Major Club එක්දින තරගාවලිය 27 දා සිට

Major Club Limited 50 Over Tournament – 2025

471

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට එළැඹෙන ජූලි මස 29 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතයි. 

කාණ්ඩ 2ක යටතේ එක් වෙන මෙම තරගාවලිය සඳහා එක් කාණ්ඩයකට කණ්ඩායම් 7ක් ඇතුලත් අතර පළමු වටයේ දී එක් එක් කාණ්ඩායම් අනෙකුත් කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි.  

මෙවර තරගාවලිය සඳහා පසුගිය වසරේ ශූරයන් වූ ACE Capital CC කණ්ඩායම A කාණ්ඩයෙන් මෙවර තරගාවලියට එක් වීමට නියමිත අතර පසුගිය වසරේ අනුශූරයන් වූ CCC කණ්ඩායම B කාණ්ඩයෙන් තරගාවලියට එක් වීමට නියමිතයි.  

A කාණ්ඩය –  

ACE Capital CC, NCC, Baduraliya CC, Tamil Union C & AC, Chilaw MCC, Police SC සහ Panadura SC 

 

B කාණ්ඩය –  

CCC, Moors SC, BRC, Colts CC, Nugegoda S & WC, Bloomfield C & AC සහ Kurunegala YCC 

තරගාවලියේ පළමු වටයේ තරග ජුලි මස 21 වැනිදා අවසන් වන අතර ඒ අනුව සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන ද්විත්වයට පත් කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර එම තරග ජුලි මස 25 වැනිදා පැවැත්වේ.  

අවසන් පූර්ව වටයේ දී ජයග්‍රහණය කරන කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වෙන අවසන් මහා තරගය ජුලි මස 29 වැනිදා පැවැත්වෙන අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙන්නේ නම් එය ඊට පසුදාට, එනම් ජුලි මස 30 වැනිදා දක්වා දික් කිරීමට ද සංවිධායකයෝ බලාපොරොත්තු වෙනවා.  

තරගාවලියේ කාල සටහන 

Date  Host  Opponent  Venue 
27th June 2025  ACE Capital CC  Tamil Union C & AC  P. Sara Oval 
   Chilaw MCC  Baduraliya CC  NCC 
   Police SC  NCC  Police 
   Colts CC  CCC  Colts 
   Nugegoda S & WC  BRC  BRC 
   Moors SC  Bloomfield C & AC  Moors 
1st July 2025  Baduraliya CC  ACE Capital CC  Surrey Village 
   Tamil Union C & AC  NCC  P. Sara Oval 
   Police SC  Panadura SC  Police 
   BRC  CCC  BRC 
   Moors SC  Colts CC  Moors 
   Bloomfield C & AC  Kurunegala YCC  Colts 
5th July 2025  NCC  ACE Capital CC  NCC 
   Tamil Union C & AC  Panadura SC  P. Sara Oval 
   Chilaw MCC  Police SC  SSC 
   CCC  Moors SC  CCC 
   Colts CC  Kurunegala YCC  Colts 
   Bloomfield C & AC  Nugegoda S & WC  Bloomfield 
8th July 2025  Panadura SC  NCC  Panadura UCG  
9th July 2025  Baduraliya CC  Police SC  Surrey Village 
   Chilaw MCC  Tamil Union C & AC  NCC 
   Kurunegala YCC  Moors SC  Welagedara 
   Bloomfield C & AC  BRC  Bloomfield 
   Nugegoda S & WC  Colts CC  Colts 
13th July 2025  NCC  Chilaw MCC  NCC 
   Tamil Union C & AC  Baduraliya CC  P. Sara Oval 
   CCC  Kurunegala YCC  CCC 
   Moors SC  Nugegoda S & WC  Moors 
   BRC  Colts CC  BRC 
   Panadura SC  ACE Capital CC  Panadura UCG 
           
17th July 2025  ACE Capital CC  Police SC  Police 
   Panadura SC  Chilaw MCC  Panadura UCG 
   NCC  Baduraliya CC  NCC 
   CCC  Bloomfield C & AC  CCC 
   Kurunegala YCC  Nugegoda S & WC  Welagedara 
   BRC  Moors SC  BRC 
21st July 2025  ACE Capital CC  Chilaw MCC  Thurstan 
   Police SC  Tamil Union C & AC  Police 
   Baduraliya CC  Panadura SC  Surrey Village 
   Nugegoda S & WC  CCC  CCC 
   Colts CC  Bloomfield C & AC  Colts 
   Kurunegala YCC  BRC  Welagedara 
           
       
       
25th July 2025  A 1  B2    
   B1  A2    
       
       
29th July 2025  Winner -Semi 1  Winner -Semi 2    
30th July 2025  Rain Reserve Day    

 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<