Plate ශූරතාව දිනූ ඇතුල්ගල්පුර වීරයෝ

Major Club 03 Day League Tournament 2025

11

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට Kurunegala Youth කණ්ඩායම සමත් වෙනවා.  

ඔවුන් මෙම තරගාවලියේ Plate ශූරතාවලිය සඳහා එක් වෙන්නේ Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් වෙමින් වීම විශේෂත්වයක්. එම තරගාවලියේ දී  ඔවුන් තරගාවලිය නිමා කරන්නේ ප්‍රසාද ලකුණු 38.84ක් ලබා ගනිමින්.  

ඔවුන් සමඟින් ප්‍රසාද ලකුණු 44.29ක් ලබා සිටි Badureliya කණ්ඩායම ද සහ ප්‍රසාද ලකුණු 40.095ක් ලබා සිටි Tamil Union කණ්ඩායම ද Plate තරගාවලිය වෙනුවෙන් එම කාණ්ඩයෙන් එක් වුණා.  

Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩය නියෝජනය කණ්ඩායම් අතුරින් ප්‍රසාද ලකුණු 42.705ක් ලබා සිටි Panadura කණ්ඩායම ද, ප්‍රසාද ලකුණු 41.905ක් ලබා සිටි Nugegoda කණ්ඩායම ද සහ ප්‍රසාද ලකුණු 28.7ක් ලබා සිටි Chilaw Marians කණ්ඩායම Plate තරගාවලිය සඳහා එක් වුණා.  

මෙම සියලු කණ්ඩායම් Plate තරගාවලිය සඳහා එක් වුණේ එම ප්‍රසාද ලකුණු ද අතැතිව වන අතර එම තරගාවලියේ දී Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිවාදී කාණ්ඩයේ කණ්ඩායම් සමඟ තරග වැදීමට ඒ එක් එක් කණ්යම්වලට සිදු වුණා. 

නිමා වූ Plate තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව 

  Team  Mat  Win  Lost  Tied  Drown  N/R  Points 
1  Kurunegala Youth CC  5  1  0  0  4  0  55.39 
2  Panadura SC  5  0  0  0  5  0  51.73 
3  Tamil Union C & AC  5  1  0  0  4  0  42.06 
4  Badureliya SC  5  1  0  0  4  0  40.465 
5  Nugegoda SWC  5  1  2  0  2  0  39.075 
6  Chilaw Marians Cc  5  0  2  0  2  0  26.815 

 

Kurunegala Youth කණ්ඩායම මෙම ගමනේ දී ලත් එක ම ජයග්‍රහණය වෙන්නේ Plate ශූරතාවලියට ක්‍රීඩා කරන ලද අවසන් තරගය වූ Chilaw Marians කණ්ඩායමට එරෙහි ව ලත් කඩුලු 5ක ජයග්‍රහණයයි.  

ඇතුගල්පුර වීරයන්ගේ ගමන් මඟ 
  ප්‍රතිවාදීන්  තරගයේ ප්‍රතිඵලය  ක්‍රීඩාංගණය 
Major Club තුන් දින තරගාවලිය 
1  Ace Capital CC  පළමු ඉනිමේ ජය Ace Capital කණ්ඩායමට  ගාල්ල 
2  BRC  පළමු ඉනිමේ ජය BRC කණ්ඩායමට  මග්ගොන 
3  Badureliya SC  පළමු ඉනිමේ ජය KYCC කණ්ඩායමට  P. Sara Oval 
4  NCC  පළමු ඉනිමේ ජය NCC කණ්ඩායමට  සූරියවැව 
5  Tamil Union C &AC  පළමු ඉනිමේ ජය KYCC කණ්ඩායමට  NCC 
6  Moors SC  පළමු ඉනිමේ ජය Moors කණ්ඩායමට  සූරියවැව 
Plate ශූරතාවලිය 
8  Panadura SC  පළමු ඉනිමේ ජය Panadura කණ්ඩායමට  මග්ගොන 
9  Nugegoda SWC  පළමු ඉනිමේ ජය KYCC කණ්ඩායමට  ගාල්ල 
10  Chilaw Marians CC  KYCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.   මග්ගොන 

404/10 (109.3) 

මෙම තරගාවලියේ දී Kurunegala Youth ක්‍රීඩකයෝ කණ්ඩායමකට එරෙහි ව ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වෙන්නේ Tamil Union කණ්ඩායමට එරෙහි ව සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 404යි.  

