ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ දී අශාන් සුදර්ශන සහ ඇන්ජලෝ ජයසිංහ ශතක වාර්තා කිරීමට සමත් වුණා.
එහි දී SL Army SC කණ්ඩායමේ ආරම්භක පිතිකරු අශාන් සුදර්ශන Kandy Custom SC කණ්ඩායමට එරෙහි ව පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 129ක් ලබා ගත්තා.
Negombo CC කණ්ඩායමේ නායක ඇන්ජලෝ ජයසිංහ ශතකය වාර්තා කරන්නේ Kurunegala SC කණ්ඩායමට එරෙහිවයි. ඔහු එහි දී පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 129ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව Ragama CC කණ්ඩායමේ කෙමිර විජේනායක (82) සහ රොස්කෝ තට්ටිල් (65), Galle CC කණ්ඩායමේ ඩිලාන් ජයලත් (නොදැවී 69), United Southern SC කණ්ඩායමේ අසන්ත බස්නායක (83), Sebastianite C & AC කණ්ඩායමේ රුසිරු විලෝචන (62), Navy SC කණ්ඩායමේ ආදිත්‍ය සිරිවර්ධන (59), Chilaw Marians CC කණ්ඩායමේ උදයවංශ පරාක්‍රම (52) සහ SL Army SC කණ්ඩායමේ සුඛිත දෙව්තිළිණ (97) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
මේ අතර පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Moratuwa SC කණ්ඩායමේ රුසිත් ජයවර්ධන. ඔහු Ragama CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 59කට කඩුලු 6ක් දවා ගන්නවා.
ඊට අමතර ව Negombo CC කණ්ඩායමේ අමිත සංදීප (5/29), SL Army SC කණ්ඩායමේ පැතුම් මලිත (5/39), Chilaw Marians CC කණ්ඩායමේ චානක කොමසාරු (5/41), Navy SC කණ්ඩායමේ ඩිලංක අවර්ඩ්ට් (5/72) පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වූවා.
මේ අතර පැවැති තරගවල දී Kurunegala SC කණ්ඩායමට එරෙහි ව ඉනිමක සහ ලකුණු 132ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට Negombo CC කණ්ඩායම (28දා) සමත් වුණා.
- Tier B පළමු දිනයේ උපුල් සහ ඉරෝෂ් දක්ෂතම ක්‍රීඩකයන් වෙයි
- ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඉනිමක ජයක්
- Tajpur මායාකාරයාගේ ප්රාතිහාර්ය ඉනිම
- රමේෂ්, දිනයේ එක ම ශතකලාභියා වෙයි
- වෙළඳ සේවා Super Premier T20 ශූරතාව CDB කණ්ඩායමට
තරගවල කෙටි ලකුණු පුවරු
Negombo CC සහ Kurunegala SC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala SC
- Kurunegala SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 134 (52.5) රවින්ද්‍ර කරුණාරත්න 34, ලහිරු ජයරත්න 42, ශෙෂාන් ප්‍රනාන්දු 2/20, හංසජ හිරුණ 2/30, ශෙහාන් ප්‍රමෝද් 5/42
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 367 (76.2) පසිඳු තිරිමාදුර 35, රශ්මික මෙවන් 38, උමේෂ් ලක්ෂාන් 65, ඇන්ජලෝ ජයසිංහ 129, දිමුත් සඳරුවන් 40, සරින්ද දසනායක 3/42, කවික ඩිල්ශාන් 2/92, යොහාන් සුරේෂ් 4/119
- Kurunegala SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 101 (25.0) ඩිල්ශාන් කොල්ලුරේ 35, ලහිරු ජයරත්න 22, අමිත සංදීප 5/29, දනුශ්ක සඳරුවන් 2/32
Negombo CC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 132ක ජයක්.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව Emerging Nations ශූරියන් වෙයි
United Southern SC සහ Galle CC අතර තරගය අනුරාධපුර, සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – United Southern SC
- United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (78.2) හිරන්ත ජයසිංහ 59, තමිඳු ප්‍රදිප්ත 56, ජනිඳු චාමික 21, අමිත් එරන්ද 22, අසන්ත බස්නායක 83, සසංක පෙරේරා 31, චානක දේවින්ද 2/74, රජීව වීරසිංහ 4/128
- Galle CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 128 (20.4) යුතික ද සිල්වා නොදැවී 42, ඩිලාන් ජයලත් නොදැවී 69
Galle CC කණ්ඩායම ලකුණු 183ක් පිටුපසින්.
