10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (8) ඉන්දියාවේ දී පැවැති තරගවල දී නවසීලන්ත සහ එංගලන්ත කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.
මේ අතුරින් එංගලන්ත ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය ඉතා අසීරුවෙන් වාර්තා කළ ජයග්‍රහණයක් වීම විශේෂත්වයක්. නේපාලය සමඟ පැවැති මෙම තරගයේ දී අවසන් පන්දුව දක්වා ම තරගයේ පාලනය කණ්ඩායම් ද්විත්වය අතරේ දෝලනය වූණා.
එම තරග ද්විත්වයට අමතර ව තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැතියා.
4 වැනි තරගය, Group D, ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර
Chennai හී Chepauk ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Gulbadin Naib. ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා.
ඊට අමතර ව Sediqullah Atal පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද සහ Rahmanullah Gurbaz පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Lockie Ferguson ලකුණු 40කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Rachin Ravindra, Matt Henry සහ Jacob Duffy කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගන්නවා. තවත් පන්දු 13ක් ඉතිරි ව තිබිය දී ජයග්‍රහණය කළ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Tim Seifert. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Glenn Phillips පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ද, Mark Chapman පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ Daryl Mitchell පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Mujeeb Ur Rahman ලකුණු 31කට කඩුලු 2ක් ද, Mohammad Nabi, Rashid Khan සහ Azmatullah Omarzai කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඇෆ්ගනිස්තානය – කඩුලු 6ක් දැවී 182 (20.0)Rahmanullah Gurbaz 27, Gulbadin Naib63, Sediqullah Atal 29, Darwish Rasooli 20, Lockie Ferguson 2/40
- නවසීලන්තය – කඩුලු 5ක් දැවී 183 (17.5)Tim Seifert 65, Glenn Phillips42, Mark Chapman 28, Daryl Mitchell නොදැවී 25, Mujeeb Ur Rahman 2/31
නවසීලන්ත කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – Tim Seifert (නවසීලන්තය)
- අයර්ලන්තය ලෝක කුසලානයට සැරසෙයි
- T20 ලෝක කුසලාන උණුසුම – පෙබරවාරි 07 වැනිදා තොරතුරු
- ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් කිහිපයක්
- යොවුන් ලෝක කුසලාන කිරුළ ඉන්දියාවට
- ඩයලොග් ටෙලිවිෂන් සහ ThePapare වෙතින් ICC ලෝක කුසලානයට ප්‍රථම වරට සිංහල විවරණයක්
5 වැනි තරගය (දිවා/රාත්‍රී), Group C, එංගලන්තය සහ නේපාලය අතර තරගය
Mumbai හි Wankhede ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 184ක් ලබා ගත් අතර ඊට පිළිතුර ඉනිමට පිටියට පිවිසි නේපාල ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන් ඉදිරියේ තියුණු තරගයක් ලබා දුන්නා.
නේපාල ඉනිමේ අවසන් පන්දුවාර 5 දී ලකුණු 55ක් එක් කළ අතර, අවසන් පන්දුවාරයේ දී ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 10ක් පමණයි. නමුත් ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 5ක් පමණයි.
එංගලන්ත ක්‍රීඩකයෝ මවිත කරන පිතිහරඹයන්වල යෙදීමට සමත් වූ නේපාල ක්‍රීඩකයන් අතර Dipendra Singh Airee, Lokesh Bam, Rohit Paudel සහ Kushal Bhurtel ඇතුලත් වුණා.
එහි දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූණේ Dipendra Singh Airee. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා. ඊට අමතර ව Lokesh Bam පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද, Rohit Paudel පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ද සහ Kushal Bhurtel පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Liam Dawson ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Will Jacks, Sam Curran, Luke Wood සහ Jofra Archer කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය වෙනුවෙන් Jacob Bethell සහ නායක Harry Brook අර්ධ ශතක ඉනිම් වාර්තා කළා. එහි දී Jacob Bethell පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 55ක් ද සහ Harry Brook පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව Will Jacks එංගලන්ත ඉනිම අවසන් වන විට පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Dipendra Singh Airee සහ Nandan Yadav කඩුලු ද්විත්වය බැගින් ද, Sandeep Lamichhane සහ Sher Malla කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- එංගලන්තය – කඩුලු 7ක් දැවී 184 (20.0)Jos Buttler26, Jacob Bethell 55, Harry Brook 53, Will Jacks 39, Dipendra Singh Airee 2/23, Nandan Yadav 2/25
- නේපාලය – කඩුලු 6ක් දැවී 180 (20.0)Kushal Bhurtel29, Rohit Paudel 39, Dipendra Singh Airee 44, Lokesh Bam නොදැවී 39, Liam Dawson 2/21
එංගලන්තයට ලකුණු 4ක ජයක්.
තරගයේ වීරයා – Will Jacks (එංගලන්තය)
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















