මූලික වටයේ අවසන් සතිය තරගකාරී ලෙස නිමා වෙයි.

Tier B - 3 Day Tournament 2025/26

4

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 8 වැනි සතියේ අවසන් දිනයේ (25) දී චානක විජේසිංහ, රොමේෂ් සුරංග සහ ඩිලංක අවර්ඩ්ට් කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.  

ඒ අතුරින් දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ Ragama කණ්ඩායමේ චානක විජේසිංහ. ඔහු Moratuwa කණ්ඩායමට එරෙහි ව පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තා. 

ඊට අමතර ව Leo කණ්ඩායමේ රොමේෂ් සුරංග Colombo Malay කණ්ඩායමට එරෙහි ව පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා ගත්තා.  

දිනයේ දක්ෂත ම පන්දු යැවීම වාර්තා කළේ SL Navy කණ්ඩායමේ ඩිලංක අවර්ඩ්ට්. ඔහු Kandy Customs කණ්ඩායමට එරෙහි ව ලකුණු 39කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

ඊට අමතර ව පිතිකරුවන් ලෙසින් Ragama කණ්ඩායමේ රවිඳු සෙම්බකුට්ටි (86),  Moratuwa කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි (56) සහ පුබුදු බණ්ඩාර (63), SL Army කණ්ඩායමේ ක්‍රිශේන් අපෝන්සු (87) සහ අසේල ගුණරත්න (92), SL Navy කණ්ඩායමේ රජිත රත්නායක (නොදැවී 55) සහ  සුමල්ක ප්‍රනාන්දු (නොදැවී 90), Colombo Malay කණ්ඩායමේ සචින් ගොඩමාන්න (57), Galle කණ්ඩායමේ රමේෂ් නිමන්ත (50) සහ සුපුන් කාවින්ද (65), Sebastianites මනෙල්ක ද සිල්වා (66) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් දක්ෂතා දැක් වූවා.

පන්දු යැවීමේ දී SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය (7/62), SL Army කණ්ඩායමේ ගයාන් චන්ද්‍රබෝස් (6/67) සහ Galle කණ්ඩායමේ චතුර රන්දුණු (5/94) දක්ෂතා දැක් වූවා.  

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

Ragama CC සහ Moratuwa SC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. 

  • කාසියේ වාසිය – Moratuwa SC 

RagamaCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 279 (78.1) මනීශ රූපසිංහ 30, සාහිල් ඩයස් 39, මලීෂ සිල්වා 48, කෙමිර විජේනායක 107, චානක රුවන්සිරි 6/80, මෙතුශාන් තිළිණ 2/70 

 

MoratuwaSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 101 (35.4පුබුදු බණඩාර 31, උපුල් ඉන්ද්‍රසිරි 4/39, තරුෂ කොඩිකාර 2/14, කොශාන් ජයවික්‍රම 2/19 

 

RagamaCC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 264 (61.4) සාහිල් ඩයස් 43, රවිඳු සෙම්බකුට්ටි 86, චානක විජේසිංහ 109, මෙතුශාන් තිළිණ 2/49, චානක රුවන්සිරි 2/75 

 

MoratuwaSC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 211 (51.2) අභිශේක් ලියනාරච්චි 56, පුබුදු බණ්ඩාර 63, ගවින් බොතේජු 25, උපුල් ඉන්ද්‍රසිරි 4/80, කොශාන් ජයවික්‍රම 4/31 

 

Ragama කණ්ඩායමට ලකුණු 231ක ජයක්.  


SL Army SC සහ Negombo CC අතර තරගය පනාගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. 

  • කාසියේ වාසිය – Negombo CC  

NegomboCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (75.2) කවීන් ප්‍රනාන්දු 28, දුලාජ් රණතුංග 20, කෙශාන් වන්නිආරච්චි 28, දිමුත් සඳරුවන් 102, ඇන්ජලෝ ජයසිංහ 23, ශෙෂාන් ප්‍රනාන්දු 32, ගයාන් චන්ද්‍රබෝස් 2/72, ශෙහද සොයිසා 4/55, අසේල ගුණරත්න 2/37 

 

SL Army SC- පළමු ඉනිම සියලුම දෙනා දැවී‍ 195 (70.0) ඉෂාර මෙන්ඩිස් 20, රත්නරාජා තෙනුතරන් 43, අශාන් සුදර්ශන 21, තරිඳු දිලංක 46, ගයාන් චන්ද්‍රබෝස් 24, ශෙෂාන් ප්‍රනාන්දු 2/31, ශෙහාන් ප්‍රමෝද් 5/49, අමිත පෙරේරා 2/31  

 

NegomboCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 147 (38.3)  කවීන් ප්‍රනාන්දු 22, දුලාජ් රණතුංග 20, උමේෂ් ලක්ශාන් 53, ගයාන් චන්ද්‍රබෝස් 6/67, ශෙහද සොයිසා 4/49 

 

SL Army– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 240 (51.4) පැතුම් ඩිල්ශාන් 26, ක්‍රිශේන් අපෝන්සු 87, අසේල ගුණරත්න 92, ශෙහාන් ප්‍රමෝද් 4/80, දනුශ්ක සඳරුවන් 2/51, අමිත පෙරේරා 3/72 

 

තරගයේ ලකුණු සමයි.  


Kandy Customs SC සහ SL Navy SC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.  

