විශ්ව චතුරංග දිනයේ එක ම ශතකලාභියා වෙයි

Major Club 03 Day League Tournament 2025

32
Major Club 3 Day Tournament 2025/26 - 28th Dec

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 4 වැනි සතියේ 2 වැනි දිනයේ දී වාර්තා වූ එක ම ශතකයේ හිමිකාරීත්වය Panadura කණ්ඩායමේ විශ්ව චතුරංග සතු වුණා.

ඔහු  Chilaw Marian කණ්ඩායමට එරෙහි ව පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා. එය ඔහුගේ 41ක් වන පළමු පෙළ තරග දිවියේ 5 වැනි ශතකයයි.

ඔහුට අමතර ව දිනයේ අනෙක් කැපී පෙණුන ක්‍රීඩකයා බවට පත් වූයේ CCC කණ්ඩායමේ සහන් කෝසල ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තා.

ඊට අමතර ව Nugegoda කණ්ඩායමේ මධුක ලියනපතිරණ (60), කෙවින් පෙරේරා (54) සහ රාහුල් ගුණසේකර (73), CCC කණ්ඩායමේ ධනංජය ද සිල්වා (88), පවන් රත්නායක (77) සහ සොනාල් දිනූෂ (නොදැවී 55), Colts කණ්ඩායමේ සංගීත් කුරේ (50), NCC කණ්ඩායමේ කමිල් මිෂාර (91) සහ සහන් ආරච්චිගේ (64), Moors කණ්ඩායමේ සොහාන් ද ලිවේරා (82) සහ රමේෂ් මෙන්ඩිස් (62) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

A කාණ්ඩය

Bloomfield C & AC සහ Nugegoda S & WC  අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Bloomfield C & AC

  • Bloomfield C & AC පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (85.2) මිනෙත් ප්‍රේමරත්න 31, රොන් චන්ද්‍රගුප්ත 32, ජනිත් ලියනගේ 107, රවිඳු ප්‍රනාන්දු 38, ලහිරු මදුශංක 41, දුවිඳු තිලකරත්න නොදැවී 20, අනුක් ප්‍රනාන්දු 3/40, මධුක ලියනපතිරණගේ 3/70, සුවත් මෙන්ඩිස් 2/35
  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (81.5) මධුක ලියනපතිරණ 60, තිලකරත්න සම්පත් 40, කෙවින් පෙරේරා 54, රාහුල් ගුණසේකර 73, දුවිඳු තිලකරත්න 4/53, රවිඳු ප්‍රනාන්දු 2/68, ජෙෆ්රි වැන්ඩර්සේ 2/58
  • Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 35 (10.0)

Nugegoda කණඩායම තවත් ලකුණු 84ක් පිටුපසින්.

Chilaw Marians CC සහ Panadura SC  අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Panadura SC

  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (82.2) ලසිත් ලක්ෂාන් 53, සම්මු අශාන් 24, කසුන් විදුර නොදැවී 89, උදයවංශ පරාක්‍රම 30, තික්ෂිල ද සිල්වා 39, සිතුම් දිසානායක 20, ඉරුෂ්ක තිමිර නොදැවී 19, අසංක මනෝජ් 2/93, දුශාන් විමුක්ති 2/52, මහිත් පෙරේරා 2/16
  • Panadura SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 225 (64.2) කාංචන ද ලිවේරා 44, විශ්ව චතුරංග 111, දුශාන් විමුක්ති නොදැවී 27, තික්ෂිල ද සිල්වා 3/40

Panadura කණ්ඩායම තවත් ලකුණු 97ක් පිටුපසින්.

CCC සහ Colts CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – CCC

  • CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 595 (120.5) ලසිත් කෲස්පුල්ලේ 155, කමිඳු මෙන්ඩිස් 114, ධනංජය ද සිල්වා 88, පවන් රත්නායක 77, සොනාල් දිනූෂ නොදැවී 55, සහන් කෝසල 81, අකිල ධනංජය 3/106, දුනිත් වෙල්ලාලගේ 2/144
  • Colts CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී119 (48.0) රවිඳු රසාන්ත 47, සංගීත් කුරේ 50, විශ්ව ප්‍රනාන්දු 2/16, නිශාන් පීරිස් 2/30

Colts කණ්ඩායම තවත් ලකුණු 476ක් පිටුපසින්.

B කාණ්ඩය

NCC සහ Kurunegala Youth CC   අතර තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kurunegala Youth CC

  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (70.0) ධනුශ්ක ධර්මසිරි 21, ඩිල්හාර පොල්ගම්පළ 34, ලක්ෂාන් එදිරිසිංහ 74, දිනුෂ්ක මාලන් 32, කවිඳු පතිරත්න 5/48, ලහිරු කුමාර 3/25
  • NCC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 301 (86.0) කමිල් මිෂාර 91, සහන් ආරච්චිගේ 64, කවින් බණ්ඩාර 38, ලහිරු කුමාර නොදැවී 22, ලහිරු කුමාර 3/54, දිනුශ්ක මාලන් 2/70, චාමිකර එදිරිසිංහ 2/104, සමීර සඳමාල් 2/49
  • Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 40 (10.0)

Kurunegala Youth තවත් ලකුණු 44ක් පිටුපසින්.

Baduraliya SC සහ  BRC අතර තරගය කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – BRC

  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (81.0) ඩිල්ශාන් ද සොයිසා 78, රොස්කෝ තට්ටිල් 40, විනුර දුල්සර නොදැවී 44, අලංකාර අසංක නොදැවී 26, මොහොමඩ් ශිරාස් 3/45, සහන් අදීශ අප්පුහාමි 2/39,
  • BRC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 99 (53.0) රිසිර වීරසූරිය 25, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 26, චානක කොමසාරු 2/21

BRC කණ්ඩායම තවත් ලකුණු 191ක් පිටුපසින්.

ACE Capital CC සහ Moors SC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Moors SC

  • ACE Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 252 (82.3) පවන්ත වීරසිංහ 54, රනේෂ් සිල්වා 61, රවීන් ද සිල්වා 68, ඉසිත විජේසුන්දර 23, ශිරාන් ප්‍රනාන්දු 2/57, මිලාන් රත්නායක 6/26
  • Moors SC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 336 (90.0) සොහාන් ද ලිවේරා 82, පසිඳු සූරියබණ්ඩාර 48, සිතාර ගිම්හාන් 39, රමේෂ් මෙන්ඩිස් 62, ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 33, මිලාන් රත්නායක නොදැවී 26, වනුජ සහන් 3/89, හේෂාන් හෙට්ටිආරච්චි 2/82

Moors කණඩායම ලකුණු 84ක් ඉදිරියෙන්.

මෙම තරගය සියල්ල ම හෙට (29) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<