ්වාස කරනවා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තවදුරටත් ක්‍රීඩාලෝලීන් අතරට රැගෙන යන්න Dream 11 ආයතනය මඟින් සිදු කරන සේවය වඩාත් පිටිවහලක් වෙයි කියලා. අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ඔවුන් සමඟ එකතු වෙලා තරගාවලිය සාර්ථකව නිමාවට පත් කරන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න