මැතිව් අබේසිංහ හා අනීකා ගෆූර් 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතයේ අසුන් වෙන් කරගැනීමට සමත්ව තිබෙනවා. ඒ පිහිනුම් ඉසව් වලිනුයි.
2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ හි Shinjuku හිදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා හා පිහිනුම් සංගමය මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුව ද අද (30) මේ පුවත තහවුරු කර සිටියා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පිහිනුම් තටාකය තුල ඉතා ඉහළ දස්කම් දැක්වූ මැතිව් අබේසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තලයේ තරගාවලිවල ඉතා ඉහළ දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු 2019 වසරේ පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ද දී රන් පදක්කම් හතක් දිනා ගැනීමට ද සමත් වුනා.

අබේසිංහ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 නිදහස් ආර ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.
තවත් ක්‍රීඩා පුවත්
- ගිනිකෙළි වැනි දස්කම් මැද ඉන්දියාවේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 5ක්!
- යුපුන් සහ නිලානිගේ ඔලිම්පික් සිහින සැබෑවෙයි
- ඉන්දියානුවන් දෙදෙනෙකු පරදා කාලිංග රන් දිනයි
අනීකා ගෆූර් ශ්‍රී ලංකා ඔලිම්පික් සංචිතය නියෝජනය කරන ළාබාලතම ක්‍රීඩිකාවයි. 17 වියැති ඇය මෙවර සහභාගී වන්නේ සිය පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙලටයි. තායිලන්තයේ වාසය කරන අනීකා ගෆූර් ජාත්‍යන්තර පිහිනුම් තටාකයට පිවිසෙන්නේ 2019 වසරේ දීයි.
අනීකා ගෆූර් 2019 වසරේ දකුණු කොරියාවේ Gwangju හිදී පැවැත්වුණු ලෝක ජල ක්‍රීඩා ශුරතාවලියටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුනා. එහි දී ඇය කාන්තා මීටර 50 සමනළ ආර ඉසව්ව මෙන්ම කාන්තා මීටර 100 සමනළ ආර ඉසව්ව ද නියෝජනය කළා. එම වසරේම නේපාලයේ පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී ඇය රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමත් වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















