ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් කිරීමට යෝජිත අගෝස්තු මාසයේ ක්‍රීඩකයා අතරට ශ්‍රී ලංකාවේ මැද පෙළ වමත් පිතිකරු 25 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ ගේ නමත් එක් ව තිබෙනවා.
පසුගියදා නිමා වූ ඉන්දීය කණ්ඩායමේ මෙරට සංචාරයේ දී සොනාල් දිනූෂ පෑ දක්ෂතා මේ නිර්දේශ වීමට හේතු වී ඇතැයි පැවැසෙනවා.
එම තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී සොනාල් දිනූෂ පළමු ඉනිමේ ලකුණු 100ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 84ක් ද ලබා ගන්නා ලද අතර ඉන් අනතුරු ව කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ ලකුණු 103ක් ද සහ 2 වැනි ඉනිමේ දී නොදැවී ලකුණු 133ක් ද ලබා ගන්නවා.
ඒ අනුව ඔහු නිමා වූ එම ටෙස්ට් තරග ද්විත්වයේ ඉනිම 4ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 420ක්. එහි සාමාන්‍ය 140.0ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වුණා. 2 වැනි ටෙස්ට් තරගයේ 2 වැනි ඉනිමේ දී සොනාල් දිනූෂ විසින් නොදැවී ලබාගත් ලකුණු 133 ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය හෙට සිට…
- ශ්‍රී ලංකාව අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
මේ අතර ඔහුගේ නමත් සමඟින් එංගලන්තයේ Ollie Robinson සහ බංග්ලාදේශයේ Hasan Mahmud ගේ නම් ද ඒ අතරට නිර්දේශ වී තිබෙනවා.
දකුණතින් මඳ වේග පන්දු යවන 32 හැවිරිදි වියේ පසුවෙන Ollie Robinson මෙම සම්මානය සඳහා නිර්දේශ වෙන්නේ පාකිස්තානය සමඟින් පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ දී පෑ දක්ෂතාත් සමඟිනුයි. එහි දී ඔහු තරගය නිමා කරද්දී පන්දු වාර 27.0ක් යවමින් නිලකුණු පන්දු වාර 11ක් සමඟින් ලකුණු 35කට කඩුලු 8ක් දවා ගන්නවා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහි ව තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පතු වුණා.
ඊට අමතර ව ඔහු එම තරගාවලියේ ම පළමු තරගයේ ඉනිම 2 දී ලකුණු 80කට කඩුලු 8ක් ද දවා ගන්නවා. ඒ අනුව ඔහු එම තරගාවලියේ දි ලකුණු 115කට කඩුලු 16ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
දකුණතින් මඳ වේග පන්දු යවන 26 වැනි වියේ පසුවෙන Hasan Mahmud නිමා වූ ඕස්ට්‍රේලියාව සමඟින් පැවැති ටෙස්ට් තරගයේ ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 55කට කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 56කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 111කට කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමත් හේතුවෙන් ඔහුගේ නම ද මේ නිර්දේශ අතර ට එක් වෙනවා.
එහි දී ඔහු ප්‍රතිවාදී පළමු ඉනිමේ දී පෑ දක්ෂතාව ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක දී පෑ ඉහළ ම දක්ෂතාව වූ අතර 2 වැනි ඉනිමේ දී පෑ දක්ෂතාවත් සමඟින් ලබා ගත් කඩුලු 9ය ටෙස්ට් තරගයක පෑ ඉහළ ම දක්ෂතාව ලෙසත් සටහන් වූවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















