පැතුම් කුමාරත් ශතක සමාජයට

Major Club 03 Day League Tournament 2025

1
Major Club 3 Day Plate Tournament - 01st February

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ අලුත් ම ශතකලාභියා බවට පත් වීමට Nugegoda කණ්ඩායමේ පැතුම් කුමාර සමත් වෙනවා. ඔහු Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව පන්දු 180කට මුහුණ දී හතරේ පහර 17ක් සමඟින් නොදැවී ලකුණු 121ක් ලබා ගත්තා.

එය ඔහුගේ පළමු පෙළ තරග 43ක 6 වැනි ශතකයයි.

මේ අතර Panadura කණ්ඩායමේ විහස් තෙව්මික (57), කංචන ද ලිවේරා (79) සහ විශ්ව ලහිරු (52), Tamil Union C & AC කණ්ඩායමේ සචිත ජයතිලක (නොදැවී 57), Chilaw Marians කණ්ඩායමේ තනුක දාබරේ (85), Baduraliya කණ්ඩායමේ රොෂාන් විජේනායක (නොදැවී 57) සහ ඩිල්ශාන් ද සොයිසා (නොදැවී 53) අර්ධ ශතක වාර්තා කළා.

පන්දු යැවීමේ දිනයේ හොඳම පන්දු යැවීම සතු කර ගන්නේ Kurunegala Youth කණ්ඩායමේ කසුන් ඒකනායක. ඔහු  Nugegoda කණ්ඩායමට එරෙහි ව ලකුණු 63කට කඩුලු 5ක් දවා ගන්නවා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Tamil Union C & AC අතර Panadura SC තරගය මග්ගොන, Surrey Villege ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Tamil Union C & AC

  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (66.0) විශ්ව චතුරංග 28, ශාලිත් ප්‍රනාන්දු 90, දුශාන් විමුක්ති 37, සසිඳු මල්ශාන් 40, විශ්ව ලහිරු 38, ලහිරු සමරකෝන් 2/55, තරිඳු රත්නායක 2/84, විජයකාන්ත් වියස්කාන්ත් 3/63
  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (50.3) නවෝද් පරණවිතාන 26, විහස් තෙව්මික 44, විජයකාන්ත් වියස්කාන්ත් 33, මොහොමඩ් ඩිල්ශාඩ් 2/19, දුශාන් විමුක්ති 5/53
  • Panadura SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 321 (77.5) විහස් තෙව්මික 57, ඔෂද ප්‍රනාන්දු 31, කංචන ද ලිවේරා 79, සසිඳු මල්ශාන් 31, විශ්ව ලහිරු 52, නිසල තාරක 44, තරිඳු රත්නායක 4/139, විහස් තෙව්මික 3/41
  • Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 171 (21.0) නවෝද් පරණවිතාන 43, සචිත ජයතිලක නොදැවී 57, විහස් තෙව්මික නොදැවී 19, දුශාන් විමුක්ති 2/63, ඔෂද ප්‍රනාන්දු 4/86

තරගයේ විසඳුමක් නෑ. (Panadura කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Kurunegala Youth CC සහ Nugegoda S & WC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී.

කාසියේ වාසිය – Kurunegala Youth CC

  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 365 (90.0) ගයාන් මනීශාන් 112, මනෝජ් සරත්චන්ද්‍ර 39, ලක්ෂාන් එදිරිසිංහ 45, චමෝද් සඳරු 92, චාමිකර එදිරිසිංහ 38, නිපුන් මාලිංග 6/70, අබ්දුල් හකම් 2/104
  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (90.1) ලොහාන් ද සොයිසා 33, ප්‍රමුද් හෙට්ටිවත්ත 23, පැතුම් කුමාර නොදැවී 121, කෙවින් පෙරේරා 20, අක්‍රම් මුතාලිබ් 44, කසුන් ඒකනායක 5/63, දිනුශ්ක මාලන් 2/72, චාමිකර එදිරිසිංහ 2/48
  • Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 137 (39.0) යොහාන් මද්දගේ 49, දිනුෂ්ක මාලන් නොදැවී 21, අබ්දුල් හකම් 3/30, ලොහාන් ද සොයිසා 2/34
  • Nugegoda S & WC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 59 (8.0) මධුක ලියනපතිරණ 20, චාමිකර එදිරිසිංහ 2/52

තරගයේ විසඳුමක් නෑ. (Kurunegala Youth CC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Baduraliya SC සහ Chilaw Marians CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – Baduraliya SC

  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (77.0) උදයවංශ පරාක්‍රම 28, සම්මු අශාන් 101, කසුන් විදුර 43, බුද්ධික සංජීව 4/87, සුමින්ද ලක්ෂාන් 5/51
  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (104.0) විනුර දුල්සර 59, ඩිල්ශාන් ද සොයිසා 112, සුමින්ද ලක්ෂාන් 29, තික්ෂිල ද සිල්වා 3/74, නිම්සර අතරගල්ල 3/54, චලන ද සිල්වා 3/71
  • Chilaw Marians CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 206 (28.0) ලසිත් ලක්ෂාන් 32, තනුක දාබරේ 85, තරිඳු අමරසිංහ 23, තික්ෂිල ද සිල්වා 29, කේසර නුවන්ත 4/64
  • Baduraliya SC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 53 (33.0) රොෂාන් විජේනායක නොදැවී 57, ඩිල්ශාන් ද සොයිසා නොදැවී 53

තරගයේ විසඳුමක් නෑ. (Baduraliya කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Baduraliya කණ්ඩායම ලකුණු 17ක් පිටුපසින්.

මෙම තරග සියල්ල අද (01) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<