වෙස්ලි සහ බෙනඩික්වරුන්ගේ අරගලය

5th James Cartman Cup

16
5th James Cartman Cup

ජේම්ස් කාර්ට්මන් පියතුමන් අනුස්මරණය කරමින් ප්‍රදානය කරනු ලබන ශූරතා කුසලානය (James Cartman Trophy) වෙනුවෙන් කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 20 සහ 21 දිනවල කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දෙවිදුහල් අතර ක්‍රිකට් ඉතිහාසයේ ඔවුනොවුන් පළමු වරට වාර්ෂික මහා ක්‍රිකට් තරගයක දී හමුවෙන්නේ මීට වසර 130කට පෙර 1896 වසරේ දී. ඊට පසුව ඔවුන් නැවත හමුවෙන්නේ 2021 වසරේ දී දෙවිදුහල් ක්‍රිකට් ඉතිහාසය වසර 125ක් වෙද්දීයී. එලෙස වර්ණවත් වන දෙවිදුහල් අතර වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ලත් එක ම ජයග්‍රහණය වාර්තා වන්නේ 2024 වසරේදී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලැබූ ජයග්‍රහණයයි.

එම ජයග්‍රහණයේ ගෞරවනීය නායකයා වෙන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ශාරුජන් ශම්මුගනාදන්.

එවන් අතීතයක් සහිත ව මෙවර තරග පිටියට පිවිසෙන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය මෙවන් දිසානායක සතු වෙන අතර වෙස්ලි විද්‍යාලය මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ රශ්මික අමරත්න වෙතයි.

වෙස්ලි විද්‍යාලය

වෙස්ලි විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී කොළඹ ආනන්ද සහ මීගමුව ද මැසිනොද් විද්‍යායට එරෙහි ව ලත් ජයග්‍රහණ ද්විත්වයක උණුසුමත් සමඟිනුයි.

මෙවර තරගයට එක් වෙන වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ රශ්මික අමරත්න වෙතයි. නිමා වූ වසරේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරමින් ගෞරවයට පත් ඔහු මෙවර ද ඒ මතකයන් මත ප්‍රතිවාදීන්ට එරෙහි වෙතැයි සිතිය හැකියි.

ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග සමය නිමා කරන්නේ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 615ක් සහ කඩුලු 33ක් ද ලබා ගනිමිනුයි.

කණ්ඩායමේ සිටින වඩාත් දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් ව සිටින්නේ රශීඩ් නායන්. ඔහු ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 959ක් ලබා ගනිමින් මේ අතරට පිවිස සිටිනවා.

ඔවුන්ට අමතර ව අර්ධ ශතක 5ක් සමඟින් ලකුණ 599ක් ලබා සිටින ලිතුම් සෙනුජ සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණ 598ක්  ලබා සිටින සෙහඳු ආතාවුද ද විශ්වසනීය පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.

පන්දු යවන්නන් අතුරින් වඩාත් දක්ෂතා දක්වා සිටින්නේ වමතින් දඟ පන්දු යවන දිනුජ සමරරත්න. ඔහු මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් ව සිටින්නේ කඩුලු 48ක් ලබා ගනිමින් පෑ දක්ෂතාත් සමඟිනුයි.

ඊට අමතර ව පිට දඟ පන්දු යවන මෙත්නුල මායාදුන්නේ කඩුලු 46ක් ද, ආද්‍යන් සේයින් කඩුලු 44ක් ද සහ ශ්‍රීරාම් ජීවහන් කඩුලු 30ක් ද දවා ගනිමින් අවධානයට ලක් ව සිටිනවා.

වෙස්ලි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

රශ්මික අමරත්න (නායක), සෙනුර ලක්ශාන්, දිනුජ සමරරත්න, චානුක විදර්ශන, ශේක්ඩ් ප්‍රනාන්දු,  තිමිර සංදිප්, ලිතුම් සෙනුජ, නෙතුක බිනුක්, රශීඩ් නායන්, තරුෂ ලියනගේ, සෙහඳු අතාවුද, නවිඳු නිම්සර, අනුක් පීරිස්, චාමර මාලිම්බඩ, කවිඳු නිම්සර, ශම්මා ප්‍රනාන්දු, ගොවිඳු නිසංසල, රෙශාන් අනුහස්, මෙත්නුල මායාදුන්න, ශ්‍රීරාම් ජීවහන්.

 

නිලධාරීන්

 

සවිඳු මෙන්ඩිස් (ක්‍රිකට් භාර ආචාර්ය), ඩිල්ශාන් මෙන්ඩිස් (ප්‍රධාන පුහුණුකරු), ෂෙහාන් ප්‍රනාන්දු (පන්දු රැකීමේ පුහුණුකරු), නුවන් තාරුක (සහාය පුහුණුකරු), සාලිංජ මනුදුල් (පුහුණු සම්බන්ධීකාරක), ශෂංක කබ්රාල් (Physio)

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය නිමා වූ තරග සමයේ දී වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලවලට එරෙහි ව ලබා ගත් ජයග්‍රහණත් සමඟිනුයි මෙවර තරගාවලියට එක් වෙන්නේ.

නායක මෙවන් දිසානායක කණ්ඩායමේ සිටින ප්‍රධාන දඟ පන්දු යවන්නායි. වමතින් දඟ පන්දු යවන ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග සමයේ දී කඩුලු 62ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඒ අතරට කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 6ක් ද වාර්තා වෙනවා.

කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතුරින් වඩාත් අවධානය දිනා සිටින පිතිකරු වෙන්නේ ටෙහාන් බීටර්. ඔහු ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 752ක් ලබා සිටිනවා. ඊට අමතර ව මාරියෝ ප්‍රනාන්දු ද ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 650ක් ද සහ

කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතුරින් වඩාත් විශ්වසනීය තුන් ඉරියව් ක්‍රීඩකයා වෙන්නේ විහඟ රත්නායක. ඔහු අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 604ක් මහ කඩුලු 35ක් ලබා සිටිනවා.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

මෙවන් දිසානායක (නායක), ලිතික ජයසුන්දර, දිනෙත් සෙනිල, රුවිඳු දිදලක, ටෙහාන් බීටර්, යොවෙල් එදිරිසිංහ, මිහිල ජයවීර, දුමීන් ලියනාරච්චි, විහඟ රත්නායක, විදුල් ඉන්සුක, යොහාන් එදිරිසිංහ, මානික්‍ය දේශප්‍රිය, සිතුම් හසරංග, අයේශ් ගජනායක, මාරියෝ ප්‍රනාන්දු, පරන්තමන් රෝහිත්, නඳුන් ප්‍රනාන්දු.

 

අසංක වන්නිනායක (ක්‍රිකට් භාර ආචාර්ය), එස්. කේ. පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), ශනුක ජීවන්ත (ප්‍රධාන සහාය පුහුණුකරු), විරාජ් ද සොයිසා (සහාය පුහුණුකරු), චාමර දිසානායක (ලකුණු සටහන්කරු)

සාන්ත බෙනඩික්ට් – වෙස්ලි විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් තරගය සඳහා එක් වෙන දෙවිදුහල් හී ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!

 පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<