ජාතික ක්‍රීඩා දිනය ජූලි 31ක් වැනිදා

125

මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා දිනය ලෙස ජූලි මස 31 වැනිදා නම් කිරීමට තීරණය කළ බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳව දැනුම් දෙමින් Twitter සටහනක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කළ එම දිනය ඩන්කන් වයිට් විසින් මෙරටට පළමු ඔලිම්පික් පදක්කම දිනා දීමට සමත් වූ දිනය සංකේතවත් කිරීමට යෝජනා කළ බවයි.

“අද සිට ජූලි 31 වැනි දිනය ජාතික ක්‍රීඩා දිනය ලෙස පිළිගැනේ. ඩන්කන් වයිට් විසින් මෙරට මුල්ම ඔලිම්පික් පදක්කම දිනා ගත් දිනය සංකේතවත් කිරීමට එම දිනය යෝජනා කළා. එම දිනය ක්‍රීඩකයන්ට පමණක් නෙවෙයි, සෑමකෙනෙකුටම පිටතට ගොස් ක්‍රීඩාවේ සැබෑ හැඟීම සැමරීමේ දිනයක්” යැයි එහි සඳහන්ව තිබුණා.

1948 වසරේ ජූලි 31 වැනිදා ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කළ ඩන්කන් වයිට් එම තරගය තත්පර 51.1ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කරමින් මුල්ම ඔලිම්පික් පදක්කම මෙරටට දිනා දීමට සමත් වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<