බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක හට හිමි වී ඇති අතර, මෙම සංචිතයට සදීර සමරවික්‍රම, ඩිල්ශාන් මදුශංක සහ මිලාන් රත්නායක කැඳවා තිබෙනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකා සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, මිලාන් රත්නායක, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, එශාන් මාලිංග
සංචිතයට නම් කළත් මිලාන් රත්නායකට ඇති වී ඇති ආබාධ තත්ව සුව වී ඇත්නම් පමණක් ඔහු තරගාවලියට සහභාගී වනු ඇති.
තරගාවලිය එළඹෙන ජුලි මස 02, 05 සහ 08 යන දිනවල දී ක්‍රියාත්මක වීමට නියමිතයි.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<