10 වැනි වරටත් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (7) සිට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය කණ්ඩායම් 5ක කාණ්ඩ 4ක් යටතේ තරග 55කින් සමන්විතයි.
2007 වසරේ දී පළමු වරට ආරම්භ වූ මෙම තරගමාලාවේ පළමු තරගාවලියේ මෙන් ම ආසන්නත ම වසරේ ජයග්‍රාහකයන් ද වෙන්නේ ඉන්දියාවයි.
මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගමාලාවේ ගමන් මඟ
| ජයග්‍රාහකය | අනුශූරතාව | වසර | සත්කාරකත්වය | තරගයේ විරයා | තරගාවලියේ වීරයා | |
| 1 | ඉන්දියාව | පාකිස්තානය | 2007 | දකුණු අප්‍රිකාව | Irfan Pathan | Shahid Afridi |
| 2 | පාකිස්තානය | ශ්‍රී ලංකාව | 2009 | එංගලන්තය | Shahid Afridi | තිලකරත්න ඩිල්ශාන් |
| 3 | එංගලන්තය | ඕස්ට්‍රේලියාව | 2010 | බ. ඉ. කොදෙව් | Craig Kieswetter | Kevin Pietersen |
| 4 | බ. ඉ. කොදෙව් | ශ්‍රී ලංකාව | 2012 | ශ්‍රී ලංකාව | Marlon Samuels | Shane Watson |
| 5 | ශ්‍රී ලංකාව | ඉන්දියාව | 2014 | බංග්ලාදේශය | කුමාර් සංගක්කාර | Virat Kohli |
| 6 | බ. ඉ. කොදෙව් | එංගලන්තය | 2016 | ඉන්දියාව | Marlon Samuels | Virat Kohli |
| 7 | ඕස්ට්‍රේලියාව | නවසීලන්තය | 2021 | ඕමාන්/UAE | Mitchell Marsh | David Warner |
| 8 | එංගලන්තය | පාකිස්තානය | 2022 | ඕස්ට්‍රේලියාව | Sam Curran | Sam Curran |
| 9 | ඉන්දියාව | දකුණු අප්‍රිකාව | 2024 | ඇමරිකාව/බ.ඉ.කොදෙව් | Virat Kohli | Jasprit Bumrah |
- T20 ලෝක කුසලානයට එන සියලු ක්‍රීඩක සංචිත සහ බලාපොරොත්තු සහගත තරග
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ඕමානයට පරාජය වෙයි
- ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි
- පාකිස්තානය ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගය වර්ජන කිරීමට තීරණය කරයි!
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්
260/6 (20.0) : ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ශ්‍රී ලංකාව සතු වෙනවා. ඒ 2007 වසරේ දී Johannesburg හි දී ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණයයි.
39/10 (12.0) : ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව ලෙසින් සැලකෙන්නේ උගන්ඩාව 2024 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ Providence හි දී රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.
මෙම ලැයිස්තුවේ එම ලකුණු සංඛ්‍යාව ම නෙදර්ලන්තය විසින් පන්දුවාර 10.3ක දී ශ්‍රී ලංකාව ඉදිරියේ Chattogram හි දී 2014 වසරේ දී දැවී ගොස් තිබෙනවා.
459 : ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව 2016 වසරේ දී Wankhede ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.
එහි දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයො කඩුලු 4ක් දැවී ලකුණු 229ක් ලබා ගන්නා ලද අතර එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් ලබා ගන්නා ලදි.
79 : කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව වූ මෙය වාර්තා වෙන්නේ 2014 වසරේ Chattogram හි දී යි. එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය සියලුම දෙනා දැවී ලකුණු 39ක් ලබා ගන්නා ලද අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 40ක් රැස් කරනවා.
172 : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් යුක්ත ව ජයග්‍රහණයක් කළ කණ්ඩායම බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවයි. ඔවුන් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය දිනා ගන්නේ 2007 වසරේ දී Johannesburg හි දී කෙන්යාවට එරෙහි ව ලත් ජයග්‍රහණයයි.
1292 : ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන වෙන් ව ඇත්තේ ඉන්දියාවේ Virat Kohli වෙතයි.
| ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා | ||||||||||
| Player | Team | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | |
| 1 | Virat Kohli | ඉන්දියාව | 35 | 33 | 11 | 1292 | 89* | 58.72 | 0 | 15 |
| 2 | Rohit Sharma | ඉන්දියාව | 47 | 44 | 9 | 1220 | 92 | 34.85 | 0 | 12 |
| 3 | මහේල ජයවර්ධන | ශ්‍රී ලංකාව | 31 | 31 | 5 | 1016 | 100 | 39.07 | 1 | 6 |
| 4 | Jos Buttler | එංගලන්තය | 35 | 34 | 10 | 1013 | 101* | 42.20 | 1 | 5 |
| 5 | David Warner | ඕස්ට්‍රේලියාව | 41 | 41 | 3 | 984 | 89* | 25.89 | 0 | 8 |
123 : ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් ඉනිමක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරීත්වය නවසීලන්තයේ Brendon McCullum සතු වෙනවා. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ 2012 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
63x6s : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් හී Chris Gayle.
115 x4s : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ඉන්දියාවේ Rohit Sharma.
50 : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා වෙන්නේ බංග්ලාදේශයේ Shakib Al Hasan.
| ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා | ||||||||||
| Player | Team | Mat | Inns | Over | Md | Runs | Wkts | Best | 4w | |
| 1 | Shakib Al Hasan | බංග්ලාදේශය | 43 | 41 | 146.3 | 0 | 1006 | 50 | 4/09 | 3 |
| 2 | Shahid Afridi | පාකිස්තානය | 34 | 34 | 135.0 | 1 | 907 | 39 | 4/11 | 2 |
| 3 | ලසිත් මාලිංග | ශ්‍රී ලංකාව | 31 | 31 | 102.4 | 0 | 763 | 38 | 5/31 | 1 |
| 4 | වනිඳු හසරංග | ශ්‍රී ලංකාව | 19 | 19 | 72.2 | 1 | 434 | 37 | 3/08 | 0 |
| 5 | Rashid Khan | ඇෆ්ගනිස්තානය | 23 | 23 | 87.2 | 0 | 551 | 37 | 4/09 | 3 |
6/08 : ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව වෙන්නේ 2012 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව සූරියවැව ක්‍රීඩාංගණයේ දී අජන්ත මෙන්ඩිස් පෑ මෙම දක්ෂතාවයි.
170* : ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළ ම සබඳතාව වෙන්නේ 2022 වසරේ දී එංගලන්තයේ Jos Buttler සහ Alex Hales එක් ව ඉන්දියාවට එරෙහි ව Adelaide හි දී පෑ මෙම දක්ෂතාවයි.
47 : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග ගණනයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා වෙන්නේ ඉන්දියාවේ Rohit Sharma.
33 : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයක් මෙහෙයවූ නායකයා බවට පත් වෙන්නේ ඉන්දියාවේ MS Dhoni.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















