කල් දැමූ Tier B විස්සයි විස්ස තරගාවලියටත් දින කියයි

SLC Tier B T20 Tournament 2026

1
SLC Tier B T20 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මැයි මස 23 වැනිදා සිට පැවැත්වීමට යෝජනා වී තිබෙනවා.

මෙම තරගාවලිය මීට පෙර මැයි මස 13 වැනිදා පැවැත්වීමට යෝජිතව තිබුණ ද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ එය කල් දැමුණ අතර නැවත තරග ආරම්භ වීමේ දී පෙර නම් කර තිබූ පරිදි ම තරගාවලිය කාණ්ඩ ද්විත්වයක් යටතේ පැවැත් වෙනවා.

Group A

Ragama CC, Leo CC, United Southern SC, Moratuwa SC, Negombo CC, Kurunegala CC

 

Group B

Army SC, Chilaw Marians CC, Galle CC, Navy SC, Sebastianite C & AC, Kandy Custom SC

තරගාවලියේ පළමු වටයේ තරග මැයි මස 31 වැනිදා අවසන් වෙන අතර ඒ අතුරින් කාණ්ඩ ද්විත්වයේ පළමු ස්ථාන 4 දිනා ගන්නා කණ්ඩායම් සහභාගී වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජුනි මස 3 වැනි පැවැත්වීමට නියමිතයි.

එම තරගවලින් ජයග්‍රහණය කරන කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග ජුනි මස 5 වැනිදා මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය ජුනි මස 7 වැනිදා කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි. එම තරග කාලයට වර්ෂාවෙන් බාධාවක් වේ නම් ඊට පමණක් අතිරේක කාලයක් නම් කර තිබෙනවා.

තරගාවලියේ නවකාලසටහන

Date Time Host Opponent Venue
23rd May 9.45am-12.55pm Ragama CC Kurunegala CC Navy-Welisara
  2pm-5.10pm Army SC Kandy Custom SC Navy-Welisara
  9.45 am-12.55pm Chilaw Sebastianite C & AC Police
  2pm-5.10pm Leo CC Negombo CC Police
  9.45am-12.55pm Moratuwa SC United Southern SC BRC
  2pm-5.10pm Navy SC Galle CC BRC
         
25th May 9.45am-12.55pm Sebastianite C & AC Army SC BRC
  2pm-5.10pm Negombo CC Ragama CC BRC
  9.45 am-12.55pm Kurunegala CC Moratuwa SC Panadura
  2pm-5.10pm Navy SC Kandy Custom SC Panadura
  9.45am-12.55pm Galle CC Chilaw Air Force
  2pm-5.10pm United Southern SC Leo CC Air Force
         
27th May 9.45am-12.55pm Army SC Navy SC Police
  2pm-5.10pm Moratuwa SC Ragama CC Police
  9.45 am-12.55pm Negombo CC United Southern SC Moratuwa
  2pm-5.10pm Galle CC Sebastianite C & AC Moratuwa
  9.45am-12.55pm Kurunegala CC Leo CC BRC
  2pm-5.10pm Kandy Custom SC Chilaw BRC
         
29th May 9.45am-12.55pm Galle CC Army SC BRC
  2pm-5.10pm United Southern SC Ragama CC BRC
  9.45 am-12.55pm Chilaw Navy SC Air Force
  2pm-5.10pm Leo CC Moratuwa SC Air Force
  9.45am-12.55pm Sebastianite C & AC Kandy Custom SC Surrey
  2pm-5.10pm Negombo CC Kurunegala CC Surrey
         
31st May 9.45am-12.55pm Ragama CC Leo CC Dombagoda
  2pm-5.10pm Army SC Chilaw Dombagoda
  9.45 am-12.55pm Kandy Custom SC Galle CC Navy-Welisara
  2pm-5.10pm Kurunegala CC United Southern SC Navy-Welisara
  9.45am-12.55pm Moratuwa SC Negombo CC Air Force
  2pm-5.10pm Navy SC Sebastianite C & AC Air Force
         
         
3rd June 9.45am-12.55pm A1 B4 Moratuwa
  2pm-5.10pm B1 A4 Moratuwa
  9.45am-12.55pm A2 B3 Navy-Welisara
  2pm-5.10pm B2 A3 Navy-Welisara
         
5th June 9.45am-12.55pm Winner-QF 1 Winner-QF 4 Surrey
  2pm-5.10pm Winner-QF 2 Winner-QF 3 Surrey
         
7th June 9.45am-12.55pm Winner Semi 1 Winner Semi 2 Colts
  2pm-5.10pm Rain Reserve  

අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<