International Masters Cricket (IMC) සංවිධානය කරන වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
පාකිස්තානයේ කටාර් නුවර National Bank ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ ඕස්ට්‍රේලියා 40s කණ්ඩායමයි. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා 40s ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා 40s ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින් තරගයෙන් තවත් පන්දු 6ක් ඉතිරි ව තිබිය දී කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගත්තා.
ඕස්ට්‍රේලියා 40s ඉනිම වෙනුවෙන් Steve Nottle ලකුණු 37ක් සහ Luke Jackson ලකුණු 34ක් ද ලබා ගන්නවා. කඩුලු දවා ගැනීමේ දී සිනෙත් විතානගේ ලකුණු 19කට කඩුලු 3ක් ලබා ගන්නා ලද අතර ඔහු තරගයේ දක්ෂත ම පන්දු යවන්නා සම්මානය දිනා ගන්නවා.
ශ්‍රී ලංකා 40s ඉනිම වෙනුවෙන් මංජුල ගුරුගේ පන්දු 17කදී ලකුණු 35ක් ලබා ගන්නා ලද අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා. ඔහුට අමතර ව උදය කුමාර නොදැවී ලකුණු 27ක් ලබා ගන්නවා.
- බංග්ලාදේශය සහ පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී
- දියාරු පිතිකරණය නිසා ශ්‍රී ලංකාව දරුණු පරාජයක්!
- පළාත් ක්‍රීඩකයන් 80කගේ යොවුන් අරගලය
- තෙවැනි කොටසේ ශූරතාව තිඹිරිගස්කටුවට
- ගියවර ශූරයෝ මෙවර Bowl ශූරතාවට හිමිකම් කියයි
මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 12ක් සහභාගී වීමට නියමිතයි.
A කාණ්ඩය
පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, හොංකොං, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය
B කාණ්ඩය
ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, Rest Of Gulf සහ Rest Of the World
අද ආරම්භ වූ තරගාවලිය දෙසැම්බර් මස 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු වටයේ තරග මේ මස 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඉන් අනතුරු ව නොවැම්බර් 29 සහ 30 වැනි දිනවල දී අවසන් පූර්ව වටයේ තරග සහ Play-Off තරග ද සහ දෙසැම්බර් මස 01 වැනිදා අවසන් මහා තරගයට ද පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා 40s කණ්ඩායම සහභාගී වෙන ඉදිරි තරග කාලසටහන
- නොවැම්බර් 23 – ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර තරගය National Bank ක්‍රීඩාංගණයේ දී.
- නොවැම්බර් 24 – ශ්‍රී ලංකාව සහ Rest of World අතර තරගය Southend ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී.
- නොවැම්බර් 26 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර Southend ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී.
- නොවැම්බර් 27 – ශ්‍රී ලංකාව සහ Rest of Gulf අතර තරගය DHA ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී.

ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම
මාලන් ප්‍රනාන්දු (නායක), සුනෙත් සම්පත් (උප නායක), රුවන් ප්‍රේමතිලක, හංස විජයසුන්දර, රජීව් නිර්මලසිංහම්, දසිස් ඉෂාන්තමාල්, මංජුල ගුරුගේ, සිනෙත් විතානගේ, හිරාන් කුලරත්න, උජිත සේපාල, ලංකා රොද්‍රිගෝ, මොහාන් වික්‍රමසිංහ, චමින්ද පතිරත්න, අංජන මහවත්තෙ, ඉෂාර ඉන්දුල, උදය කුමාර.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















