16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි දිනයේ (19) පැවැති තරගවල දී පාකිස්තානය විසින් ස්කොට්ලන්තය ද සහ දකුණු අප්‍රිකාව විසින් ටැනිසානියාව ද පරාජයට පත් කරනවා.
මේ අතර තරගාවලියේ 13 වැනි තරගය ලෙසින් පැවැති ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ලකුණු 106ක ජයග්‍රහණයක් කිරීමට සමත් වෙනවා.
>>ශ්‍රී ලංකා යෞවනයන් දෙවැනි ජයත් ලබයි<<
12 වැනි තරගය, Group C, පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර
Harare, Highfield හී Takashinga ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 187ක් ලබා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ එම ඉලක්කය තවත් පන්දු 41ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ඔවුන්ට මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Thomas Knight. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Finlay Jones පන්දු 56කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ද සහ Ollie Jones පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේග පන්දුයවන Ali Raza ලකුණු 37කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව Momin Qamar කඩුලු 3ක් ද, Abdul Subhan කඩුලු 2ක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Usman Khan. ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 75ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Ahmed Hussain පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Ollie Jones සහ Manu Saraswat කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ස්කොට්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 187 (48.1) Thomas Knight 37, Rory Grant 21, Ollie Jones 30, Manu Saraswat 25, Finlay Jones 33, Ali Raza 4/37, Abdul Subhan 2/36, Momin Qamar 3/46
- පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 190 (43.1) Sameer Minhas 28, Usman Khan 75, Ahmed Hussain 47, Ollie Jones 2/41, Manu Saraswat 2/46
පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගයේ වීරයා – Usman Khan (පාකිස්තානය)
- ඇමරිකාවේ Nitish ගේ ශතකය අපතේ යයි
- ආසියානු ශූරයන් එක් වෙන C කාණ්ඩය
- ඉන්දියාව සහ බංග්ලාදේශය කරට කර හැප්පෙයි; ක්‍රිකට් ලෝකය උණුසුම් වෙයි
- LPL 2026 සඳහා ක්රීඩක වෙන්දේසියක් නැහැ!
- ගැටලු විසඳා ගැනීමට ICC නියෝජිතයින් බංග්ලාදේශයට යයි
14 වැනි තරගය, Group D, දකුණු අප්‍රිකාව සහ ටැන්සානියාව අතර
Windhoek, High Performance Oval ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ටැනිසානියානු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානූ ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 397ක් ලබා ගන්නවා.
එම ඉනිම වෙනුවෙන් Jason Rowles සහ Muhammed Bulbulia ශතක ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුණා. එහි දී Jason Rowles පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 125ක් ද සහ Muhammed Bulbulia පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 108ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව Jorich Van Schalkwyk පන්දු 34ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ද සහ Paul James පන්දු 18ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Simba Mbaki කඩුලු ද්විත්වයක් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ටැන්සානියානු ඉනිම 33 වැනි පන්දුවාරයේ දී අවසන් වෙද්දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් ව සිටියේ පන්දු 26ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත් Simba Mbaki.
කඩුලු දවා ගැනීමේ දී Bayanda Majola සහ Jason Rowles කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 397 (50.0) Jorich Van Schalkwyk 47, Muhammed Bulbulia 108, Jason Rowles නොදැවී 125, Paul James 46, Simba Mbaki 2/85
- ටැන්සානියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 68 (32.2) Simba Mbaki 17, Bayanda Majola 2/06, Jason Rowles 2/14
දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 329ක ජයක්.
තරගයේ වීරයා – Jason Rowles (දකුණු අප්‍රිකාව)
2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















