මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 76 වැනි වරටත් පැවැති මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (8) විසඳුමකින් තොරව අවසන් වුණා.
එවන් විසඳුමකින් තොරව නිමා වූ 66 වැනි රන් සටනයි මේ.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 214ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 263ක් ලබා ගන්නවා.
ලකුණු 49ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර ලකුණු 279ක් ලබා ගනිමින් තම ඉනිම අත්හිටුවනවා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 231ක හඹායන ඉනිමකට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලය තරගය අවසන් වන විට ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 54ක් පමණයි.
>>සේනා බල ගැන්වූ මොරටු රන් සටන 6 – 8 දිනවල දී
තරගයේ අවසන් දිනය උදා වෙන්නේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ 2 වැනි ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 13ක් ලබා සිටිය දී යි. ඒ වෙද්දී ඔවුන් සිටියේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 36ක් පිටුපසිනුයි.
දිනය ආරම්භයේ සිට ම ඔවුන් ප්‍රතිවාදීන්ට රිසි සේ බැට දීමේ ක්‍රමවේදයක් අනුගමන කළ අතර කඩුලු 4ක් දැවී ගොස් අත්හිටවූ එම ඉනිමට අර්ධ ශතක 5ක් එක් කිරීමට ඔවුන් සමත් වුණා.
ඒ අනුව ආරම්භක පිතිකරුවන් වූ තිවංක ප්‍රනාන්දු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ද සහ කවීශ පෙරේරා පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.
අනතුරු ව ඉනිමට අර්ධ ශතකයක් එක් කළේ ලශේන් ප්‍රනාන්දු. ඔහු ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.
ඉනිම අත්හිටුවන විට කොශේන්ද්‍ර ප්‍රනාන්දු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ද සහ පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබා ගත් චමත් වෙල්ලාලගේ පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 115කට මුහුණ දෙමින් නොදැවුණ ලකුණු 110ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී රුසඳු සිල්වා ලකුණු 48කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව නෙතුල් අනුහස් සහ මතීශ අපෝන්සු කඩුල්ල බැගින් දවා ගන්නවා.
- වෙල්ලාලගේ මොරටු රන් සටනට අර්ධ ශතකයක් එක් කරයි
- සුවහස් සහ මලින්ත දෙවැනි දිනය වර්ණවත් කරයි
- සුලෝහිත සංග්රාම එක්දින තරගයේ ජය නාලන්දාවට
- සිහින සංග්‍රාමය විසඳුමක් නැතිව අවසන් වෙයි
ලකුණු 230ක් ඉදිරියෙන් සිටිමින් තම ඉනිම අත් හිට වූ සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට තරගය විවෘත කළ ද එම ඉලක්කය හඹා යෑමට ඔවුන් උත්සාහ කළේ නැහැ.
එලෙසින් ආරක්ෂා වූ වේල්ස් කුමරුවන්ගේ ඉනිමේ කඩුලු 5ක් ලකුණු 49ක් වෙද්දී දවා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට සමත් වෙනවා. එහි දී කොශේන්ද්‍ර ප්‍රනාන්දු සහ මලින්ත සිල්වා කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර ශෙනාෂ් හශේන් ද කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ විසඳුමකින් තොරව අවසන් වෙද්දී පළිඟු පෙරේරා පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත් අතර ඊටඅමතර සහ ඔෂාන් ද සිල්වා පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (78.3)තිවංක ප්‍රනාන්දු 20, කවීෂ පෙරේරා 35, අදේශ් අල්මේදා 21, චමත් වෙල්ලාලගේ 58, ශෙෆාන් ප්‍රනාන්දු 24, නෙතුල් අනුහස් 3/48, රුසඳු සිල්වා 3/39
- වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (89.2) පලිඟු පෙරේරා 42, සෙතික විජේතුංග 20, සුවහස් ප්‍රනාන්දු 77, ඔශාන් ද සිල්වා 29, මතීශ අපෝන්සු නොදැවී 21, මලින්ත සිල්වා 5/100, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 3/82
- සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම –දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 279 (71.0) තිවංක ප්‍රනාන්දු 50, කවීෂ පෙරේරා 52, ලශේන් ප්‍රනාන්දු 54, කොශේන්ද්‍ර ප්‍රනාන්දු නොදැවී 66, චමත් වෙල්ලාලගේ නොදැවී 50, රුසඳු ද සිල්වා 2/48
- වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 54 (28.0)පලිඟු පෙරේරා 22, ඔෂාන් ද සිල්වා නොදැවි 17, මලින්ත සිල්වා 2/23, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 2/13
තරගයේ විසඳුමක් නෑ.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සුවහස් ප්‍රනාන්දු (වේල්ස් කුමාර විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මලින්ත සිල්වා (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – චමත් වෙල්ලාලගේ (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – කොශේන්ද්‍ර ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
දෙවිදුහල් අතර පැවැත්වෙන 41 වැනි එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 14 වැනිදා ද සහ 4 වැනි වරටත් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ මස 15 වැනිදා ද පැවැත්වීමට නියමිත අතර එම තරග ද්විත්වය ම පැවැත්වෙන්නේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදීයි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.






















