මේස පන්දු ජය සත්නිදුට හා රනුධිට

432

ආසියානු/ජර්මානු එකාබද්ධ ක්‍රීඩා හුවමාරු වැඩසටහන හා යාපන දිස්ත්‍රික් මේස පන්දු සංගමය එක්ව සංවිධානය කරන ලද මේස පන්දු ශුරතා තරගාවලිය පසුගියදා යාපනය මැදි විදුහල් ක්‍රීඩාගාරයේ දි නිමාවට පත්විය. 

වයස 8න් පහළ ,10න් පහළ,12න් පහළ,15න් පහළ,18න් පහළ,21න් පහළ කාන්තා හා පිරිමි ඉසව් ද, විවෘත පිරිමි හා කාන්තා සහ ප්‍රවිණ පිරිමි හා කාන්තා යටතේ ඉසව් සංවිධානය වි තිබුණි.

වයස 12න් පහළ සහ 15න් පහළ බාලක ශූරතා දිනාගත් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ සත්නිදු නවරත්න තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් වයස 12න් පහළ, 15න් පහළ සහ විවෘත අංශයේ අනුශුරතාවය දිනාගත් කොළඹ මියුසියස් විද්‍යාලයේ රනුධි මුතුකුඩආරච්චි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මානයට පාත්‍ර විය.

වයස 8 න් පහළ අවසන්  තරගයේදි කොළඹ ප්ලේග‍්‍රවුන්ඞ් මේසපන්දු ලීගය නියෝජනය කළ උෂාර වීරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ   ෂෆීර් අස්ලම්  පරාජය කරන ලදි.

වයස 10 න් පහළ අවසන් තරගයේදි මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ සත්නිදු නවරත්න  තරග වට 2-1 ක් ලෙස අබ්දුල්ලා මහනුවර අල් හූධා ජාත්‍යන්තර පාසලේ සයිඞ් පරාජය කරන ලදි.

වයස 12 න් පහළ අවසන් මහ තරගයේදිත් නැවත ක්‍රියාත්මක  වු  සත්නිදු නවරත්න තරග වට 2-1 ක් ලෙස කොළඹ ප්ලේග‍්‍රවුන්ඞ් මේසපන්දු ලීගය නියෝජනය කළ  බෝමිර වීරසිංහ ව  පරාජය කරන ලද

වයස 18 න් පහළ අවසන්මහ තරගයේදි මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ හසිත උදාර  තරග වට 2-0 ක් ලෙස යාපනය යුනියන් විදුහලේ තේවරාජන් සජීවන් පරාජය කරන ලදි.

විවෘත පිරිමි අවසන් මහ තරගයේදී යුද හමුදාව නියෝජනය කළ ඉෂාර මධුරංග විසින් තරග වට 2-0 ක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය කළ  එස්. ඞී. දැඩිගමුව පරාජය කරන ලදි.

ප‍්‍රවීණ පිරිමි අවසන් මහ තරගයේදි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කළ බාලා සුභ‍්‍රමනියම්  විසින් තරග වට 2-0 ක් ලෙස ජේ. මෝහන් පරාජය කරන ලදි.

වයස 10 න් පහළ බාලිකා අවසන් මහ තරගයේ දි ගාල්ල සදර්ලන්ඞ් විදුහලේ ගිනුරි සිත්මලී  විසින් තරග වට 2-1 ක් ලෙස නවීෂා ඉඳුවරනි  පරාජය කරන ලදි.

වයස 12 න් පහළ බාලිකා අවසන් තරගයේ දි රනුධි මුතුකුඩආරච්චි  විසින් තරග වට 2-0 ක් ලෙස ටෂිනි කාව්‍යා පරාජය කරන ලදි.

වයස 15 න් පහළ බාලිකා අවසන් මහ තරගයෙදි නැවත් ක්‍රියාත්මක වු රනුධි මුතුකුඩආරච්චි  විසින් තරග වට 2-1 ක් ලෙස ටෂිනි කාව්‍යා නැවත පරාජය කරන ලදි.

වයස 18 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදි දිල්මා ෂෙහානි  විසින් තරග වට 2-0 ක් ලෙස ශනුමගලිංගම් පතුමිලා පරාජය කරන ලදි.

විවෘත කාන්තා අවසන් මහ තරගයේදි කොළඹ නගර සභාව නියෝජනය කළ මාලිකා මධුෂානි  විසින් තරග වට 2-0 ක් ලෙස කොළඹ මියුසියස් විදුහලේ රනුධි මුතුකුඩආරච්චි පරාජය කරන ලදි.

ප‍්‍රවීණ කාන්තා අවසන් මහ තරගයේදි මාතලේ ප‍්‍රාදේශීය මහලේකම් කාර්යාලය නියෝජනය කළ උදයංගනී අලූවිහාරේ විසින් තරග වට 2-0 ක් ලෙස ශ්‍රීමයිතිලි සින්නප්පු පරාජය කරන ලදි.