ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් (10) පැවැති අතර එහි දී ජේඩන් අමරවීර, රමිරු පෙරේරා සහ අභීත් පරණවිදාන කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.
ඒ අතුරින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භක පිතිකරු ජේඩන් අමරවීර කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහි ව පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා. එය දිනයේ වාර්තා වූ එක ම ශතකයයි.
ඊට අමතර ව කොළඹ රාජකීය විද්‍යාලයේ රමිරු පෙරේරා තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීමට සමත් වෙනවා. ඔහු කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයට එරෙහි ව පැවැති තරගයේ දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ප්‍රතිවාදී කඩුලු 5ක් ලකුණු 72කට දවා ගන්නවා.
පන්දු යවන්නන් අතුරින් වඩාත් දක්ෂතා දැක් වූයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන අභීත් පරණවිදාන. ඔහු කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහි ව ලකුණු 56කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවිම වාර්තා කළා.
පිතිකරුවන් අතුරින් කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයේ අවීශ සමාශ් ශතකයට ලකුණු 2ක් මෙපිටින් සිටිය දී දැවී යෑමත් දිනයේ විශේෂ සිදු වීමක් වූ අතර ඔහුට අමතර ව කොළඹ ආනන්ද විද්‍යාලයේ කිත්ම සිත්මල් (74), කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයේ දිල්ප රුවනක (55), කොළඹ වෙස්ලි විද්‍යාලයේ සෙහඳු ආතාවුද (55) සහ ගාල්ල මහින්ද විද්‍යාලය ගෙසඳු බිසස් (54) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.
නිමා වූ තරගවල දී මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වෙන අතර මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවැති තරගයෙන් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.
- කවිඳු, සෙහස් සහ විශ්ව පිතිකරුවෝ අමාරුවේ දමයි
- විට්නි සහ රන්දිගේ දක්ෂතා පළමු දිනයේ ම අවධානයට ලක් වෙයි
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 3ක ජයක්
- රෙහාන්, අසදිස, අදේශ් සහ සනුජ ශතක වාර්තා කරයි
- T20 ලෝක කුසලානය වෙනුවෙන් SSC ක්‍රීඩාංගණය නවීකරණය වෙයි
කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය, ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)
කාසියේ වාසිය – සාන්ත ආන්තෝනි විද්‍යාලය
- සාන්ත අන්තෝනිවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 163 (68.2) ප්‍රවින් ගමගේ 21, දිනුල් විජේසිංහ නොදැවී 65, රයන් ග්‍රෙගරි 21, දසිත් බටුගහගේ 2/22, කිත්ම සිත්මල් 3/58, ශාරද ජයරත්න 3/29
- ආනන්දවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (40.2) කිත්ම සිත්මල් 74, දසිත් බටුගහගේ 18, රයන් ග්‍රෙගරි 4/52
- සාන්ත අන්තෝනි විද්‍යාලය- දෙවැනි ඉනිම 161 (59.0) සනුක කල්පන 24, සිසල් හේමක 20, සදෙව් අමරකෝන් 28, චමල්ක ගුණතිලක නොදැවී 28, හිමරු කුඩාගම 4/53, කිත්ම සිත්මල් 2/36, ශාරද ජයරත්න 2/35
- ආනන්ද විද්‍යාලය -දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 14 (3.3)
තරගයේ විසඳුමක් නෑ.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)
කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
- සාන්තතෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 292 (80.0) ජේඩන් අමරවීර 39, ලුදීශ මාතරගේ 73, ආරන් කොඩිතුවක්කු 28, රෙශෝන් සොලොමන් නොදැවී 56, ශනිල් පෙරේරා 33, රශ්මික අමරරත්න 4/58, රශීඩ් නායන් 2/54, මෙත්නුල මායාදුන්නේ 2/46
- වෙස්ලිවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (77.2) සෙහඳු ආතාවුද 55, චරණ මාලිම්බඩ 21, ලිතුම් සෙනුග 31, ශම්ම ප්‍රනාන්දු 29, කවිඳු හෙට්ටිආරච්චි 34, අභීත් පරණවිදාන 6/56, රෙශෝන් සොලමන් 2/20
- සාන්ත තෝමස් විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 144 (23.1) ජේඩන් අමරවීර නොදැවී 102, අවිනාශ් ප්‍රනාන්දු 39
තරගයේ විසඳුමක් නෑ.
