රමිරු, මියුරු සහ ශෙවන් ශතක ලබා ගනී

U19 School Cricket 2026

7
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (21) ආරම්භ වූ තරගවල දී රමිරු පෙරේරා, මියුරු බණ්ඩාර සහ ශෙවාන් වෙල්ගම ශතක වාර්තා කළා.

මේ අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයේ රමිරු පෙරේරා තුන් ඉරියව් දක්ෂතා දක්වමින් දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට ද පත් වුණා. ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහි ව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 122ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 7කට කඩුලු 3ක් දවා ගත්තා.

ඔහුට අමතර ව වාර්තා වූ අනෙක් ශතක ද්විත්වය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ශෙවාන් වෙල්ගම සහ මියුරු බණ්ඩාර විසින් වාර්තා කළා.

ශෙවන් වෙල්ගම පන්දු 170කට මුහුණ දෙමින් හතරේ පහර 24ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 178ක් ද සහ මියුරු බණ්ඩාර පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 124ක් ද ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව කොළඹ රාජකීය විද්‍යාලයේ හිරුන් ලියනාරච්චි (68), යසිඳු දිසානායක (75) සහ තෙවිඳු වේවැල්වල (නොදැවී 53) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් දිනයේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වුණා.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය කොළඹ, රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය

  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 405 (74.5)හිරුන් ලියනාරච්චි 68, රමිරු පෙරේරා 122, යසිඳු දිසානායක 75, තෙවිඳු වේවැල්වල නොදැවි 53, මුදිත ගුණසේකර නොදැවී 22, සෙත්රු ප්‍රනාන්දු 2/103
  • තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 59 (16.0)අකේන් ද අල්විස් 25, යොහාන් සේනානායක නොදැවී 21, රමිරු පෙරේරා 3/07

තර්ස්ටන් විද්‍යාලය ලකුණු 346ක් පිටුපසින්.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)

කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 406 (75.0)මියුරු බණ්ඩාර 124, ශෙවන් වෙල්ගම 178, ශානල් බිනුක්ෂ 35, ඉවාන් ෂොලොබිටස්කි 21, තත්සර දෙව්මිත් 2/115, චමිඳු ගිම්හාන් 2/40
  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 86 (18.0)අබ්දුල් මජීඩ් 44, යොමිරු සස්වින් නොදැවී 27

සාන්ත තෝමස් විද්‍යාලය 320ක් පිටු පසින්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<