කවිඳු තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි

U19 School Cricket 2026

3
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (5) පැවැති අතර  එහි දී  වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවිඳු සේනාදී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීමට සමත් වූවා.

ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලය හා සමඟ පැවැති තරගයේ දී ධර්මරාජවරුන් 7 දෙනෙක් ලකුණු 74කට දවා ගත් අතර ඊට පසු ඉනිමේ දී ඉනිමේ ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා.

ඔහුගේ එම ඉනිම පන්දු 144කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 13ක් සහ හයේ පහරක් ද එක් කර තිබුණා. එහි දී ඔහු ඉනිමේ සිව් වැනි කඩුල්ලට කවිඳු විහඟ හා එක් වෙමින් නොදැවුණ ලකුණු 150ක සබඳතාවක් ද එක් කරනවා.

තරගය අවසන් වන විට කවිඳු විහඟ පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයෙ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 96ක් ලබා සිටියා.

මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් ද ශතකයක් වාර්තා කරනවා. ඒ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිවයි. ඔහු පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත් අතර ඔහුගේ එම ඉනිමේ දී හිරුන් ලියනාරච්චි හා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 160ක දී ලකුණු 163ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා.

හිරුන් ලියනාරච්චි පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ලබා ගන්නවා.

ඔවුන්ට අමතර ව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පන්සිළු සිල්වා (55), බිහඟ සිල්වා (56) සහ මෙවිඳු කුමාරසිරි (55), රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ යසිරු ලක්ශාන් (83) සහ විහඟ ඉඳුවර (54), ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ රිසිනු රූපසිංහ (62), මහනුවර ධර්මාරාජ විද්‍යාලයේ සශිත් බණ්ඩාර (57) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.

පන්දු යැවීමේ දී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ දමේස් මතිසන් (5/92) සහ කොළඹ රාජකීය විද්‍යාලයේ හිමරු ද සිල්වා (5/58) දක්ෂතා දක්වනවා.

අද (5) අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 254 (80.0)විමත් දින්සර 61, දුශේන් උඩවෙල 41, සෙහඳු සූරියආරච්චි නොදැවී 68, ටෙනුෂ නිම්සර 4/88, මිනග ආරියදාස 3/52
  • රිච්ම්න්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (70.3)රිසිනු රූපසිංහ 62, අමීෂ රසාංජන 29, ටෙනුශ නිම්සර 27, මිහිරු කොඩිතුවක්කු 2/22, හිමරු ද සිල්වා 5/58, දුශේන් උඩවෙල 3/36
  • රාජකීය විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 200 (35.0)හිරුන් ලියනාරච්චි 75, රෙහාන් පීරිස් නොදැවී 102

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය රාජකීය විද්‍යාලයට)

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (67.1)හිතේශ් රුවන්ද 58, හෆීස් ජුන්කීර් 30, රිද්ම බාශික 75, සදීශ කාවින්ද 21, සශිත් බණ්ඩාර 7/51
  • ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (78.3) කාශ්‍යප දිසානායක 39, තරිඳු වර්ණකුලගේ 30, සශිත් බණ්ඩාර 57, මන්දිල් ගුණවර්ධන 26, ඉසුරු සමරතුංග නොදැවී 20, කවිඳු සේනාදි 7/74, රිද්ම බණ්ඩාර 2/48
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 237 (43.0) කවිඳු සේනාදි නොදැවී 106, කවිඳු විහඟ නොදැවී 96, සශිත් බණ්ඩාර 2/91

තරගයේ විසඳුමක් නෑ (පළමු ඉනිමේ ජය ධර්මරාජ විද්‍යාලයට.)

අද (5) ආරම්භ වු තරගවල කෙටි ලකුණු පුවරු

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය

  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (69.3)පංසිළු සිල්වා 55, විදුර බාසුරු 25, නේක්ෂ ඉද්දමල්ගොඩ 42, බිහඟ සිල්වා 56, මෙවිඳු කුමාරසිරි 55, දමේස් මතිසන් 5/92, අමල් දෙනුවන් 4/58
  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 90 (23.0)සස්මිත ප්‍රනාන්දු නොදැවී 33, නේතන් ප්‍රනාන්දු නොදැවී 21

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 168ක් පිටුපසින්.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට අතර තරගය වීරකැටිය, මන්දාදුව ක්‍රීඩාංගණයේ දී.  (Tier B)

කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

  • දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (55.5)යසිරු ලක්ශාන් 83, ගිම්හාන් රසාංජන 26, විහඟ ඉඳුවර 54, ටිශාන් නිපුන් 3/16, සතිඳු ප්‍රබෝධ 3/67, කෝෂිත ආදිත්‍ය 3/54
  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 88 (37.4)මෙවන් රන්දීප 35, තරුෂ මිහිරංග 38, ගිම්හාන් රසාංජන 3/11

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ලකුණු 107ක් පිටුපසින්.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<