අර්ජුන රණතුංග පුහුණුකරුවෙකු ලෙස ප්‍රවීණයින්ගේ ක්‍රිකට් ලීගයට

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

4936
Arjuna Ranatunga

96 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය වූ නායකයා වන අර්ජුන රණතුංග ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන Asia Lions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඔහුට මනා සහයක් වෙමින් කණ්ඩායමේ දක්ෂතා තවත් වැඩි දියුණු කරන්නට සහය පුහුණුකරුවෙකු ලෙස Mario Villavarayan කටයුතු කරනු ඇත.

තරගාවලිය සඳහා සහභාගී වන ප්‍රවීණ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන TM ඩිල්ෂාන්, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග සහ නුවන් කුලසේකර මේ වන විටත් තරගාවලිය පැවැත්වීමට නියමිත ඕමානයට ගොස් අවසන්.

තරගාවලිය එළඹෙන 20 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය සඳහා සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුවන තවත් ප්‍රවීණ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන සනත් ජයසූරිය, අජන්ත මෙන්ඩිස්  සහ ඩිල්හාර ප්‍රනාන්දු එළඹෙන 19 වැනිදා ඕමානය බලා පිටත්ව යෑමට නියමිතයි.

හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයෙකු වන Misbah-ul-Haq සංචිතයේ නායකත්වය දරණ අතර ඔවුන් සහභාගී වන පළමු පුහුණු සැසිය හෙට (18) පැවැත්වීමට නියමිතයි.

Asia Lions සංචිතය: Shoaib Akhtar, Shahid Afridi, Sanath Jayasuriya, Muttiah Muralitharan, Kamran Akmal, Chaminda Vaas, Romesh Kaluwitharana, Tillakaratne Dilshan, Azhar Mahmood, Upul Tharanga, Misbah-ul-Haq, Mohammed Hafeez, Shoaib Malik, Mohammed Yousuf, Umar Gul, Asghar Afghan, Nuwan Kulasekara, Ajantha Mendis, Dilhara Fernando

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන

  • ජනවාරි 20, 2022: India Maharajas vs Asia Lions
  • ජනවාරි 21, 2022: World Giants vs Asia Lions
  • ජනවාරි 22, 2022: World Giants vs India Maharajas
  • ජනවාරි 23, 2022: Rest Day
  • ජනවාරි 24, 2022: Asia Lions vs India Maharajas
  • ජනවාරි 25, 2022: Rest Day
  • ජනවාරි 26, 2022: India Maharajas vs World Giants
  • ජනවාරි 27, 2022: Asia Lions vs World Giants
  • ජනවාරි 28, 2022: විවේක දිනය
  • January 29,2022: අවසන් මහා තරගය

*තරග සියල්ල ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<