Diamond League මලල ක්‍රීඩා තරගාවලියේ රෝමයේ පැවැත්වෙන තරග අදියරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග විසින් හෙල්ල විසි කිරීම ඉසව්ව සඳහා මීටර් 92 ඉක්මවූ දක්ෂතාවක් සටහන් කිරීමට සමත් වුනා.
අද (04) රාත්‍රියේ ආරම්භ වූ මෙම තරග ඉසව්වේ සිය පළමු උත්සාහයෙන් මීටර් 84.49ක දක්ෂතාවක් සටහන් කළ රුමේෂ් විසින් ඉන් පසුව ලද දෙවැනි අවස්ථාවේ දී මීටර් 92.62ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුනා.
මෙය රුමේෂ් විසින් මීටර් 90 සීමාව පසු කළ පළමු අවස්ථාව ලෙස සටහන් වූ අතර, එය මීටර් 92 සීමාව ද ඉක්මවා යාම සියල්ලන් ම පුදුමයට පත් කිරීමට සමත් වුනා.
මෙම මීටර් 92.62ක දක්ෂතාව නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වූ අතරම, එය නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වුනා. මීට පෙර එම වාර්තාව නෝර්වේ දේශයට හිමි වී තිබූ අතර, එය මීටර් 90.34ක් ලෙසයි සටහන් වී තිබුණේ.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
එමෙන්ම මෙය මෙම වසර සඳහා ක්‍රීඩකයකු දැක්වූ හොඳම දක්ෂතාව ලෙස සටහන් වන අතර, මේ අනුව මෙම වසරේ ලොව හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතා ත්‍රිත්වයම රුමේෂ් සතු වනවා.එමෙන්ම මෙම දක්ෂතාව ආසියාතික ක්‍රීඩකයකු විසින් සිදු කළ දෙවැනි දක්ෂතාව ලෙස ද සටහන් වන අතර, ඔහුට ඉදිරියෙන් සිටින්නේ පාකිස්තානයේ Arshad Nadeem පමණයි.
මේ අතරම මෙම දක්ෂතාව 1986 වසරේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ නීති රීති වෙනස් කිරීමෙන් පසුව එකතු කරන දක්ෂතා අනුව ලොව 21ක් වැනි හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව ලෙස ද සටහන් වනවා. තවද රුමේෂ් ලොව හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතර 08 වැනි ස්ථානයටත්, මීටර් 92 තරණය කිරීමට සමත් වූ ලොව 11 වැනි ක්‍රීඩකයා වීමටත් මීට මොහොතකට පෙර සමත් වුනා.
එමෙන්ම Diamond League මලල ක්‍රීඩා ඉතිහාසය තුළ දැක් වූ තෙවැනි හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව ලෙස ද මෙය වාර්තා අතරට එක් වුනා.
මෙම තරග ඉසව්වෙන් රුමේෂ් ජය ලබා ගැනීමට සමත් වූ අතර, මීටර් 83.91ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනේඩාවේ Anderson Peters විසින් ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් වුනා.
මෙය ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයකු විසින් Diamond League මලල ක්‍රීඩා ඉතිහාසයේ ලද පළමු ජය ලෙස ද සටහන් වුනා.
දෙස්, විදෙස් මලල ක්‍රීඩාව පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඔබ හමුවේ තැබීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>






















