යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය අතර 109 වැනි වරටත් පැවැත්වෙන උතුරු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (12) යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී ආරම්භ වූවා.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පැට්‍රික් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 176ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවි ලකුණු 40ක් ලබා සිටියා.
යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Premanayakam Mathusan (නායක), Sivanathan Shehaan, Mathiyalagan Steef Adhithya, Robinson Bearly Denowan, Kammedan Lickshan, Vimalathas Defano, Nishanthan Harin Adrian (කඩුලු රකින්නා), Selvakumar Smith Zenari, Jeyarajarupan Dinulaxsan, Japinson Kemishan, Titus Jojesh.
යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Robinson Uthayakumar Johnson (නායක), Ketheeswaran Harishan (කඩුලු රකින්නා), Vasuthevan Vishnugoban, Hamish Harmishon, Uthajaraja Kenreksan, Anushanthan Harmishan, Thivakaran Karthikan, Sasikaran Ashmin, Suresh Kabishan, Supesan Thaksikan, Antony Rithman Abinaath.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Hamish Harmishon. ඔහු පන්දු 187කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.
ඔහු තම ඉනිමේ දී Uthajaraja Kenreksan සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් ද ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Uthajaraja Kenreksan පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31කට දැවී යෑමත් සමඟිනුයි.
ඔවුන් දෙදෙනා ට අමතර ව ආරම්භක පිතිකරු නායක Robinson Uthayakumar Johnson පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Mathiyalagan Steef Adhithya ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Japinson Kemishan ලකුණු 29කට කඩුලු 3ක් ද සහ Premanayakam Mathusan සහ Selvakumar Smith Zenari කඩුල්ල බැගින් දවා ගත්තා.
- විරාන් සහ මානිත නැවතත් දක්ෂතා දක්වද්දී ශරිත් ශතකලාභියෙක් වෙයි
- මලින්ත සහ සදීශ දක්ෂ පන්දු යැවීම්වල නිතර වෙයි
- හිමිර සහ කවිත් දක්ෂතා දක්වයි
- රෙහාන්, අසදිස, අදේශ් සහ සනුජ ශතක වාර්තා කරයි
- ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අමතර විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමේ සැලසුමක්
යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය පිළිතුරු ඉනිම ආරම්භ කරන්නේ Sivanathan Shehaan සහ Nishanthan Harin Adrian විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව තම කඩුලු ආරක්ෂා කරන ගනිමින් පළමු දිනයට සමු දෙන අතර ඒ වෙද්දී Nishanthan Harin Adrian පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද සහ Sivanathan Shehaan පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (79.0)Robinson Uthayakumar Johnson 41, Hamish Harmishon 61, Uthajaraja Kenreksan 31, Japinson Kemishan 3/29, Mathiyalagan Steef Adhithya 4/25
- සාන්ත පැට්‍රික් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 40 (9.0)Nishanthan Harin Adrian නොදැවී 24
යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය ලකුණු 136ක් පිටුපසින්.
මෙම තරගය හෙට (13) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තරගයේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 127 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.






















