යසිරු, කවිඳු සහ චන්දූප ශතක ලබා ගනී

4
Big Match 2025

වාර්ෂික මහා ක්‍රිකට් තරග වසන්තයේ තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී අවසන් වූ අතර ඒ අතුරින් රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ යසිරු ලක්ශාන්, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කවිඳු විමලසූරිය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර චන්දූප වඩුගේ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

1st War of Champions

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති “ශූරයන්ගේ සංග්‍රාමය” මංගල වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ද ජයග්‍රහණය ලබා ගැනීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වෙනවා.

ඒ අනුව ඔවුන් පැවැති දෙදින තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් සේ ම එක්දින සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 33ක ද ජයග්‍රහණය ලබා ගනිමින් ශූරයන්ගේ සංග්‍රාම කුසලාන ද්විත්වය ම තමන් සන්තක කර ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී සුමංගල විද්‍යාලය – සියලුම දෙනා දැවී 210 (43.2) තරුන් දම්සිත් 31, රන්සර දේශාන් 37, චමත්ක කවිශාන් 23, සුරන් හිරුෂ 25, අශේන් රසිඳු 3/27, සඳරු ලක්ශාන් 2/41, ලසංග ද සිල්වා 3/22

 

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 178 (48.1) සුපුන් සුදීර 42, කුලිඳු දේශාන් 30, අශේන් රසිඳු 27, විහඟ කාව්‍ය 26, ලසංග ද සිල්වා 24, තරුන් දම්සිත් 2/33, සංජන නෙතුපුල් 2/23, රන්සර දේශාන් 2/31, ශානුක දෙනුවන් 2/28

ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 33ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – චමුදු දනංජය (ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සංජන නෙතුපුල් (ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – සුපුන් සුදීර (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ වීරයා – රන්සර දේශාන් (ශ්‍රී සුමංගල විද්‍යාලය)

5th Battle Of The Kingdoms

පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය 5 වැනි වරටත් පැවැති රාජධානී සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 130ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සමත් වුනා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නායක කවිඳු විමලසූරිය පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 124ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (98.5) නිර්මාල් තිලකසිරි 57, රශ්මික අඹේපිටිය 34, කවිඳු විමලසූරිය 124, අංජන සුදේශ් 64, දහම් මාරසිංහ 28, ජිනජිත් දුල්මික 6/76, සචින් පන්ඩුවාවල 2/37

 

රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 123 (58.4) හසිරු දන්දෙණිය 20, මලීෂ ගුරුසිංහ 38, ජිනජිත් දුල්මික 21, කවිදු විමලසූරිය 5/19, නිර්මාල් තිලකසිරි 2/50, දහම් සෙනෙවිරත්න 2/31

 

රාජකීය විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 83 (53.4) ජිනජිත් දුල්මික 38, නිර්මාල් තිලකසිරි 4/23, දහම් සෙනෙවිරත්න 5/19

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 130ක ජයක්

60th Battle of the Babes

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර 60 වැනි වරටත් පැවැති සුරතලුන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට විසඳුමකින් තොරව පසුගියදා නිමා වූවා.

මෙම තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් චන්දූප වඩුගේ පන්දු 151කට මුහුණ දෙමින් හතෙර් පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව 

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 221 (86.0) පියුමක කරුණාරත්න 39, චන්දූප වඩුගේ නොදැවී 104, විදුසර ගනේගොඩ 27, නිම්සර හෙට්ටිආරච්චි 5/51

 

විද්‍යාර්ථ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 198 (81.1) මනුත් මින්දිය 20, පුබුදු තාරක 27, අනුහස් රණවීර 43, නිම්සර හෙට්ටිආරච්චි නොදැවී 52, නිමේෂ සිල්වා 3/56, අමිත් කුමාර 3/51

 

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 77 (17.0) යශිත ඉසුරංග නොදැවී 50

තරගයේ විසඳුමක් නෑ.

4th  Battle of the Warriors

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය අතර සිව් වැනි වරටත් පැවැත්වෙන රණ ශූරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් රණ ශූරයන්ගේ සටන් ඉතිහාසයේ මංගල ජයග්‍රහණය වාර්තා කිරීමට දේවපතිරාජ විද්‍යාලය සමත් වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී දේවපතිරාජ විද්‍යාලයේ යසිරු ලක්ශාන් පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 153ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පී. ද එස්. කුලරත්න විද්‍යාලය – පළමු ඉනිම කඩුලු සියලුම දෙනා දැවී 189 (78.0) භානු අනුත්තර 24, සසිඳු කෞශාන් 55, ලකිඳු තිහංස 28, ගිම්හාන් රසාංජන 5/68, ඔශේන් කල්හාර 4/27

 

දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 297 (75.3) දර්ශක සංදීප 26, යසිරු ලක්ශාන් 153, මතීෂ සාරංග 26, පිංසර දුතාංග 23, ජනිඳු චාමික 2/57, ගිම්හාන හිම්සර 2/31, යසිරු සඳරුවන් 3/66

 

පී. ද එස්. කුලරත්න විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 162 (66.5) යසිරු අභිශේක් 95, සසිඳු කෞෂාන් 21, සඳරු මල්ශාන් 2/48, ගිම්හාන් රසාංජන 2/44, පුල්ජිත් වත්සුක 2/08

 

දේවපතිරාජ විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 53 (13.4) චමිඳු පද්මික් නොදැවී 20, ජනිඳු චාමික 2/26

දේපතිරාජ විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<