එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අතරතුර එංගලන්ත කණ්ඩායම ද එක් වෙන තුන්කොන් ජාත්‍යන්තර එක්දින සිමීත පන්දුවාර තරගාවලියක් ද සත්කාරක පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියකට සහ ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමට පාකිස්තානයට යන අතර එම තරගාවලි ද්විත්වය අතර තුර කාලයේ දී මෙම තුන්කොන් එක්දින ජාත්‍යන්තර තරගාවලිය ද ඊට එක්කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් 9 වැනිදා ආරම්භ වන අතර ඊට තරග ත්‍රිත්වයක් ඇතුලත්. එම තරග සියල්ල පැවැත්වීමට නියමිතව ඇත්තේ Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
ඉන් අනතුරු ව එරට ට පිවිසෙන එංගලන්ත කණ්ඩායම ද එක්කර ගන්නා මෙම කණ්ඩායම් ද්විත්වය ඔක්තෝබර් මස 18 වැනිදා සිට තුන්කොන් එක්දින ජාත්‍යන්තර තරගාවලියට එක්වෙයි. තරග 7කින් යුත් එම තරගාවලිය Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙන් ම Lahore හී Gaddafi ක්‍රීඩාංගණයේ දී ද ඔක්තෝබර් 31 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතයි.
එම තරගාවලියෙන් අනතුරු ව තරග ද්විත්වයකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 9 වැනිදා සිට ආරම්භ වන අතර ඊට නොවැම්බර් 3 වැනිදා සිට ආරම්භ වන තුන් දින පුහුණ තරගයක් ද ඇතුලත්.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තරග Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ Lahore හී Gaddafi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි.
තරග කාලසටහන
- පාකිස්තාන – ශ්‍රී ලංකා විස්සයි විස්සයි තරගාවලිය
1 වැනි තරගය –
ඔක්තෝබර් 9 වැනිදා, Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
2 වැනි තරගය –
ඔක්තෝබර් 11 වැනිදා, Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
3 වැනි තරගය –
ඔක්තෝබර් 13 වැනිදා, Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය එක් වෙන තුන්කොන් එක්දින තරගාවලිය
ඔක්තෝබර් 18 වැනිදා –
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 20 වැනිදා –
පාකිස්තානය සහ එංගලන්තය අතර තරගය Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 22 වැනිදා –
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 25 වැනිදා –
පාකිස්තානය සහ එංගලන්තය අතර තරගය Lahore හී Gaddafi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 27 වැනිදා –
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය Lahore හී Gaddafi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 29 වැනිදා –
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය Lahore හී Gaddafi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
ඔක්තෝබර් 31 වැනිදා –
අවසන් මහා තරගය Lahore හී Gaddafi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- පාකිස්තාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය
3 දින පුහුණු තරගය –
නොවැම්බර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා Islamabad හීදී. Gaddafi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
1 වැනි ටෙස්ට් තරගය –
නොවැම්බර් මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
2 වැනි ටෙස්ට් තරගය –
නොවැම්බර් මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා Lahore හී Gaddafi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