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය වේල්ස් කුමාර විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (34.3)රන්දුල මාබරණ 38, ගෙසඳු බිසස් 29, අරෝෂ උදයංග 20, ශෙහාන් අශේන් 5/38
- වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 247 (45.2)පළිඟු පෙරේරා 42, ඔශාන් ද සිල්වා 24, පසන් කුරේ 97, මානිත රාජපක්ෂ 2/58, සෙහස් ආශිංස 5/56, අරෝෂ උදයංග 2/57
- මහින්ද විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 169(45.5) ගෙසඳු බිසස් 54, සෙහස් ආශිංස 29, නෙතුල් අනුහස් 3/55, මතීෂ අපෝන්සු 2/23, ශෙහාන් අශේන් 2/23, ඔශාන් ද සිල්වා 2/13
- වේල්ස් කුමාර විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 68 (18.2) තුසිඳු දීමන්ත 16, මානිත රාජපක්ෂ 4/31,
වේල්ස් කුමාර විද්‍යාලයට කඩුලු 4ක ජයක්.
කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය රාජකීය විද්‍යාලයීය පිටියේ දී. (Traditional)
කාසියේ වාසිය – සාන්ත ජෝශප් විද්‍යාලය
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 265 (78.0)හිරුන් ලියනාරච්චි 28, රෙහාන් පීරිස් 82, යසිඳු දිසානායක 24, මනුත් දසනායක 25, සෙහඳු සූරියආරච්චි නොදැවී 20, නුශාන් පෙරේරා 3/100, විශ්ව පීරිස් 5/60
- සාන්ත ජෝශප් විද්‍යාලය – පළමුකඩුලු 7ක් දැවී 262 (80.0) අවීශ සමාශ් 98, දිල්ප රුවනක 55, චමත් පෙරේරා 21, නුශාන් පෙරේරා 29, රමිරු පෙරේරා 5/72,
- රාජකීය විද්‍යාලය -දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 163 (32.0) හිරුන් ලියනාරච්චි 28, උදන්ත ගංගෙවත්ත 36, රමිරු පෙරේරා නොදැවී 53, යසිඳු දිසානායක නොදැවී 37
තරගයේ විසඳුමක් නෑ.
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
- සාන්ත තෝමස්විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (44.5) අබ්දුල් මාජිඩ් 61, පුනාල් පමුදිත 23, මනුග ගුරුගේ නොදැවී 29, රිද්ම බාෂික 2/26, කවිඳු සේනාදි 6/57
- සාන්ත අන්තෝනි විද්‍යාලය -පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (44.5) ශෙහාර දෙව්තිළිණ 31, සංදිල් රුචිරංග 20, මනුග ගුරුගේ 3/27, තත්සර දෙව්මිත් 3/31, චමිඳු ගිම්හාන් 2/12
- සාන්ත තෝමස් විද්‍යාලය- දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 80 (29.4) ෆිරාස් අහමඩ් 14, මනුග ගුරුගේ 45, කවිඳු සේනාදි 4/33, විශ්මිත සරෝජ් 3/22
- සාන්ත අන්තෝනි විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 105 (25.5) හිතේශ් රුවන්ද නොදැවී 18, කවිඳු විහඟ 23, රිද්ම බාෂික 34, තත්සර දෙව්මිත් 4/30
සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය
- දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (51.2)සඳරු මල්ශාන් 62, ගිම්හාන් රසාංජන 34, දියත් සංජිත 26, සුමේධ සම්පත් 28, නඳුන් ප්‍රනාන්දු 3/32, මානික්‍ය දේශප්‍රිය 2/04, විහඟ රත්නායක 2/34
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 186 (44.0)ටෙහාන් බීටර් 20, මිහිල ජයවීර 38, මෙවන් දිසානායක 38, විහඟ රත්නායක නොදැවී 41, ලිතික ජයසුන්දර නොදැවී 18, පුල්ජිත් වත්සුක 2/33
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 5ක් ඉදිරියෙන්.
මෙම තරගය අද (11) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















