ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැති තරගවල දී ජනිත් රුක්ෂාන්, අකේන් ද අල්විස් සහ අදේශ් අල්මේදා දක්ෂතා දැක් වූවා.
ඔවුන් අතුරින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරන ජනිත් රුක්ෂාන් සහ අකේන් ද අල්විස් කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහි ව ශතක වාර්තා කිරීම කැපී පෙණුනා. තර්ස්ටන් විද්‍යාලයීය පළමු ඉනිමේ දී වමත් පිතිකරු ජනිත් රුක්ෂාන් පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 110ක් ලබා ගත් අතර 2 වැනි ඉනිමේ දී අකේන් ද අල්විස් පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 118ක් ලබා ගන්නවා.
මේ අතර දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අදේශ් අල්මේදා සමත් වුණා. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහි ව ලකුණු 58කට කඩුලු 7ක් දවා ගත්තා.
ඔහුට අමතර ව කොළඹ රාජකීය විද්‍යාලයේ රමිරු පෙරේරා (5/58), කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ශනාල් බිනුක්ශ (5/63) සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සඳරු මල්ශාන් (5/94) දිනයේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට එක් වුණා.
මේ අතර දිනයේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතරට මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ යොමිරු සස්වින් (97), කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ කවීන් දෙනෙත් (නොදැවී 73), කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ශෙවාන් වෙල්ගම (71), කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ මෙත්විරු අබේසේකර (62) සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සෙත්රු ප්‍රනාන්දු (55) ඇතුලත් වුණා.
- රමිරු, මියුරු සහ ශෙවන් ශතක ලබා ගනී
- ශ්‍රී ලංකා යෞවනයන් දෙවැනි ජයත් ලබයි
- අවීශ, රිශ්ම, අවිනාශ් සහ පුලීශ දක්ෂතා දක්වයි
කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය කොළඹ, රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය
- රාජකීයවිද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 405 (74.5) හිරුන් ලියනාරච්චි 68, රමිරු පෙරේරා 122, යසිඳු දිසානායක 75, තෙවිඳු වේවැල්වල නොදැවි 53, මුදිත ගුණසේකර නොදැවී 22, සෙත්රු ප්‍රනාන්දු 2/103
- තර්ස්ටන්විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 285 (80.0) අකේන් ද අල්විස් 25, යොහාන් සේනානායක 33, සෙත්රු ප්‍රනාන්දු 55, ජනිත් රුක්ශාන් 110, තනුග පලිහවඩන 28, රමිරු පෙරේරා 5/58
- තර්ස්ටන්විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 204 (31.0) අකේන් ද අල්විස් නොදැවී 118, රචින්ත ද සිල්වා 66, හිරුන් ලියනාරච්චි 2/37
තරගයේ විසඳුමක් නෑ. (රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)
කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 406 (75.0)මියුරු බණ්ඩාර 124, ශෙවාන් වෙල්ගම 178, ශානල් බිනුක්ෂ 35, ඉවාන් ෂොලොබිටස්කි 21, තත්සර දෙව්මිත් 2/115, චමිඳු ගිම්හාන් 2/40
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 240 (61.3) අබ්දුල් මජීඩ් 44, යොමිරු සස්වින් 97, හමීඩ් අෆ්ඩාල් 2/26, ශනාල් බිනුක්ශ 5/63, චිතුම් බැද්දගේ 2/43
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 147 (31.0) ජනිඳු රණසිංහ 20, ශෙවාන් වෙල්ගම 71, තත්සර දෙව්මිත් 4/57, මනුග ගුරුගේ 4/40
- සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 101 (16.0) අබ්දුල් මජීඩ් 34, තත්සර දෙව්මිත් නොදැවී 42, පුනාල් පමුදිත නොදැවී 20
තරගයේ විසඳුමක් නෑ. (ඩී. එස්. සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.)
- වෙස්ලි ක්‍රීඩකයෝ දිනය වෙන්කර ගනී
- යොවුන් ලෝක කුසලානයේ දී අපට හමුවෙන ප්‍රතිවාදීන්
- ජේඩන්, රමිරු සහ අභීත් දිනය වර්ණවත් කරයි
අද (22) ආරම්භ වූ තරග
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය අඹේපුස්ස යුද හමුදා සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
- රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 149 (46.3) මිනග ආරියදාස 26, රනිඳු ද සිල්වා 28, නෙත්සර ආකාශ් නොදැවී 20, අදේශ් අල්මේදා 7/58
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 123 (43.0)මෙශෝන් ෆර්ඩිනැන්ඩෝ 44, ලශේන් ප්‍රනාන්දු 39, හිරුක් අකලංක 3/35, ටෙනුශ නිම්සර 4/41
සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 26ක් පිටු පසින්.
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය
- සාන්තආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (51.3) සනුක කෙම්සර 30, මෙත්විරු අබේසේකර 62, කේශාන් සුබසිංහ 43, සනුජ දිසානායක 35, දියත් සංජිත 2/26, සඳරු මල්ශාන් 5/94, පුල්ජිත් වත්සුක 3/27
- දේවපතිරාජවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 98 (30.1) සඳරු මල්ශාන් 27, යසිරු ලක්ශාන් 29, පිංසර දුතංග 22, සනුජ දිසානායක 4/35, යශ්මිත් ජයසුන්දර 3/29, මනුජ විජේරත්න 2/07
- දේවපතිරාජවිද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවි 17 (8.0)
දේවපතිරාජ විද්‍යාලය ලකුණු 98ක් පිටුපසින්.
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය මීගමුව, කදිරාන ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය
- සාන්තඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 118 (41.3) සෙවිත දුමාල් 45, සසිඳු මදුසර 23, චනුල් නෙත්සිත 2/18, සතිඳු ප්‍රබෝධ 4/32, සෙනුක් නිලේෂ් 2/01
- ශ්‍රීධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 130 (45.0) කවීන් දෙනෙත් නොදැවී 75, දුල්සත් නිම්විරු 2/35
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ලකුණු 12ක් ඉදිරියෙන්.
අද ආරම්භ වූ තරග සියල්ල හෙට (23) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















