16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 8 වැනි දිනය (22) නිමා වෙන්නේ මෙවර තරගාවලියේ 10 වැනි ශතකය සහ මෙතෙක් පන්දු යවන්නෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම දක්ෂතාව වාර්තා කරමිනුයි.
මේ අතර අද පැවැති තරගවල දී පාකිස්තානය, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ජයග්‍රහණ වාර්තා කළා.
19 වැනි තරගය, Group C, සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර
Harare, Takashinga ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 128ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගනිමින් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වෙනවා.
සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Nathaniel Hlabangana. ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Ali Raza ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Abdul Subhan, Mohammad Sayyam සහ Momin Qamar කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Sameer Minhas පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
සිම්බාබ්වේවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 128 (35.5) Nathaniel Hlabangana 59, Ali Raza 3/16, Mohammad Sayyam 2/36, Abdul Subhan 2/14, Momin Qamar 2/39
පාකිස්තානවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 132 (26.2) Sameer Minhas නොදැවී 74, Usman Khan 26, Ahmed Hussain නොදැවී 24
පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
තරගයේ වීරයා – Sameer Minhas (පාකිස්තානය)
20 වැනි තරගය, Group A, ජපානය සහ අයර්ලන්තය අතර
Windhoek, Namibia ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ජපාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 247ක් ලබා ගත්තා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Charlie Hara-Hinze. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා. ඊට අමතර ව ඔහුගේ සොයුරු Gabriel Hara-Hinze ද පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Oliver Riley සහ Adam Leckey කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Samuel Haslett කඩුල්ලක් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළා.
එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 2ක් එකතු වෙන අතර එහි පළමු අර්ධ ශතකලාභියා වූයේ Freddie Ogilby. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තා.
ඊට අමතර ව තරගය ජයග්‍රහණයෙන් අවසන් වන විට Sebastian Dijkstra පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Kazuma Kato-Stafford සහ Timothy Moore කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ජපානවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 247 (50.0) Hugo Tani-Kelly 20, Nihar Parmar 24, Charlie Hara-Hinze 54, Kazuma Kato-Stafford 24, Skyler Cook 30, Gabriel Hara-Hinze 44, Oliver Riley 3/52, Adam Leckey 3/44, Samuel Haslett 2/33
අයර්ලන්තවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 251 (48.0) Freddie Ogilby 73, Adam Leckey 44, Sebastian Dijkstra නොදැවී 55, Kazuma Kato-Stafford 2/42, Timothy Moore 2/30
අයර්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
තරගයේ වීරයා – Adam Leckey (අයර්ලන්තය)
- මංගල ශතකය ඔස්ට්‍රේලියාවෙන්
- යොවුන් ලෝක කුසලානයේ දී අපට හමුවෙන ප්‍රතිවාදීන්
- බංගලි ටෙස්ට් නායක Shanto තම සහෝදර ක්‍රීඩකයින් වෙනුවෙන් පෙරට එයි!
21 වැනි තරගය, Group D, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර
Windhoek හි High Performance Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 234ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ඉනිමට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 179ක් පමණයි.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Zachary Carter. මේ වමත් ආරම්භක පිතිකරු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 114ක් ලබා ගන්නවා. එය මෙවර තරගාවලියේ වාර්තා වූ 10 වැනි ශතකයයි.
කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යවන JJ Basson ලකුණු 23කට කඩුලු 5ක් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Jason Rowles. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Shaquan Belle ලකුණු 40කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. එය මෙවර තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාවයි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බටහිර ඉන්දීයකොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 234 (47.5) Zachary Carter 114, Joshua Dorne 20, Jonathan van Lange 29, JJ Basson 5/23, Jason Rowles 2/44
දකුණු අප්‍රිකාවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 179 (37.4) Jorich Van Schalkwyk 20, Jason Rowles 46, Lethabo Phahlamohlaka 26, Shaquan Belle 6/40
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 55ක ජයක්.
තරගයේ වීරයා – Zachary Carter (බටහිර ඉන්දීය කොදෙව්)
2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