SL Army SC සහ Kandy Custom SC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kandy Custom SC
- Kandy Custom SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (44.1) විශාර ප්‍රනාන්දු 23, මිතුන් ජයවික්‍රම 40, ශෙහඳ සොයිසා 4/41, පැතුම් මලිත 5/39
- SL Army SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 313 (54.0) අශාන් සුදර්ශන 129, පැතුම් ඩිල්ශාන් 36, සුකිත දෙව්තිළිණ 97, අසේල ගුණරත්න 26, මිතුන් ජයවික්‍රම 3/89
SL Army SC කණ්ඩායම ලකුණු 168ක් ඉදිරියෙන්.
Chilaw Marians CC සහ Navy SC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Navy SC
- Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (45.1) අදීශ නානායක්කාර 58, වරුණ මයන්ත 43, පුලස්ති අතපත්තු 28, චානක කොමසාරු 3/69, මෙලන් හංසක 4/50, සසංක නිර්මාල් 2/07
- Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (35.4) ලසිත ලක්ෂාන් 25, උදයවංශ පරාක්‍රම 52, ඩිලංක අවර්ඩ්ට් 5/72, කොශාන් ජයවර්ධන 4/43
- Navy SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 157 (47.0) ආදිත්‍ය සිරිවර්ධන 59, අදීශ නානායක්කාර 20, තිමිර මල්ශාන් නොදැවී 22, පූර්ණ චාරුක නොදැවී 18, චානක කොමසාරු 5/41
Navy SC කණ්ඩායම ලකුණු 179ක් ඉදිරියෙන්.
Leo CC සහ Sebastianite C & AC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Sebastianite C & AC
- Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (66.5) අශාන් ප්‍රනාන්දු 63, හිරුන් සිගේරා 21, සලිඳු පතිරණ 41, බිශාන් හෙට්ටිආරච්චි 4/34, හෂාන් සංදීප 3/62, සංජුල බණ්ඩාර 2/33
- Sebastianite C & AC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 174 (48.0) රුසිරු විලෝචන 62, සංජුල බණ්ඩාර 26, උමයංග සුවාරිස් 22, සිතුම් විහඟ නොදැවී 29, ගයාන් ද සිල්වා 2/54, මල්ශාන් ගුණසිංහ 2/53
Sebastianite C & AC කණ්ඩායම ලකුණු 33ක් පිටුපසින්.
Moratuwa SC සහ Ragama CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Ragama CC
- Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (62.3) ඉරෝෂ් සමරසූරිය 69, විනුජ රාන්පුල් 33, උපුල් ඉන්ද්‍රසිරි 6/38, මදුක ලියනපතිරණගේ 3/55
- Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (65.5) ශාහිල් ඩයස් 24, කෙමිර විජේනායක 82, රොස්කෝ තට්ටිල් 65, රුසිත් ජයවර්ධන 6/59, විදුර ලක්ෂාන් 2/23
- Moratuwa SC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 97 (51.0) දිනෙත් සිතුමිණ 30, ඉරෝෂ් සමරසූරිය 21, විනුජ රාන්පුල් නොදැවී 29, කවීෂ ලියනාරච්චි 2/25, රොස්කෝ තට්ටිල් 2/02
Moratuwa SC කණ්ඩායම ලකුණු 7ක් ඉදිරියෙන්.
මෙම සියලු තරග අද (29) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
Tier B ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















