2025/26 Champions League පාපන්දු තරගාවලියේ සුපිරි අට වටයේ තරග පසුගිය සිකුරාදා (30) දිනයෙන් ආරම්භ වුනා.
ඒ අනුව මෙතැන් පටන් සති හතරක් පුරාවට සුපිරි අට වටයේ තරග ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අතුරින් සුපිරි අට වටයේ පළමු සතියේ තරග විස්තර මෙසේයි.
ජනවාරි 30 (සිකුරාදා)
Pelicans SC සහ Java Lane SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ Java Lane ක්‍රීඩකයින් විසින් එක් ගෝලයක් වාර්තා කරමින්, තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී Java Lane ක්‍රීඩකයින්ට තවත් ගෝල හඹා යාමට ඉඩ නොදුන් Pelicans ක්‍රීඩකයින් විසින්, සිය පරාජයෙන් ගැලවීමේ මග හඳුනා ගනිමින් ගෝලයක් ද රැස් කිරීමට සමත් වුනා.
- Pelicans SC 1 – Java Lane SC 1
Saunders SC සහ Police SC
මෙම තරගයේ පළමු අර්ධයේ දී දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වුනා. ඒ අනුව කණ්ඩායම් දෙකම පළමු අර්ධය නිමා වන විට එක් ගෝලය බැගින් ලබා ගැනීමට සමත් වී සිටියා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ Saunders ක්‍රීඩකයින් වඩා ආක්‍රමණශීලී තරග රටාවකට අනුගත වෙමින් තවත් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.
Saunders SC 4 – Police SC 1
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ජනවාරි 31 (සෙනසුරාදා)
Serendib SC සහ St. Mary’s SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී දෙපිළම ගෝල වාර්තා කරමින්, තරගයේ ජය සොයා යෑම ආරම්භ කළා. මෙහි දී Serendib ක්‍රීඩකයින් එක් ගෝලයක් වාර්තා කරන අතරේ, St. Mary’s ක්‍රීඩකයින් ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- St. Mary’s SC 2 – Serendib SC 1
New Star SC සහ Solid SC
මෙම සතිය සඳහා අවසන් තරගය ලෙස ඊයේ පැවැත්වුණු මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම ගෝල වාර්තා කිරීමට අසමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ දෙපිළම තරගයට හොඳින් අවතීර්ණ වෙමින් ගෝල ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී Solid ක්‍රීඩකයින් එක් ගෝලයක් වාර්තා කරන අතරේ, New Star ක්‍රීඩකයින් ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- New Star SC 2 – Solid SC 1
දේශීය පාපන්දු ලීගයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<





















