ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (28) නිමා වූ තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ දැවැන්ත ප්‍රහාරයට සාර්ථකව මුහුණ දෙමින් සිව් වැනි තරගය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.
එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකවෝ කඩුලු 2ක් දැවී ලකුණු 221ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් සාර්ථක තරගයක නිරත වූවා. කෙසේ වෙතත් මේ වෙද්දී ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගාවලිය 4-0ක ජයග්‍රහණයක් ලබා තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, රශ්මිකා සෙව්වන්දි, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), මල්ෂා ෂෙහානි, කාව්‍යා කාවින්දි සහ නිමේෂා මීපගේ
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම
.
Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Shafali Verma, Richa Ghosh (කඩුලු රකින්නිය), Harleen Deol, Deepti Sharma, Amanjot Kaur, Arundhati Reddy, Vaishnavi Sharma, Shree Charani, Renuka Singh.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමු පන්දුවාරයේ සිට ම දැවැන්ත ප්‍රහාරයක් දියත් කළා. ඔවුන් ඉනිමේ පළමු Power Play අවස්ථාවේ දී ම ලකුණු 61ක් ලබා ගන්නවා.
Smriti Mandhana සහ Shafali Verma එක් ව ගොඩ නැගූ එම ඉනිම ලකුණු 162ක් දක්වා රැගෙන ගිය අතර ඊට වැය වෙන්නේ පන්දු 92ක් පමණයි. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Shafali Verma ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 79ක් ලබා සිටියා.
අනතුරු ව ඊට පන්දු 5කට පසුව Smriti Mandhana ද දැවී යන අතර ඒ වෙද්දී ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා සිටියා.
/ඔවුන් දෙදෙනා ගේ දැවී යෑමෙන් අනතුරු ව Richa Ghosh සහ නායිකා Harmanpreet Kaur එක් ව 3 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 53ක සබඳතාවක් එක් කරනවා. පන්දු 23ක දී එක් වූ එම සබඳතාවේ දී කැපී පෙණුණ ක්‍රීඩිකාව වූයේ Richa Ghosh. ඇය පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා ගන්නවා.
ඉන්දීය ඉනිම අවසන් වන විට නායිකා Harmanpreet Kaur පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටි අතර ඉන්දීය ඉනිමේ දැවී කඩුලු ද්විත්වය මල්ෂා ෂෙහාන් සහ නිමාෂා මීපගේ සතු කර ගත්තා.
- ඉන්දියාව 2 වැනි T20 තරගයත් ජය ගනී
- සත්කාරිකාවෝ ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කරයි
- T20 ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි
- T20 ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් එක් කරනවා.
හසිනි පෙරේරා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
අනතුරු ව ඉමේෂා දුලානි පිටියට පිවිසි අතර ඇය සහ චමරි අතපත්තු 2 වැනි කඩුල්ලට ලකුණු 57ක ද සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳී යන්නේ චමරි අතපත්තුගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටි අතර එය ඇයගේ විස්සයි විස්ස තරග දිවියේ 14 වැනි අර්ධ ශතකයයි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් ඉමේෂා දුලානි දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා. ඇයගේ ඒ දැවී යෑමත් සමඟින් යැවුණ 7 වැනි පන්දුවේ දී හර්ෂිතා සමරවික්‍රම ද දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු ලකුණු 20ක් ලබා ලබා සිටියා.
අනතුරු ව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ කවීෂා දිල්හාරි පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Vaishnavi Sharma සහ Arundhati Reddy කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Shree Charani කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීය කාන්තා කණ්ඩායම – කඩුලු 2ක් දැවී 221 (20.0) Smriti Mandhana 80, Shafali Verma 79, Richa Ghosh නොදැවී 40, මල්ෂා ෂෙහානි 1/32
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 2ක් දැවී 191 (20.0) හසිනි පෙරේරා 33, චමරි අතපත්තු 52, ඉමේෂා දුලානි 29, හර්ෂිතා සමරවික්‍රම 20, නිලක්ෂිකා සිල්වා 23, Arundhati Reddy 2/42, Vaishnavi Sharma 2/24
ඉන්දීය කණ්ඩායමට ලකුණු 30ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Smriti Mandhana (ඉන්දියාව)
දෙරට අතර පැවැත්වෙන 5 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය දෙසැම්බර් 30 වැනිදා (රාත්‍රී) Thiruvananthapuram හි දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Smriti Mandhana | c Imesha Dulani b Malsha Shehani | 80 | 48 | 11 | 3 | 166.67 |
| Shafali Verma | c & b Nimasha Meepage | 79 | 46 | 12 | 1 | 171.74 |
| Richa Ghosh | not out | 40 | 16 | 4 | 3 | 250.00 |
| Harmanpreet Kaur | not out | 16 | 10 | 1 | 1 | 160.00 |
| Extras | 6 (b 0 , lb 4 , nb 0, w 2, pen 0) |
| Total | 221/2 (20 Overs, RR: 11.05) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Malsha Shehani | 4 | 0 | 32 | 1 | 8.00 | |
| Kawya Kavindi | 4 | 0 | 43 | 0 | 10.75 | |
| Kavisha Dilhari | 4 | 0 | 47 | 0 | 11.75 | |
| Rashmika Sewwandi | 2 | 0 | 25 | 0 | 12.50 | |
| Chamari Athapaththu | 2 | 0 | 30 | 0 | 15.00 | |
| Nimasha Meepage | 4 | 0 | 40 | 1 | 10.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Hasini Perera | c Harmanpreet Kaur b Arundhati Reddy | 33 | 20 | 7 | 0 | 165.00 |
| Chamari Athapaththu | c Smriti Mandhana b Vaishnavi Sharma | 52 | 37 | 3 | 3 | 140.54 |
| Imesha Dulani | run out (Amanjot Kaur) | 29 | 28 | 3 | 0 | 103.57 |
| Harshitha Samarawickrama | st Richa Ghosh b Vaishnavi Sharma | 20 | 13 | 1 | 1 | 153.85 |
| Kavisha Dilhari | c Gunalan Kamalini b Arundhati Reddy | 13 | 8 | 1 | 0 | 162.50 |
| Nilakshi de Silva | not out | 23 | 11 | 4 | 0 | 209.09 |
| Rashmika Sewwandi | b Shree Charani | 5 | 4 | 1 | 0 | 125.00 |
| Kaushani Nuthyangana | not out | 5 | 2 | 1 | 0 | 250.00 |
| Extras | 11 (b 5 , lb 1 , nb 3, w 2, pen 0) |
| Total | 191/6 (20 Overs, RR: 9.55) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Renuka Singh | 3 | 0 | 32 | 0 | 10.67 | |
| Arundhati Reddy | 4 | 0 | 42 | 2 | 10.50 | |
| Deepti Sharma | 4 | 0 | 31 | 0 | 7.75 | |
| Vaishnavi Sharma | 4 | 0 | 24 | 2 | 6.00 | |
| Amanjot Kaur | 1 | 0 | 10 | 0 | 10.00 | |
| Shree Charani | 4 | 0 | 46 | 1 | 11.50 | |






