  • කාසියේ වාසිය – SL Navy SC 

Kandy Customs SC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 353 (82.2) මලිඳු මදුරංග 33, ප්‍රමේෂ් මදුභාෂණ 23, රිශාන් හේරත් 25, ලක්ශාන් ගමගේ නොදැවී 152, යශෝධ මෙන්ඩිස් 43, කවීෂ ඉඳුරුව නොදැවී 41, ජනිත් ප්‍රනාන්දු 3/89, ඉශාන් අබේසේකර 5/77 

SL Navy SC– පළමු ඉනිමසියලුම නො දැවී 279 (82.5) ලක්ෂාන් රොද්‍රිගෝ 32, රජිත රත්නායක 47, ඉශාන් අබේසේකර 29, පූර්ණ චාරුක නොදැවී 99, යශෝධ මෙන්ඩිස් 5/44, මිතුන් ජයවික්‍රම 2/67 

Kandy Customs SC– දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 109 (34.0) ලක්ෂාන් ගමගේ 29, ඩිලංක අවර්ඩ්ට් 8/39, ඉශාන් අබේසේකර 2/09 

SL Navy SC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 184 (36.2)වරුණ මයන්ත 21, රජිත රත්නායක නොදැවී 55, සුමල්ක ප්‍රනාන්දු නොදැවී 90, කවීෂ ඉඳුවර 2/38 

 

SL Navy කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  


Colombo Malay CC සහ Leo CC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී 

  • කාසියේ වාසිය – Leo CC 

Colombo Malay CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (73.4) සචින් ගොඩමාන්න 37, පුලස්ති අතපත්තු 50, බුද්ධික හසරංග 29, ටෙරන් බාස්කරන් 42, විශ්ව රාජපක්ෂ 3/22, මල්ශාන් ගුණසිංහ 6/71 

 

Leo CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (69.4) සලිඳු පතිරණ 54, සෙනාශ් ප්‍රනාන්දු 38, රොමේෂ් සුරංග නොදැවී 104, ගිත්මින් කොළඹගේ 23, පූර්ණ කල්හාර නොදැවී 46, චානක දේවින්ද 3/86, නිමාන් උමේෂ් 4/82 

Colombo Malay CC– දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 237 (61.3) සචින් ගොඩමාන්න 57, හරිඳු ජයසේකර 22, යෙසිත් රූපසිංහ 40, ටෙරන් බාස්කරන් 41, චානක දේවින්ද 35, විශ්ව රාජපක්ෂ 3/44, මල්ශාන් ගුණසිංහ 2/68, සෙනාශ් ප්‍රනාන්දු 2/28, පූර්ණ කල්හාර 2/22 

Leo CC– දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 160 (34.2)හිරුන් සිගේරා 30, සලිඳු පතිරණ 44, රොමේෂ් සුරංග නොදැවී 27, පූර්ණ කල්හාර 22, චානක දේවින්ද 2/48, සුදාර දක්ෂිණ 3/29 

 

Leo කණ්ඩායමට කඩුලු 2ක ජයක්.  


Sebastianites C & AC සහ Galle CC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.  

  • කාසියේ වාසිය – Galle CC 

SebastianitesC & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (63.0) මාලිංග මලිගස්පේ 43, මනෙල්ක ද සිල්වා 28, උමයංග සුවාරිස් 52, ලහිරු ප්‍රනාන්දු 22, අසේල සම්පත් 5/58, සුභානු රාජපක්ෂ 2/65, චතුර රන්දුණු 2/20 

 

Galle CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (66.5රමේෂ් නිමන්ත 72, අමිත් එරන්ද 43, සුභානු රාජපක්ෂ 33, චතුර රන්දුණු 23, මිරංග වික්‍රමගේ 4/52, හෂාන් සංදීප 3/71, මලිත හපුආරච්චි 2/07 

 

SebastianitesC & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 195 (57.2) රුසිරු විලෝචන 35, මනෙල්ක ද සිල්වා 66, චනුල් අතුකෝරල 30, අසේල සම්පත් 2/45, චතුර රන්දුණු 5/94 

Galle CC– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 172 (54.5)රමේෂ් නිමන්ත 50, සුපුන් කාවින්ද 65, චතුර රන්දුණු නොදැවී 21, මිරංග වික්‍රමගේ 2/72, හෂාන් සංදීප් 3/41 

 

Galle කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  


United Southern CC සහ SSC කණ්ඩායම අතර තරගය කොළඹ, SLLDC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

  • කාසියේ වාසිය – United Southern CC 

United Southern CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී‍ 212 (90.0) සසංක නිර්මාල් 51, කවිඳු එදිරිවීර 74, දෙනුවන් රාජකරුණා 45, නිපුන් ධනංජය 3/22 

SSC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 183 (63.4) නදීශ ආකාශ් 48, නිපුන් ධනංජය 30, දිනුර කළුපහන 37, හිමාල් රවිහංස 5/80 

United Southern CC– දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 122 (68.2) කවිඳු එදිරිවීර 21, පෙසඳු සංජන් 49, සසංක පෙරේරා 21, ප්‍රභාත් ජයසූරිය 7/62, නිපුන් ධනංජය 2/25 

SSC– දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 155 (27.1)දිනුර කළුපහන 28, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 47, ධනෝෂ් ද සිල්වා 2/64, හිමල් රවිහංස 2/50 


SSC කණ්ඩායමට කඩුලු 3ක ජයක්. 
 

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<