Major Club තුන් දින තරගාවලිය යටතේ NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී Kurunegala Youth කණ්ඩායම වෙනුවෙන් ගයාන් මනීශාන් (160) සහ සමීර සඳමාල් (106) ශතක රැස් කරනවා.  

කෙසේ වෙතත් තරගාවලිය තුළ ඔවුන් ලත් දරුණු ම ප්‍රහාරය වෙන්නේ Moors කණ්ඩායම වෙතින් ලත් ප්‍රහාරයයි. ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 441ක් වාර්තා කරන ලද එම ඉනිමේ දී සොහාන් ද ලිවේරා (139), සිතාර ගිම්හාන් (76), රමේෂ් මෙන්ඩිස් (65) සහ ශෙහාන් ප්‍රනාන්දු (51) දක්ෂතා දක්වනවා.  

1001/31 

Kurunegala Youth ක්‍රීඩකයෝ මේ ආ ගමනේ දී නිමා කරන ලද වඩාත් ම තීව්‍ර තරගය වෙන්නේ Tamil Union කණ්ඩායම හා එක් ව පැවැති තරගයයි. එම තරගයේ දී කණ්ඩායම් ද්විත්වය එක් ව ලකුණු 1001ක් ලබා ගන්නවා. 

එහි දී පළමුවෙන් පන්දුවට පහර දෙන Kurunegala Youth ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 404ක් රැස් කරන ලද අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී Tamil Union ක්‍රීඩකයෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 167ක් පමණයි. 

ඒ අනුව ලකුණු 237ක් පිටුපස සිටිමින් පිට පිට 2 වැනි ඉනිමටත් ක්‍රීඩා කරන Tamil Union ක්‍රීඩකයෝ එවර කඩුලු 6ක පමණක් දැවී ලකුණු 358ක් ලබා ගන්නවා. තරගයේ තෙවැනි දිනයේ අවසන් කාර්තුවේ දී Kurunegala Youth ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් ලැබෙන අතර දිනය නිමා වෙන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 72ක් ලබා සිටිය දී යි.  

ඔවුන් ගේ මෙම ඉනිම් 4 ලකුණු එකතුව මෙවර තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගන්නා ලද ලකුණු අතර 5 වැනි ස්ථානයට ලැයිස්තු ගත වුණා.  

ඇතුගල්පුර ජයග්‍රහණයේ තුන් ඉරියව් නායකයා 

Kurunegala Youth කණ්ඩායමේ ජයග්‍රාහී ගමනේ දී නායක සමීර සඳමාල් කණ්ඩායම වෙනුවෙන් ඉහළ ම දක්ෂතා දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් පෙරමුණ ගන්නවා.   

32 හැවිරිදි වියේ පසුවෙන ඔහු පිතිකරුවෙක් ලෙසින් තරග 9ක ඉනිම් 15ක දී ශතකයක් ද සමඟින් ලකුණු 335ක් ලබා ගන්නා ලද අතර දකුණතින් පිට දඟ පන්දු යවමින් කඩුලු 14ක් දවා ගන්නවා.  

දකුණතින් පිත්ත හසුරුවන සමීර සඳමාල්ගේ මෙවර තරගාවලියේ පිතිකරු හොඳම ඉනිම බවට පත් වෙන්නේ Tamil Union කණ්ඩායමට එරෙහි ව පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලබා ගත් ලකුණු 106යි.  

එමෙන් ම මෙවර තරගාවලියේ ඔහුගේ පන්දු යැවීම අතර ඉහළ ම දක්ෂතාව වූයේ Moors කණ්ඩායමට එරෙහි ව ලකුණු 26කට දවා ගත් කඩුලු 3යි. ඊට අමතර ම එම තරගයේ පළමු ඉනිමේ දී ද ලකුණු 38කට කඩුලු 2ක් දවා ගන්නා ඔහු තරගයේ දී ලකුණු 64කට කඩුලු 5ක් දවා ගනිමින් මෙවර තරගාවලියේ තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව ද දක්වනවා.  

