වත්මන් ඉන්දීය විස්සයි විස්ස නායකත්වය Suryakumar Yadav හට අහිමි වී, Shreyas Iyer හට හිමි වීමට නියමිත බව ESPN Cricinfo වෙබ් අඩවිය හෙළිදරව් කරනවා.
එළඹෙන 2028 ඔලිම්පික් උළෙල සහ එම වසරේ දීම පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් Iyer නව විස්සයි විස්ස නායකයා ලෙස පත් කිරීමට සූදානම් අතර, Suryakumar Yadav හට කණ්ඩායමේ ඉඩක් වෙන් කර ගැනීමට ඇති අවස්ථාව ද සීමිත බවයි වාර්තා වන්නේ.
පසුගිය මාර්තු මාසයේ දී ඉන්දියාව Suryakumar Yadavගේ නායකත්වය යටතේ විස්සයි විස්ස ලෝක ශූරතාව හිමි කර ගැනීමට සමත් වූ අතර, ඉන්දියාව එම තරගාවලියෙන් පසුව නැවත විස්සයි විස්ස තරගාවලියක් සඳහා සහභාගී වීමට නියමිත වන්නේ අයර්ලන්තය සහ එංගලන්තය සමඟයි. මේ සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය නම් කිරීම හෙට (06) දිනයේ සිදු කිරීමට නියමිතයි.
Suryakumar Yadav නායකයකු ලෙස සාර්ථක වූ නමුත්, නිමා වූ ලෝක කුසලානය තුළ ඔහුගේ පිතිකරණ දක්ෂතා තරමක් පහතට වැටී තිබූ බව බොහෝ දෙනාගේ අවධානයට ලක් වුනා. එමෙන්ම නිමා වූ IPL තරගාවලිය තුළ ද Suryakumarගේ පිතිකරණය තරමක් දුර්වල මට්ටමකයි රැඳුණේ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මේ අතර නිමා වූ IPL තරගාවලිය අතරතුර බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනා ගනිමින් මීළඟ ඉන්දීය නායකයා වීමට තමන් සූදානම් බව Shreyas Iyer විසින් ඉඟි ලබා දෙමින් සිටියා. ඔහු විසින් IPL තරගාවලිය තුළ මෙතෙක් Kolkata Knight Riders කණ්ඩායම සමඟ ශූරතාවයක් සහ Delhi Capitals සහ Punjab Kings සමඟ අනුශූරතාවන් දෙකක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම 2025 IPL තරගාවලිය තුළ ලකුණු 604ක් සහ 2026 තරගාවලිය තුළ ලකුණු 498ක් ලබා ගැනීමට සමත් වුනේ ප්‍රහාරාත්මක වේගය 170 සීමාවේ රඳවා ගනිමිනුයි. කෙසේ වෙතත් Suryakumar Yadav සහ Tilak Varma නිසා Iyer හට පසුගිය වසර කිහිපයේ ම ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නිල ස්ථානයක් හිමි වුනේ නැහැ.
ඔහු අවසන් වරට ඉන්දියාව නියෝජනය කරමින් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී වීම සුවිශේෂී කරුණක්.
මේ අතර හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඉන්දීය සංචිතයට 15 හැවිරිදි Vaibhav Sooryavanshiගේ නමත් ඇතුළත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එය එසේ සිදු වුව හොත් ඉන්දීය සංචිතයකට එක් වූ ළාබාලතම ක්‍රීඩකයා ලෙස Sachin Tendulkar විසින් තබා තිබූ වාර්තාව Vaibhav සතු වීමට නියමිතයි.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















