කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 92 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ 2 වැනි දිනය අවසන් වන විට තම පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමේ අරගලයක නිරත සාන්ත පීතර විද්‍යාලය ප්‍රතිවාදීන්ට වඩා තවත් ලකුණු 104ක් පිටුපසින් පසු වෙනවා.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පීතර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලය තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා සිටියා.
අද (20) තරගය ආරම්භ වෙන්නේ සාන්ත පීතර විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 281ක් ලබා සිටියදීයි. තරගය ආරම්භ වී වැඩි වේලාවක් ගත නොවී දිනයේ පළමු කඩුල්ල දවා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී දිනයට එකතු වී තිබුණේ ලකුණු 7ක් පමණයි.
පෙර දිනයේ නොදැවී ලකුණු 20ක් ලබා සිටි පමෝද දල්පදාදු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22කට දැවී යෑමත් සමඟින් ඉනිමේ 6 වැනි කඩුල්ල දැවී යනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව චේතින කාවින්ද සහ නුශාන් පෙරේරා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නුශාන් පෙරේරා ගේ දැවී යැමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.
චේතින කාවින්ද සාන්ත ජෝසප් ඉනිම අත් හිටුවන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 39ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 68කට මුහුණ දී සිටි අතර හතරේ පහර 3ක් ද ඊට ඇතුලත් කරගෙන සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ශවිඳු සිල්වා ලකුණු 95කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ජනිත් පණ්ඩිතරත්න දැවී ගිය ඉතිරි කඩුලු 3 හිමිකාරීත්වය සපුරා ගත්තා.
- සාන්තුවරයන්ගේ සටනට අර්ධ ශතක ත්‍රිත්වයක්
- සාන්තුවරයෝ 92 වැනි වරටත් ගැටෙයි
- උතුරු රන් සටන විසඳුමක් නෑ
- රාජකීය – සාන්ත තෝමස් නිල් සටන විසඳුමක් නැතිව අවසන් වෙයි
- සෙබස්තියන්වරුන් රන් සටනේ තෑගි මේසය අකුලා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ප්‍රතිවාදී සාන්ත ජෝසප් විද්‍යාලයීය පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 19ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවෙනවා.
නමුත් එතැන් සිට සාන්ත ජෝසප් පන්දු යවන්නන්ට ඉවසුමක් නොදෙන්නට සාන්ත පීතර විද්‍යාලයීය පිතිකරුවෝ කටයුතු කරනවා. ඊට පෙරමුණ ගන්නේ අසදිස ද සිල්වා සහ ශවිඳු සිල්වා යි. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 130ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ උප නායක අසදිස ද සිල්වා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ශවිඳු සිල්වා, ජොෂුවා සෙබස්තියන් ද හා එක් ව 4 වැනි කඩුල්ල ලකුණු 77ක සබඳතාවක් එක් කරමින් සාන්ත පීතර විද්‍යාලයීය ඉනිමේ ලකුණු 200 සීමාව පසු කරනවා.
එහි දී ශවිඳු සිල්වා පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 62ක් ද සහ ජොෂුවා සෙබස්තියන් පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී විග්නේශ්වරන් ආකාශ් ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන අතර ඊට අමතර ව විශ්ව පීරිස්, අවීශ සමාස්, දිසිනු සමරසිංහ සහ නුශාන් පෙරේරා කඩුල්ල බැගින් බෙදා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 352 (110.4) යෙනුල දන්තනාරායන 84, අවීශ සමාස් 53, සෙනුජ වැකුණගොඩ 88, රිශ්ම අමරසිංහ 22, පමෝද් දල්පදාදු 22, චේතින කාවින්ද නොදැවී 39, නුශාන් පෙරේරා 28, ජනිත් පණ්ඩිතරත්න 3/76, ශවිඳු සිල්වා 5/95
- සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 248 (64.1) අසදිස සිල්වා 78, ශවිඳු සිල්වා 62, ජේසන් ප්‍රනාන්දු 67, විග්නේශ්වරන් ආකාශ් 3/39
සාන්ත පීතර විද්‍යාලය ලකුණු 104ක් පිටුපසින්.
මෙම තරගය හෙට (21) 3 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Stumps
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Yenula Danthanarayana | c Joshua Sebastian b Shavindu Silva | 84 | 193 | 12 | 0 | 43.52 |
| Aveesha Samash | c Evan Rodrigo b Janith Panditharathna | 53 | 93 | 9 | 0 | 56.99 |
| Senuja Wakunugoda | c Jason Fernando b Shavindu Silva | 88 | 112 | 15 | 0 | 78.57 |
| Rishma Amarasinghe | c Asadisa De Silva b Shavindu Silva | 22 | 56 | 2 | 0 | 39.29 |
| Pahan Perera | lbw b Shavindu Silva | 22 | 69 | 2 | 0 | 31.88 |
| Dilpa Madurange | c Asadisa De Silva b Shavindu Silva | 4 | 13 | 0 | 0 | 30.77 |
| Chethina Kavinda | not out | 39 | 68 | 1 | 0 | 57.35 |
| Nushan Perera | c Asadisa De Silva b Janith Panditharathna | 28 | 50 | 2 | 0 | 56.00 |
| Vigneshwaran Akash | c Savi Fernando b Janith Panditharathna | 1 | 10 | 0 | 0 | 10.00 |
| Extras | 11 (b 0 , lb 0 , nb 0, w 11, pen 0) |
| Total | 352/8 (109.4 Overs, RR: 3.21) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Sadeesha Kariyawasam | 15 | 2 | 43 | 0 | 2.87 | |
| Joshua Sebastian | 18 | 6 | 50 | 0 | 2.78 | |
| Janith Liyanage | 24.4 | 2 | 76 | 3 | 3.11 | |
| Shavindu Silva | 31 | 4 | 95 | 5 | 3.06 | |
| Sadeesha Silva | 20 | 3 | 64 | 0 | 3.20 | |
| Thareen Sanketh | 1 | 0 | 15 | 0 | 15.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Savi Fernando | c Rishma Amarasinghe b Muditha Dissanayake | 1 | 10 | 0 | 0 | 10.00 |
| Dineth Hevathanthree | c Pamoda Dalpadadu b Aveesha Samash | 5 | 16 | 0 | 0 | 31.25 |
| Asadisa De Silva | c & b Vishwa Peiris | 78 | 90 | 0 | 0 | 86.67 |
| Shavindu Silva | c Senuja Wakunugoda b Nushan Perera | 62 | 148 | 0 | 0 | 41.89 |
| Jason Fernando | lbw b Vigneshwaran Akash | 67 | 90 | 0 | 0 | 74.44 |
| Joshua Sebastian | b Vigneshwaran Akash | 6 | 11 | 0 | 0 | 54.55 |
| Enosh Peterson | lbw b Vigneshwaran Akash | 0 | 15 | 0 | 0 | 0.00 |
| Thareen Sanketh | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
| Extras | 29 (b 0 , lb 0 , nb 0, w 19, pen 10) |
| Total | 248/7 (64.1 Overs, RR: 3.86) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Disinu Samarasinghe | 12 | 1 | 47 | 1 | 3.92 | |
| Aveesha Samash | 11 | 0 | 40 | 1 | 3.64 | |
| Nushan Perera | 19 | 1 | 65 | 0 | 3.42 | |
| Vigneshwaran Akash | 13.3 | 0 | 39 | 0 | 2.93 | |
| Vishwa Peiris | 8.4 | 0 | 40 | 1 | 4.76 | |






















