ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් (21දා) අවසන් වූ අතර එම තරග ත්‍රිත්වය ම අවසන් වූයේ ම විසඳුමකින් තොරවයි.
එම තරගවල දී පිතිකරුවන් අතුරින් ශාන්ත ජෝශප් විද්‍යාලයේ අවීෂ සාමාශ් (88), රිශ්ම අමරසිංහ (52), දිල්ප මධුරංග (නොදැවී 56) කැපී පෙණෙන දක්ෂතා දැක් වූ අතර පන්දු යැවීමේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන නෙතුජ භාෂිත (5/39) දක්ෂතා දැක් වූවා.
- දිමන්ත සහ ශාරද දක්ෂතා දක්වයි
- සුමේද දවසේ හොඳම පන්දු යවන්නා වෙයි
- මලින්ත සහ සදීශ දක්ෂ පන්දු යැවීම්වල නිතර වෙයි
- අදේශ්, දුල්සිත් සහ උෂාන් ශතක වාර්තා කරයි
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 3ක ජයක්
නිමා වූ තරගවල කෙටි ලකුණු සටහන්
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දි. (Tier A)
කාසියේ වාසිය – මහානාම විද්‍යාලය
- මහානාමවිද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 350 (77.0) සිනෙත් වීරරත්න 59, දුල්නිත් සිගේරා 74, වෙනුර කවීත්‍ර 26, චාමික හීනටිගල 36, එශාන් විතානගේ නොදැවී 71, තවිරු පෙරේරා 28, නෙතුල් අනුහස් 5/122, මතීෂ අපෝන්සු 2/54
- වේල්ස්කුමාර විද්‍යාලය – සියලුම දෙනා දැවී 179 (64.0) සුවහස් ප්‍රනාන්දු 30, ඔෂාන් ද සිල්වා 30, ගවේෂ් ප්‍රනාන්දු 20, මතීශ අපෝන්සු නොදැවී 40, චාමික හීනටිගල 3/40, කෞෂික තිලකරත්න 2/09
- වේල්ස්කුමාර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 45 (19.0) සුවහස් ප්‍රනාන්දු නොදැවී 23, චාමික හීනටිගල 2/14
තරගයේ විසඳුමක් නෑ. (මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)
මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයීය පිටියේ දී. (Traditional)
කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
- වෙස්ලිවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 161 (44.4) ශම්මා ප්‍රනාන්දු 22, රශීඩ් නායන් 39, සෙහඳු අතාවුද 20, රශ්මික අමරරත්න 24, නුශාන් පෙරේරා 4/21, මිනොෂ් ද සිල්වා 2/28, විග්නේශ්වරන් ආකාශ් 3/36
- සාන්ත ජෝශප් විද්‍යාලය – පළමු ඉනිමකඩුලු 6ක් දැවී 295 (49.0) යෙනුල දන්තනාරායන 48, අවීෂ සාමාශ් 88, සෙනුජ ඩිහංස 20, රිශ්ම අමරසිංහ 52, දිල්ප මධුරංග නොදැවී 56, රශ්මික අමරරත්න 4/49
- වෙස්ලිවිද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 96 (47.0) සම්මා ප්‍රනාන්දු 32, ෂෙහඳු ආතාවුද නොදැවී 35, නුෂාන් පෙරේරා 2/26
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත ජෝශප් විද්‍යාලයට)
කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය පිටියේ දී. (Traditional)
කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය
- රිච්මන්ඩ්විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (56.0) රිසිනු රූපසිංහ 40, සෙනුක් දුල්නෙත් 38, දහම් මෙන්ඩිස් 24, මිනග ආරියදාස නොදැවී 24, ශාරද ජයරත්න 6/66, කිත්ම විතානපතිරණ 4/44
- ආනන්දවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 138 (51.4) කුඩාගම 22, ආශිංස නයිනායක 31, විහඟ මිහිරංග 2/25, නෙතුජ භාෂිත 5/39, මිනග ආරියදාස 2/27
- රිච්මන්ඩ්විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 120 (51.4) රිසිනු රූපසිංහ 28, බෙවින් ජයවර්ධන නොදැවී 27, ටෙනුෂ නිම්සර නොදැවී 27, රශාන් ඩිලක්ෂ 2/28
තරගයේ විසඳුමක් නෑ.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