මේ දක්වා පළමු පෙළ තරග 53කට ක්‍රීඩා කර ඇති සමීර සඳමාල් ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1967ක් රැස් කරමින් ද සහ කඩුලු 41ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වා තිබෙනවා.  

තරගාවලියේ ඉහළ ම දක්ෂතා දැක් වූ පිතිකරුවෝ 

ජයග්‍රාහී Kurunegala Youth කණ්ඩායමේ මෙම ගමනේ දී වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ 33 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ. ඔහුගේ ඉනිම් අතර  Badureliya කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 116ක් සහ තවත් අර්ධ ශතක ත්‍රිත්වයක් ද ඇතුලත්.  

එමෙන් ම ඔහු තරගාවලියේ දී හතරේ පහර 48ක් සහ හයේ පහර 15ක් ද එල්ල කරමින් තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම හතරේ පහර හයේ පහර එල්ල කළ පිතිකරු බවට ද පත් වුණා.  

මේ දක්වා පළමු පෙළ තරග 91කට ක්‍රීඩා කර ඇති චාමිකර එදිරිසිංහ ශතක 8ක් සහ අර්ධ ශතක 24ක් සමඟින් ලකුණු 4527ක් ලබා සිටින අතර අමතර පන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කරමින් කඩුලු 19ක් ද ලබා සිටිනවා.  

ඇතුගල්පුර කණ්ඩායම වෙනුවෙන් ඉහළ ම දක්ෂතා දැක් වූ පිතිකරුවන් තිදෙනා 
  Player  Mat  Inns  NO  Runs  HS  Ave  100  50 
1  ලක්ෂාන් එදිරිසිංහ  9  15  2  606  116  46.61  1  3 
2  ගයාන් මනීශාන්   8  13  1  507  160  42.25  2  1 
3  මනෝජ් සරත්චන්ද්‍ර  9  15  1  507  82*  36.21  0  5 

මෙම ලැයිස්තුව එලෙසින් සැකසෙද්දී කණ්ඩායමේ වැඩිම ශතකලාභියා ලෙසින් ලැයිස්තු ගත වෙන්නේ ගයාන් මනීශාන් ගේ නමයි. ඔහු Tamil Union (116) කණ්ඩායමට සහ Nugegoda (112) එරෙහි ව ශතක ද්විත්වයක් රැස් කරනවා.   

34 හැවිරිදි වියේ පසුවෙන් ගයාන් මනීශාන් මේ දක්වා පළමු පෙළ තරග 111කට ක්‍රීඩා කරමින් ශතක 14ක් සහ අර්ධ ශතක 28ක් ද සමඟින් ලකුණු 6001ක් ලබා ඇති ක්‍රීඩකයෙක් වන අතර ඔහුගේ ඉනිම් අතර ද්විත්ව ශතකයක් ද තිබෙනවා.  

ඔහුට අමතර ව සමීර සඳමාල් ද ඇතුගල්පුර ශතකලාභීන් ගේ ලැයිස්තුවට එක් වෙනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Tamil Union කණ්ඩායමට එරෙහි ව ලකුණු 106ක් ලබා ගනිමිනුයි.  

කණ්ඩායමේ වැඩි ම අර්ධ ශතකලාභියා බවට පත් වෙන්නේ මනෝජ් සරත්චන්ද්‍ර. ඔහු BRC (53), NCC (82*), Moors (54), Panadura (50) සහ Chilaw Marians (65) කණ්ඩායම්වලට එරෙහි ව මෙම දක්ෂතාව දක්වනවා.    

තරගාවලියේ ඉහළ ම දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ 

ඇතුගල්පුර ක්‍රීඩකයන් අතුරින් මෙම ලැයිස්තුවේ පළමු වැනි අසුනට හිමිකම් කියන්නේ වමතින් දඟ පන්දු යවන 34 හැවිරිදි වියේ පසුවෙන චාමිකර එදිරිසිංහ. ඔහු මෙවර තරගාවලියේ දී පෑ ඉහළ ම දක්ෂතාව වෙනුයේ BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 91කට දවා ගත් කඩුලු 6යි. එය මෙවර තරගාවලියේ Kurunegala Youth පන්දු යවන්නන් අතර එළි දැක් වුණ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුණා.  

