ප්‍රියමාල් ද්විත්ව ශතක සමාජයට

Major Club 03 Day League Tournament 2025

10

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 3 වැනි සතියේ  2 වැනි දිනය (21) අවසන් වෙන්නේ ප්‍රියමාල් පෙරේරා ලබා ගත් ද්විත්වය ශතකයක් ද සහිතවයි. 

ප්‍රියමාල් සහ ලහිරු ශතක ලබා ගනී

Police SC සහ Moors SC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Moors SC  

කාසියේ වාසිය දිනා ගත් Moors නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Police ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 463ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින Moors කණ්ඩායම මේ වන විට ලබා සිටින්නේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් පමණයි.  

Police ඉනිම ක්‍රියාත්මක වූ පෙර දිනයේ නොදැවී ලකුණු 143ක් ලබා සිටි ප්‍රියමාල් පෙරේරා තම ඉනිම ද්විත්ව ශතකයක් කරා රැගෙන ගියා. ඔහු තම ඉනිම නිමා වන විට පන්දු 367කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 212ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 90ක 2 වැනි ද්විත්ව ශතකය මෙන් ම තමන්ගේ හොඳම ලකුණු සංඛ්‍යාවයි.  

ඔහුට අමතර ව නලින් ප්‍රියදර්ශන ද පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා. ඔහු සහ ප්‍රියමාල් පෙරේරා එක් ව ලකුණු 46ක සබඳතාවක් ද ගොඩ නගනවා.  

කඩුලු දවා ගැනීමේ දී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 112කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය ඔහු මෙවර තරගාවලියේ දී කඩුලු 5ක් දවා ගත් තෙවැනි අවස්ථාවයි. ඔහුට අමතර ව ටිලංග උදේශන කඩුලු ද්විත්වයක් ලබා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Moors කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 99ක් වෙද්දී දැවී ගිය අතර ඉන් අනතුරු ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර සහ නායක රමේෂ් මෙන්ඩිස් එක් ව නොදැවුණ ලකුණු 31ක සබඳතාවක් පවත්වාගෙන ගියා.  

තරගය 2 වැනි දිනයට නතර කරන විට පසිඳු සූරියබණ්ඩාර පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ද සහ රමේෂ් මෙන්ඩිස් පන්දු 16කට මුහුණ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා. 

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 47කට කඩුලු ද්විත්වයක් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Police SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 463 (85.0) නදීර බාලසූරිය 21, අශේන් බණ්ඩාර 60, ප්‍රියමාල් පෙරේරා 212, සුපුන් මදුශංක 65, නලින් ප්‍රියදර්ශන 57, ශිරාන් ප්‍රනාන්දු 4/59 
  • Moors SC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 130 (31.0)රවිශාන් ද සිල්වා 23, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 43, දිලුම් සුදීර 2/47 

Moors කණ්ඩායම ලකුණු 333ක් පිටුපසින්. 

CCC සහ Ace Capital CC අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය  Ace Capital CC  

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් Ace Capital කණ්ඩායම තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 331ක් ලබා ගත්තා. තරගය 2 වැනි දිනයට නතර කරන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරන CCC කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 200ක් ලබා සිටියා. 

Ace Capital කණ්ඩායම අවසන් වෙද්දී සුපුන් වඩුගේ පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා සිටියා.  

ක්‍රියාත්මක CCC ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ද සහ පවන් රත්නායක පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනිමේ දී වනුජ සහන් ලකුණු 84කට කඩුලු 4ක් ලබා සිටිනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Ace Capital CC- පළමු ඉනිම සියලු දෙනා දැවී 331 (89.0) පවන්ත වීරසිංහ 51, රනේෂ් සිල්වා 76, රවීන් ද සිල්වා 49, සුපුන් වඩුගේ නොදැවී 71, නිශාන් පීරිස් 2/87, ඉනුක කරන්නාගොඩ 3/69, ධනංජය ද සිල්වා 2/29 
  • CCC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 200 (58.0)නිශාන් මදුශ්ක 23, ධනංජය ද සිල්වා 63, පවන් රත්නායක 51, අංජල බණ්ඩාර නොදැවී 22, වනුජ සහන් 4/84, රොෂාන් ජයතිස්ස 3/31 

CCC කණ්ඩායම ලකුණු 131ක් පසුපසින්. 

Colts CCසහ BRC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – BRC 

කාසියේ වාසිය දිනා ගත් BRC නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 325ක් ලබා සිටි අතර ඔවුන්ගේ ඉනිම අවසන් වෙන්නේ ලකුණු පුවරුවට 463ක් පැමිණෙද්දීයි.   

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 212කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 144ක් ලබා ගත් ඇන්ජලෝ මැතිව්ස්. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 33 වැනි ශතකයයි.  

ඔහුට අමතර ව සුඛිත මනෝජ් පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී යසිරු රොද්‍රිගෝ ලකුණු 120කට කඩුලු 5ක් දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BRC කණ්ඩායම තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 198ක් ලබා සිටියා.  

එම ඉනිමේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ නායක හෂාන් දුමිඳු. ඔහු පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 86ක් ලබා සිටිනවා.  

ඊට අමතර ව රොෂේන් සිල්වා පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දි අකිල දනංජය කඩුලු ද්විත්වයක් ලබා සිටිනවා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Colts CC –පළමු ඉනිමකඩුලු 5ක් දැවී 325 (88.0) සංගීත් කුරේ 30, දිනේෂ් චන්දිමාල් 67, ධනංජය ලක්ෂාන් 44, ඇන්ජලෝ මැතිව්ස් 144, මුදිත ලක්ෂාන් 39, සුකිත මනෝජ් 53, අකිල දනංජය 43, හර්ෂන වික්‍රමසිංහ 28, යසිරු රොද්‍රිගෝ 5/102, කේශාන් විජේරත්න 2/87, ශෂික දුල්ශාන් 2/58 
  • BRC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 198 (56.0)හේෂාන් ධනුෂ්ක 29, හෂාන් දුමිඳු නොදැවී 86, රොශේන් සිල්වා 44, රමින්ද විජේසූරිය 28, අකිල දනංජය 2/65 

BRC කණ්ඩායම ලකුණු 265ක් පිටුපසින්.  

NCC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – NCC  

කාසියේ වාසිය දිනා ගත් NCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 438ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Bloomfield ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 211ක් ලබා සිටියා.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අසිත වන්නිනායක. ඔහු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 62ක් ලබා සිටියා. ඊට අමතර ව ජනිත් ලියනගේ පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ද සහ නායක නිපුන් කරුණානායක පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී ශක්ති උදාර කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • NCC- පළමු ඉනිම කඩුලු 7ක් දැවී 386 (83.0) නිරෝෂන් දික්වැල්ල 21, ලහිරු උදාර 126, කමිල් මිෂාර 61, අහන් වික්‍රමසිංහ 39, සහන් ආරච්චිගේ 35, චාමික කරුණාරත්න 61, කවිඳු පතිරත්න 37, අශේන් ඩැනියෙල් 26, රවිඳු ප්‍රනාන්දු 2/95, ජෙෆ්රි වැන්ඩර්සේ 2/66, දුවිඳු තිලකරත්න 4/70 
  • Bloomfield C & AC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 211 (57.0)මිනෙත් ප්‍රේමරත්න 37, අසිත වන්නිනායක 62, ජනිත් ලියනගේ 47, නිපුන් කරුණානායක නොදැවී 43, ශක්ති උදාර 2/82 

Bloomfield කණ්ඩායම ලකුණු 227ක් පිටුපසින්.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<