එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ හෙට (15) සිට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ දී එංගලන්තයට එරෙහි ව පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ නායකත්වයේ වගකීම චරිත් අසලංක වෙත හිමි ව ඇති අතර එංගලන්ත කණ්ඩායම මැද පෙළ පිතිකරු Harry Brook විසින් මෙහෙයවීමට නියමිතයි.
>>ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය හෙට සිට…
විස්සයි විස්ස තරග කාලසටහන
1 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 15 වැනිදා (රාත්‍රී), Southampton හී The Rose Bowl ක්‍රීඩාංගණයේ දී.
2 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 17 වැනිදා (රාත්‍රී), Cardiff හී Sophia Gardens ක්‍රීඩාංගණයේ දී.
3 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 19 වැනිදා, Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී.
දශක 2ක ඉතිහාසයක් සපිරි ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියන් හී 8 වැනි හමුවයි මෙවර පැවැත්වෙන්නේ. මේ දක්වා පැවැති තරගාවලිය 7 තුළ දී ශ්‍රී ලංකාව අවස්ථා 3ක දී ද සහ එංගලන්තය අවස්ථා 3ක දී ද ජයග්‍රහණ ලබා තිබෙනවා. කෙසේ වෙතත් අවසන් වරට පැවැති තරගාවලි ත්‍රිත්වයේ ම ජයග්‍රහණය හිමි ව තිබෙන්නේ එංගලන්ත ක්‍රීඩකයන් වෙතයි.
| දෙරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලි ගමන් මඟ | ||||
| සත්කාරකත්වය | තරග | තරගාවලියේ ජයග්‍රහණය | වසර | |
| 1 | එංගලන්තය | 1 | ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්. | 2006 |
| 2 | එංගලන්තය | 1 | ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්. | 2011 |
| 3 | එංගලන්තය | 1 | ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්. | 2014 |
| 4 | එංගලන්තය | 1 | එංගලන්තයට තරග 1-0ක ජයක්. | 2016 |
| 5 | ශ්‍රී ලංකාව | 1 | එංගලන්තයට තරග 1-0ක ජයක්. | 2018 |
| 6 | එංගලන්තය | 3 | එංගලන්තයට තරග 3-0ක ජයක්. | 2021 |
| 7 | ශ්‍රී ලංකාව | 3 | එංගලන්තයට තරග 3-0ක ජයක්. | 2026 |
මෙම තරගව ද ඇතුලුව දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18ක දී එකිනෙකා හමුව ඇති අතර එම තරග අතුරින් එංගලන්තය තරග 14ක් ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ හිමි ව ඇත්තේ තරග 4ක පමණයි.
ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල සුවිශේෂී කඩඉම්
190/4 (20.0) : දෙරට අතුරින් ඉනිම වැඩිම ලකුණු ලබා ඇති කණ්ඩායම වෙන්නේ එංගලන්තයයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ 2014 වසරේ දී Chattogram හි දී.
ශ්‍රී ලංකාව, එංගලන්තය එරෙහි ව ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ එම තරගයේ දී ම කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු 189යි.
91/10 (18.5) : දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව 2021 වසරේ දී Southampton වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාව නමින්.
379 : කණඩායම් ද්විත්වයක් එක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ මෙය වාර්තා වූයේ 2014 වසරේ දී Chattogram හී පැවැති තරගයේදීයි.
89 runs : කණ්ඩායම් ද්විත්වය අතුරින් වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම වෙන්නේ එංගලන්තය 2021 වසරේ දී Southampton දී පෑ දක්ෂතාවයි.
473 : දෙරට ඉතිහාසයේ පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණුලාභී පිතිකරු වෙන්නේ එංගලන්තයේ Jos Buttler.
| දෙරට වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් 5 දෙනා | ||||||||||
| Player | Team | M | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | |
| 1 | Jos Buttler | එංගලන්තය | 13 | 13 | 4 | 473 | 101* | 52.55 | 1 | 3 |
| 2 | Eoin Morgan | එංගලන්තය | 12 | 11 | 2 | 253 | 57 | 28.11 | 0 | 1 |
| 3 | Alex Hales | එංගලන්තය | 6 | 6 | 1 | 236 | 116* | 47.20 | 1 | 1 |
| 4 | මහේල ජයවර්ධන | ශ්‍රී ලංකාව | 5 | 5 | 1 | 213 | 89 | 53.25 | 0 | 2 |
| 5 | ඇන්ජලෝ මැතිව්ස් | ශ්‍රී ලංකාව | 7 | 6 | 2 | 194 | 73* | 48.50 | 0 | 2 |
116* : දෙරට ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ එංගලන්තයේ Alex Hales. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2014 වසරේ දී Chattogram හි දී.
17 : දෙරට ඉතිහාසයේ පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලු ලබා ගැනීමේ දී Adil Rashid සහ Chris Jordan සම දක්ෂතා දක්වා තිබෙනවා.
| දෙරට වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නෝ | |||||||||
| Player | Team | M | Overs | Md | Runs | Wkts | Best | 4+ | |
| 1 | Adil Rashid | එංගලන්තය | 12 | 42.4 | 1 | 234 | 17 | 3/11 | 0 |
| Chris Jordan | එංගලන්තය | 9 | 36.0 | 1 | 254 | 17 | 4/28 | 1 | |
| 2 | ලසිත් මාලිංග | ශ්‍රී ලංකාව | 7 | 27.0 | 0 | 193 | 13 | 5/31 | 1 |
| දුෂ්මන්ත චමීර | ශ්‍රී ලංකාව | 7 | 27.1 | 0 | 207 | 13 | 5/24 | 2 | |
| 3 | Liam Dawson | එංගලන්තය | 5 | 20.0 | 0 | 142 | 9 | 3/27 | 0 |
| Sam Curran | එංගලන්තය | 8 | 19.0 | 0 | 152 | 9 | 3/38 | 0 | |
| 4 | Will Jacks | එංගලන්තය | 4 | 12.0 | 0 | 60 | 7 | 3/14 | 0 |
| නුවන් කුලසේකර | ශ්‍රී ලංකාව | 4 | 15.0 | 1 | 108 | 7 | 4/32 | 1 | |
| වනිඳු හසරංග | ශ්‍රී ලංකාව | 7 | 27.0 | 0 | 198 | 7 | 3/21 | 0 | |
| 5 | Mark Wood | එංගලන්තය | 3 | 11.0 | 0 | 77 | 6 | 3/26 | 0 |
5/24 : දෙරට ඉතිහාසයේ පන්දු යවන්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාව වෙන්නේ දුෂ්මන්ත චමීර විසින් 2026 වසරේ දී පල්ලෙකැලේ දී පෑ දක්ෂතාවයි.
152 : දෙරට ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම සබඳතාව වාර්තා වෙන්නේ 2014 වසරේ දී Chattogram හි දී Eoin Morgan සහ Alex Hales පෑ දක්ෂතාවයි.
එංගලන්තය විස්සයි විස්ස සංචිතය
Harry Brook (නායක), Tom Banton (කඩුලු රකින්නා), Jos Buttler (කඩුලු රකින්නා), Jordan Cox (කඩුලු රකින්නා), Aneurin Donald, Ben Duckett, James Coles, Liam Dawson, Will Jacks, Jamie Overton, Jofra Archer, Gus Atkinson, Sonny Baker, Saqib Mahmood, Adil Rashid, Josh Tongue.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