ඊට අමතර ව Badureliya කණ්ඩායමට එරෙහි ව පලමු ඉනිමේ දී ලකුණු 77කට කඩුලු 5ක් සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 81කට කඩුලු 2ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 158කට කඩුලු 7ක් දවා ගනිමින් තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව ද දක්වනවා.  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් ද වර්ගීකරණයට ලක් ව සිටින චාමිකර එදිරිසිංහ මේ දක්වා පළමු පෙළ තරග 109කට ක්‍රීඩා කරමින් කඩුලු 413ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 2442ක් ලබා සිටිනවා.  

ඇතුගල්පුර කණ්ඩායම වෙනුවෙන් ඉහළ ම දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් තිදෙනා 
  Player  Mat  Inns  Over  Md  Runs  Wkts  Best  Ave  5 
1  චාමිකර එදිරිසිංහ  9  15  312.3  57  1049  39  6/91  26.89  2 
2  දිනුෂ්ක මාලන්  9  14  229.1  70  568  17  5/66  33.41  1 
3  සමීර සඳමාල්  9  13  89.3  11  339  14  3/26  24.21  0 

මේ අතර ඇතුගල්පුර කණ්ඩායමේ කඩුලු රැකි 33 හැවිරිදි වියේ පසුවෙන මනෝජ් සරත්චන්ද්‍ර උඩ පන්දු 16ක් සහ කඩුලු බිඳ හෙළීම් 7කට දායක වෙමින් දවා ගැනීම් 23කට සම්මාදන් වෙනවා. එය මේ දක්වා පැවැති 3 දින තරගාවලියේ කඩුලු රකින්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් ව තිබෙනවා.  

33 හැවිරිදි වියේ පසුවෙන මනෝජ් සරත්චන්ද්‍ර මේ දක්වා පළමු පෙළ තරග 108කට ක්‍රීඩා කරමින් පිතිකරුවෙක් ලෙසින් ශතක 12ක් සහ අර්ධ ශතක 32ක් ද සමඟින් ලකුණු 5509ක් ද සහ දවා ගැනීම් 305කට ද දායක වී සිටින ක්‍රීඩකයෙක්.   

ජයග්‍රාහී මෙම ගමනේ Kurunegala Youth කණ්ඩායමේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව එක් කිරීමේ ගෞරවය හිමි වෙන්නේ යොහාන් මද්දගේ සහ ලක්වින් අබේසිංහ වෙතයි. ඔවුන් දෙදෙනා එක් ව Chilaw Marians කණ්ඩායමට එරෙහි ව 1 වැනි කඩුල්ලට ලකුණු 136ක සබඳතාවක් එක් කරන ලද අතර එයට එම ලැයිස්තුවේ පළමු අසුන වෙන් වුණා.  

Kurunegala Youth කණ්ඩායම් සංචිතය 

සමීර සඳමාල් (නායක), ධනුශ්ක ධර්මසිරි, යොහාන් මද්දගේ, කසුන් ඒකනායක, රශ්මික මදුශංක, මනෝජ් සරත්චන්ද්‍ර (කඩුලු රකින්නා), අරවින්ද ප්‍රේමරත්න, ලක්ෂාන් එදිරිසිංහ, දිනුශ්ක මාලන්, ලක්වින් අබේසිංහ, ලෝචන සෝමරත්න, නදිත් දිසානායක, ගයාන් මනීශාන්, ගයන වීරසිංහ, චමොද් සඳරු, ලහිරු ජයරත්න, දිල්හාර පොල්ගම්පළ, මාධව වර්ණපුර, චාමිකර එදිරිසිංහ, රනිත ලියනාරච්චි, රන්දීර රණසිංහ, දුලාංජල මෙන්ඩිස්. 

 නිලධාරීන් 

අජිත් ඒකනායක (කළමණාකරු), ප්‍රසාද් රණවක (ප්‍රධාන පුහුණුකරු), රනුක ජයරත්න (Physio), එස්. එස්. කේ. සෙනරත් (Masseur), අසිත බර්නාඩ් (Analyst), සුමිත් ගුණවර්ධන (ලකුණු සටහන්කරු) 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූ Kurunegala Youth කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්! 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<