නාලන්දා විද්‍යාලයට කඩුලු 9ක ජයක්

SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

4

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (6) පැවැති කොළඹ නාලන්දා විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගයේ දී කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්දා විද්‍යාලය සමත් වෙනවා.  

නාලන්දා විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගන්නේ ලකුණු 113ක් පමණයි. එම ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනීමට නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. 

ජයග්‍රාහී එම ඉනිම වෙනුවෙන් නායක නඳුල් ජයලත් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ද සහ ලිතුම් විජේකුමාර පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ද ලබා ගන්නවා.  

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 83ක දී ලකුණු 89ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරු 

කොළඹ, නාලන්දා විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A) 

කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය 

  • ගුරුකුල විද්‍යාලය – සියලුම දෙනා දැවී 113 (35.4) ජවිඳු මදුසංක 20, අදීප පිංසර 35, රුසඳු සිල්වා 3/26, මෙතුක පෙරේරා 3/18, ලිතුම් විජේකුමාර 2/09
  • නාලන්දා විද්‍යාලය – කඩුල්ලක් දැවී 114 (16.5) ලිතුම් විජේකුමාර 35, නදුල් ජයලත් නොදැවී 62

කොළඹ, නාලන්දා විද්‍යාලයට කඩුලු 9ක ජයක්.  

අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<