ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත් වීමට Baduraliya SC කණ්ඩායම අද (01) සමත් වුණා. කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ Panadura SC කණ්ඩායමයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Panadura SC ක්රීඩිකවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Baduraliya CC ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 202ක් ලබා ගත් අතර ඊට පිළිතුර ඉනිමට පිටියට පිවිසි Panadura SC ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 105ක් පමණයි. ඒ අනුව Baduraliya CC කණ්ඩායමට ලකුණු 97ක ජයග්‍රහණයක් හිමි වෙනවා.
Baduraliya CC කාන්තා ක්‍රිකට් කණ්ඩායම
සුමුදු නිසංසලා (නායිකාව), හිරුණි හංසිකා, හිරුණිකා නිවර්තනී, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, ශෂිනි ගිම්හානි, සචිනි නිසංසලා, නෙත්මි අබේසේකර, සුලේශා සත්සරණි, ශොහාරා ඉඳුවරී සහ ශෂිනි උමාෂා.
Panadura SC කාන්තා ක්‍රිකට් කණ්ඩායම
පියුමි වත්සලා (නායිකාව), සඳලි වීරසිංහ, විමෝක්ෂා බාලසූරිය, නවෝද්‍යා නෙත්මිණි, වෙනුකි විහංගා, අමාධි විජේසිංහ, රශ්මිකා සෙව්වන්දි, ක්‍රිශාන්ති සඳමාලි (කඩුලු රකින්නිය), ප්‍රමුධි මෙත්සරා, දිනිති නාගසිංහ සහ දේවගි ජෙගනාදන්.
එම ඉනිමේ ක්‍රීඩිකාවන් 9 දෙනෙක් ම තනි ඉලක්කමක ලකුණුවලට සීමා වූ අතර එහි දී ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 15ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා.
එහි දී වඩාත් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූයේ දකුණතින් පිට දඟ පන්දු යැවූ ශෙහාරා ඉඳුවරී. ඇය ලකුණු 25කට කඩුලු 6ක් දවා ගන්නවා. ඊට අමතර ව සුලේශා සත්සරණි, ශෂිනි උමාෂා සහ හිරුණිකා නිවර්තනී කඩුල්ල බැගින් දවා ගත්තා.
Panadura SC ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ රශ්මිකා සෙව්වන්දි. ඇය ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණ 48ක් ලබා සිටියා.
ඊට අමතර ව අමාධි විජේසිංහ පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා විසින් 6 වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 50ක සබඳතාවක් ගොඩ නගනවා.
- ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණකින් තරගාවලිය ආරම්භ කරයි
- තායිලන්ත ක්‍රීඩිකාවෝ පළමු තරගය ජය ගනී
- සොහාන්, හිරාන්, මුදිත, පවන් සහ ශානික්‍ය මංගල අර්ධ ශතක වාර්තා කරයි
- නිලක්ෂිකා පිට පිට 2 වැනි අර්ධ ශතකයත් ලබා ගනී
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Baduraliya CC කණ්ඩායමේ ආරම්භය ද එතරම් සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 18ක් වෙද්දී දැවී යනවා.
අනතුරු ව 3 වැනි කඩුල්ලට එක් වූ නෙතඟි ඉසුරාංජලී සහ නායිකා සමුදු නිසංසලා එම කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නෙතඟි ඉසුරාංජලී ගේ දැවී යෑමත් සමඟිනුයි.
ඇය දැවී යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා. ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි රශ්මි නේත්‍රාංජලී ද ලකුණු අතරට පිවිසෙමින් නායිකාවට උපරිම සහයෝගය දැක්වූවා.
ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 149ක දී ලකුණු 90ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව නිමා කරමින් සුමුදු නිසංසලා දැවී යද්දී පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා.
රශ්මි නේත්‍රාංජලී ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
ඊට අමතර ව සචිනි නිසංසලා පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ද සහ ශෂිනි ගිම්හානි පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී පියුමි වත්සලා ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දේවගී ජෙගනාදන් කඩුලු ද්විත්වයක් ද සහ රශ්මිකා සෙව්වන්දි කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Baduraliya CC කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 202 (50.0) නෙතඟි ඉසුරාජලී 22, සුමුදු නිසංසලා 56, රශ්මි නෙත්‍රාංජලී 30, සචිනි නිසංසලා 21, පියුමි වත්සලා 4/27, දේවගී ජෙගනාදන් 2/31
- Panadura SC කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 105 (33.4) අමාධි විජේසිංහ 21, රශ්මිකා සෙව්වන්දි 48, ශෙහාරා ඉඳුවරී 6/25
Baduraliya CC කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 97ක ජයක්.
-
- අවසන් තරගයේ වීරයා – ශෙහාරා ඉඳුවරී (Baduraliya CC)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – ශෙහාරා ඉඳුවරී (Baduraliya CC)
- තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – නිලක්ෂිකා සිල්වා (Panadura SC)
- තරගාවලියේ වටිනා ම ක්‍රීඩිකාව – මල්කි මදාරා (Air Force SC)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















