ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ද්විත්වයක් අදත් (1) පැවැති අතර එහි දී කුරණෑගල මලියදේව විද්‍යාලයේ රජිත් නවෝද්‍ය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහි ව ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා.
>>සාන්ත ජෝසප් සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාල අවසන් පූර්ව වටයට
කොළඹ වෙස්ලි විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය
කාසියේ වාසිය දිනා ගත් දේවපතිරාජ විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 142ක් පමණයි.
තරගයේ 2 වැනි දිනය ආරම්භ වෙද්දී දේවපතිරාජ විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටි අතර අද ඔවුන් එම ඉනිමට එක් කරන්නේ ලකුණු 50ක් පමණයි.
එම ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී රශ්මික අමරරත්න සහ ආද්‍යයන් සියන් කඩුලු 4ක් බැගින් දවා ගත්තා.
එම ඉනිම අවසානයත් සමඟ ලකුණු 55ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගන්නවා.
එම ඉනිම වෙනුවෙන් රශ්මික අමරරත්න පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ද, කවිඳු හෙට්ටිආරච්චි පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ද සහ සෙනුර ලක්ශාන් පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන සඳරු මල්ශාන් ලකුණු 88කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව දියත් සංජිත ලකුණු 46කට ඉතිරි කඩුලු 4 දවා ගන්නවා.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 275ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (52.1)ශම්මා ප්‍රනාන්දු 23, රශීඩ් නායන් 34, රශ්මික අමරරත්න 30, ලිතුම් සෙනුජ 24, සෙනුර ලක්ශාන් 27, සඳරු මල්ශාන් 3/71, පුල්ජිත් වත්සුක 4/31, හර්ෂ මදුශංක 2/13
- දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 142 (57.1)දියත් සංජිත 20, අරෝෂ සිතුමිණ 33, සඳරු මල්ශාන් 30, රශ්මික අමරරත්න 4/23, ආද්‍යයන් සියන් 4/34
- වෙස්ලි විද්‍යාලය – දෙවැනිඉනිම සියලුම දෙනා දැවී 219(64.4) රශ්මික අමරරත්න 43, සෙනුර ලක්ශාන් 37, කවිඳු හෙට්ටිආරච්චි 41, දිනුජ සමරරත්න 31, සඳරු මල්ශාන් 6/88, දියත් සංජිත 4/46
- දේවපතිරාජ විද්‍යාලය – දෙවැනිඉනිමකඩුල්ලක් දැවී 5 (4.0)
රත්ගම දේවපතිරාජ විද්‍යාලය ලකුණු 269ක් පිටුපසින්.
- වේල්ස් කුමාර විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- ඇතුගල්පුර එක්දින සටනේ ජය සාන්ත ආනා විද්‍යාලයට
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
- ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරව නිම වෙයි
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ආනා විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 314ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලය තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 326ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් රජිත් නවෝද්‍ය පන්දු 187කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 141ක් ලබා සිටිනවා. ඊට අමතර චන්දූප අබේසිංහ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ද ලබා ගත්තා.
තරගය 2 වැනි දිනයට නතර කරන විට දම්ලත් ගමගේ පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී යශ්මිත් ජයසුන්දර කඩුලු 3ක් ද සහ නෙසාද් වීරසේකර කඩුලු 2ක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (83.5)දිනුග අබේසේකර 34, සනුක කෙම්සර 21, කුශාන් සුබසිංහ 26, ඉශාන් ඛාන් 55, යශ්මිත ජයසුන්දර 46, සනුජ දිසානායක 61, ඉමන්ජිත් හේරත් 26, දම්ලත් ගමගේ 2/52, තවීෂ බාලසූරිය 6/86
- මලියදේව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 326 (94.0) තිවංක පබසර 27, රජිත් නවෝද්‍ය නොදැවී 141, චන්දූප අබේසිංහ 53, දුශාන් සයුරංග 23, දිමත් අබේසිංහ 23, දම්ලත් ගමගේ නොදැවී 35
කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 12ක් ඉදිරියෙන්.
මෙම තරග ද්විත්වය හෙට (2) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















