10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 2 වැනි කාණ්ඩයේ තරගාවලියේ තමන් සහභාගී වූ 2 වැනි තරගය ද ජයග්‍රහණය කළ එංගලන්ත ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසීමේ මඟ පහසුවෙන් ම විවර කර ගත්තා.
මීට පෙර තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 51ක ජයග්‍රහණය ලබා ගන්නා ඔවුන් ඊයේ (24දා) පාකිස්තානය සමඟ පැවැති තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ අනුව මේ වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු අසුන හිමිකර ගැනීමට සමත් ව සිටින ඔවුන්ට තවත් ඉතිරි ව ඇත්තේ නවසීලන්තය හා සමඟ තරගය පමණයි.
>>ශ්‍රී ලංකාව සිය පළමු ජය එංගලන්තයට පූජා කරයි!<<
45 වැනි තරගය (රාත්‍රී), Super 8s, එංගලන්තය සහ පාකිස්තානය අතර
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Sahibzada Farhan. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්සයි ජාත්‍යන්තර තරග දිවියේ 9 වැනි අර්ධ ශතකයයි.
ඔහු Babar Azam සමඟ 3 වැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 46ක් එක් කරන ලද අතර එහි දී Babar Azam පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඉන් අනතුරු ව සිව් වැනි කඩුල්ල වෙනුවෙන් Fakhar Zaman හා එක් ව ලකුණු 49ක සබඳතාවක් එක් කරන ලද අතර එහි දී Fakhar Zaman පන්දු 16ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව Shadab Khan පන්දු 11ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Liam Dawson ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Jamie Overton සහ Jofra Archer කඩුලු ද්විත්වය බැගින් ද සහ Adil Rashid කඩුල්ලක් ද දවා ගත්තා.
- කොදෙව්වෝ, සිම්බාබ්වේට එරෙහි ව ගිනිකෙළි හරඹයක
- සුපිරි 8 පළමු තරගය වර්ෂාවට බිලි වෙයි
- SSC උසස් විමක් ලබා ගනිමින් Tier B තරගාවලිය අවසන් කරයි
- බෑ කියා හා කියූ පාකිස්තාන මෙහෙයුම අඩාලයි
- ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් 2026 PSL තරගාවලියට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 58ක් වෙද්දී දැවී යනවා. ඒ වෙද්දී එංගලන්ත කණ්ඩායමේ ප්‍රමුඛ පෙළ පිතිකරුවන් වු Phil Salt (0), Jos Buttler (2), Jacob Bethell (8) සහ Tom Banton (2) පාකිස්තාන පන්දු යවන්නන්ට ගොදුරු වී තිබුණා.
ඒ අසාර්ථක අවස්ථාවේ දී නායකත්වයේ ඉනිමක් ගොඩ නගමින් තරගය ජයග්‍රාහී මායිමට රැගෙන ඒමට Harry Brook සමත් වෙනවා. පළමු කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරු ව පිටියට පිවිසි ඔහු ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ 61ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මංගල ශතකයයි.
ඔහු දැවී යන විට එංගලන්ත ඉනිම ලකුණු 155ක් ලෙසින් සටහන් වූ අතර එම ඉනිම තුළ දී Sam Curran හා 5 වැනි කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 45ක් ද සහ Will Jacks හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 52ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහි දී Sam Curran පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද සහ Will Jacks පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.
තරගයේ ජයග්‍රහණය මේ පිතිකරුවන් තිදෙනා ගේ දායකත්වය මත ම පමණක් සිදු වූ අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට හැකි වූයේ නැහැ. තවත් පන්දු 5ක් ඉතිරි ව තරගය අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 165ක් ලෙසින් සටහන් වෙමින් ජයග්‍රහණය ඔවුන් සතු කළා.
පන්දු යැවීමේ දී Shaheen Shah Afridi ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Mohammad Nawaz සහ Usman Tariq කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පාකිස්තානය – කඩුලු 9ක් දැවී 164 (20.0) Sahibzada Farhan 63, Babar Azam 25, Fakhar Zaman 25, Shadab Khan 23, Jofra Archer 2/32, Jamie Overton 2/26, Liam Dawson 3/24
එංගලන්තය – කඩුලු 8ක් දැවී 166 (19.1) Harry Brook 100, Will Jacks 28, Shaheen Shah Afridi 4/30, Mohammad Nawaz 2/26, Usman Tariq 2/31
එංගලන්ත කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
- තරගයේ වීරයා – Harry Brook (එංගලන්තය)
තරගාවලියේ අද (25) පැවැත්වෙන තරගය
- රාත්‍රී 7.00 ට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















